‘‘මම හිතුවේ හෝටලය කඩාවැටුණා කියලයි‘‘ ‘‘එකවරම පිපිරුම් සද්දයක් ආවා, ඒත් එක්කම හෝටලය කඩා වැටෙනවා වගේ අපට දැනුනා‘‘ යැයි කොළඹ කිංස්බරි හෝටලයේ අද (21) සිදුවූ බෝම්බ පිපිරුම හසුව සුළු තුවාල ලැබූ එම හෝටලයේ සේවයේ නියුතු එරන්ද ප්‍රසාද් මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලංකාදීපයට පැවසීය. 21 April 2019
තොරතුරු සැපයීමට විශේෂ මෙහෙයුම් මැදිරි 3ක් මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි තුනක් ස්ථාපිත කර තිබේ. 21 April 2019
‘රුධිර හිඟයක් නැහැ’ රට තුළ මේ වන විට රුධිර හිඟයක් නොමැති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. 21 April 2019
පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකකෙරේ කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට පොලිසිය සැකකරයි. 21 April 2019
ශුද්ධෝත්තම පාප්වහන්සේ බෝම්බ ප්‍රහාරය හෙළා දකිති ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන හතරකට සහ හෝටල් හතරකට එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළා දකින බව අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ අද (21) ප්‍රකාශ කළහ. 21 April 2019
පිපිරීම සම්බන්ධයෙන් ලෝක නායකයෝ කනගාටුව පළකරති දිවයිනේ ස්ථාන කිහිපයක අද (21) සිදු වූ බෝම්බ ප්‍රහාර හෙළා දකිමින් ලෝක නායකයෝ රැසක් සිය කනගාටුව පළ කළහ. 21 April 2019
තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප්‍රතිකාර ලබාදීමට පෞද්ගලික රෝහල් සංගමය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. 21 April 2019
‘අනාරක්ෂිත බවින් රට මුදාගැනීමේ වගකීම රජය සතුයි’ රටේ ඇතිවෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය ඉටු කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 21 April 2019
විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දමයි රට තුළ සිදුවූ පිපිරීම් ගණනාවක් සමග උද්ගත වී ඇති තත්ත්වය සළකා බලා සියලූ රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය. 21 April 2019
මෙහෙයුම් අතරතුර දෙමටගොඩදී පොලිස් නිලධාරීන් 3 ක් මරුට දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වු පිපිරීමත් සමඟ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 21 April 2019
දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමයි දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව එහි පාලනාධිකාරිය පවසයි. 21 April 2019
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල නැරඹීම තාවකාලිකව අත්හිටුවයි රට තුළ උද්ගතව ඇති අර් බුධකාරි තත්ත්වය හමුවේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල නැරඹීම තාවකාලිකව නවතා ඇතැයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය නිවේදනය කරයි. 21 April 2019
‘ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙනවා’ ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු ඊට වගකිව යුකු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද(21) පැවසීය. 21 April 2019
දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 21 April 2019
‘මගීන් බස්සවා බස්රථ නැවතුම්පළවලට ඇතුළුකරගන්න’ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ ඇතුළු ලංගම බස්නැවතුම්පොළ සඳහා මගීන් රැගෙන එන ලංගම බස්රථවල මගීන් බස්සවා බස්රථය ඇතුළු කරගන්නා ලෙස රියදුරු හා කොන්දොස්තරවරුන්ට දැනුම් දුන් බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්. එම්. චන්ද්‍රසිරි මහතා පවසයි. 21 April 2019
මේ මොහොතේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි අද උදෑසන ඇති වු පිපිරීම් සමඟ රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. 21 April 2019
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අනිද්දා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සඳහන් කරයි. 21 April 2019
දෙමටගොඩත් නිවසක පිපිරීමක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයක පිපිරීමක් සිදු වී ඇතැයි පොලීසිය කියයි. 21 April 2019
ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ තීරණය කර තිබේ. 21 April 2019
දළදා මාළිඟාවේ ආරක්ෂාව තර කෙරේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 21 April 2019
දෙහිවල තවත් පිපිරීමක් දෙහිවල සත්වෝද්‍යානය අසළ හෝටලයකද තවත් පිපිරිමක් සිදුව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වේ. 21 April 2019
සියලු පාස්කු දේව මෙහෙය අවලංගු කරයි රටපුරා අද පස්වරුවේ සංවිධානය කර තිබූ සියලු පාස්කු උත්සව අවලංගු කර ඇති බව අගරදගුරු නිල නිවස නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. 21 April 2019
ෂැන්ග්‍රිලා ප්‍රහාරයෙන් ශාන්තාත් සමුගනී අද(21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ. 21 April 2019
සියලු පාසල් දින දෙකක් වසා දමයි ස්ථාන කිහිපයක අද ඇතිවූ පිපිරීම් හේතුවෙන් හෙට (22) සහ අනිද්දා (23) දෙදින දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය තර ඇත. 21 April 2019
බස්රථ - දුම්රියවල පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතයි සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්සල් බාරගැනීම ද නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 21 April 2019
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 21 April 2019
පූගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . 21 April 2019
ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . 21 April 2019
අකුණු - වර්ෂාව නිසා ගුවන් යානයක් මත්තලට හරවා යවයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි, දැඩි අකුණු ගැසීම් සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ . 20 April 2019
ආහාර විෂ වීමකින් 42ක් රෝහලට නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, ලක්ෂපාන කොටසේ පදිංචි කුඩා ළමයින් ඇතුලු 42 දෙනෙක් ඊයේ (19) රාත්‍රී ආහාර විෂ විමක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. 20 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026