ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 152,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, 152, 428දෙනෙකු ආසාදිත තත්වයේ පසුවන අතර, 5,393දෙනෙකු මිය ගොසිනි.
ලෝකයේ රටවල් 141කට වයිරසය ව්‍යාප්තව ගොස් තිබේ.
චීනයේ 81, 048දෙනෙකු ආසාදිතයන් වශයෙන් වාර්තා වන අතර, නව ආසාදිතයන් ගණන තවදුරටත් අඩුවෙමින් පවතී.
චීනයෙන් පසු කොරෝනා වයිරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉතාලියයි. පසුගිය පැය 24ක කාලය තුළ නව ආසාදිතයන් 3,000ක් හඳුනාගැනීමත් සමඟ ඉතාලියේ 21, 157දෙනෙක් ආසාදිතයන් බවට පත්ව සිටිති.
ඉන්පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ඉරානයෙනි. ඉරානයේ 12,700දෙනෙකුට වයිරසය වැළඳී තිබේ.
(සීඑන්එන්)
16844
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 152,000 ඉක්මවයි
de silva Sunday, 15 March 2020 01:44 PM
ඔය කියන අාසාධිතයින්ගෙන් කීදෙනෙකු දැනට සුව වෙලා තිබෙනවද?