මීගමුව නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාව (27) අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මීගමුව ගුවන් හමුදා නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුව මීගමුව පොලිසියට බාරදුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා පැවසීය. 27 April 2019
පොලිස්පති යන්න බෑ කියයි පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව එවන ලද බුද්ධි තොරතුරු නිසිපරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබිණ. එහෙත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලයේ ඉහළම ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. 27 April 2019
මව්ලව් - නාගරික මන්ත්‍රී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියකින් කඩු 47ක් සොයා ගැනීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගත් මොහොමඩ් ගවුස් මොහොමඩ් පාහිම් නැමැති මවුලවිවරයා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන නුර්දි මොහොමඩ් තාජුඩින් දෙදෙනාම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ. 27 April 2019
පල්ලිය පිටුපස ජංගම දුරකතන ගිනිතැබූ තිදෙනෙක් සැකපිට අල්ලයි පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකළ සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසයි. 27 April 2019
රාත්‍රී 10 සිට අදත් ඇඳිරි නීතිය අද (27 රාත්‍රී 10 සිට හෙට (28) අළුයම 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශක-පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි 27 April 2019
හිස් ඉඩමක තිබූ සැකකටයුතු පෝර බෑගයකින් අවි ඇතුළු උණ්ඩ රැසක් මීගමුව පොලිස් වසමේ තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේ පාවුලු පාප් මාවතේ හිස් ඉඩමක් කම්කරුවෙකු විසින් පිරිසිදු කරනා අවස්ථාවේදි සැක කටයුතු පෝර උරයක් දැක ඒ සම්බන්ධව අද (27) නීතීය බලගැන්වීමේ ඒකකයේ පොලිස් නිලධාරින් දැනුවත් කර ඇත. 27 April 2019
මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී අම්පාරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා භාවිතා කරනු ලබන යකඩ බෝල සවිකළ තහඩුවක් සොයාගෙන තිබේ. 27 April 2019
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය අයෙකු නාවික හමුදා අත්අඩංගුවට ත්‍රිකුණාමලය උතුර නාවික බල ප්‍රදේශයට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේදි පුද්ගලයෙක් රැගෙන යමින් සිටි වොටර් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගයක් අද (27) අලුයම අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්විය. මෙම පුද්ගලයා සතුව තිබී වොටර් ජෙල් කරල් 16ක් හා ඩෙටනේටර් 160ක් සේවා නූල් අඩි 12 1/2ක් සමග මෙම පුද්ගලයා නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. 27 April 2019
‘සයින්දමර්දු ගැටුම්වලින් ආරක්ෂක අංශ - පොලිස් සාමාජිකයින්ට හානියක් නැහැ’ අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඇති වු ගැටුම්වලින් ආරක්ෂක අංශයේ හා පොලිසියේ කිසිවකුට හානියක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 27 April 2019
පැය 24 ක සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 20ක් අල්ලයි දිවයින පුරා ගත වු පැය 24 තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 27 April 2019
‘ජාතියේ ආරක්ෂාව එක්ක විහිළු එපා’ කඳාන පොලිස් ස්ථානය අසල තිබී සැකකටයුතු පාර්සලයක් අද (27) පෙරවරුවේ නාවික හමුදාව බාරයට ගෙන තිබේ. 27 April 2019
දඹුල්ලේ මෙහෙයුමකින් 05ක් අත්අඩංගුවට දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ 26 දින රාත්‍රියේ සිට අද 27 අළුයම දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 27 April 2019
සයින්දමර්දු ගැටුමෙන් 16 ක් මරුට අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී ශ්‍රී ලංකා යුද හමුදාවත්, පොලිස් විශේෂ කාර්ය බලකායත් සමග ඇතිවූ ගැටුමේදී මියගිය ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ගැටුමේදී හමුදා සාමාජිකයන් කිසිවකු අනතුරට පත්වී නැති නමුත් ත්රස්තවාදීන් යයි සැකකෙරෙන පුද්ගලයන් 6 ක් සහ කාන්තාවන් 4 දෙනකුද දරුවන් 6 දෙනකුද මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි. 27 April 2019
වැල්ලවත්තෙන් අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කළ නාවික හමුදාව සී-ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. 26 April 2019
කොළඹ ප්‍රධාන ඉදිකිරීම් වල සැලසුම් පිටපත් ලඟ තබාගෙන සිටි හමුදා නිලධාරියකු රිමාන්ඩ් කලම්බු රෙසිඩන්ට් හෝටලයේ ඉදිකිරීම් සැළැස්ම ඇතුළු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් වල ඉදිකිරීම් සැළසුම් පිටපත් ලඟ තබාගෙන සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා නිලධාරියකු ලබන මස 06 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියම කළේය. 26 April 2019
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480 ක මුල්‍ය ප්‍රදානයක් ඇමෙරිකානු රජයේ මිලේනියම් චැලෙන්ජ් අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානූ ඩොලර් මිලියන 480 ක්(දළ වශයෙන් රුපියල් කෝටි 8400 ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ. 26 April 2019
පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර ඉතාලියේ දී දේව මෙහෙයක් පාස්කු දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකීකයන් පහන් දල්වා ශෝකය පල කිරිමේ දේව මෙහෙයක් පැවැත්විණි. 26 April 2019
විශ්ව විද්‍යාල - පාසල් ආරම්භය මැයි 6 රටපුරා සියලු විශ්ව විද්‍යාල සහ රජයේ පාසල් ආරම්භ කිරීම මැයි මස 6 වැනි සඳුදා දින දක්වා කල්තැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 26 April 2019
කල්මුණේ - සමන්තුරේ - චවලකඩේ ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 26 April 2019
‘වැරදිකරු දුටු තැන දඬුවම් කළා නම් යළිත් ත්රස්තවාදයක් ඇතිවන්නේ නැහැ’ වැරදිකරුවා දුටු තැන ඔහුට දඬුවම් කිරීම කළා නම් යළිත් රට තුළ විනාශකාරී අන්තවාදී ත්රස්තවාදයක් ඇතිවන්නේ නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 April 2019
දිවිසැරිය නිම කළ පොව්ල්සන්ගේ දරු තිදෙනා ඩෙන්මාර්කයට ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනා අතරින් ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් අද (26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය. 26 April 2019
‘තවත් ආගමකට, පහර දීම ඉස්ලාම් දහමට පටහැනි’ “තවත් ආගමකට, තවත් ජන කොටසකට පහර දීම” ඉස්ලාම් දහමට පටහැනි යැයි සිකුරාදා දේව මෙහෙය පවත්වමින් කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ඉක්බාල් මවුලවිතුමෝ අද (26) ප්‍රකාශ කළහ. 26 April 2019
කල්මුනේ වෙඩි හුවමාරුවක් - පිපිරීම් තුනක් කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 26 April 2019
බදුර්දීන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි සුළු කර්මාන්තකරුවන්ට දෙන සහන යටතේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අවසර පත් මඟින් ලබා ගන්නා තඹවලින් කරන නිෂ්පාදන ගැන හෝ එම නිෂ්පාදන විදේශ ගත කරන්නේ ද යන්න ගැන තම අමාත්‍යංශය සොයා නොබලන බව අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 26 April 2019
අම්පාර සමන්තුරෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සොයා ගනී අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අද (26) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇත. 26 April 2019
අද රෑ 10 සිට යළිත් ඇඳිරිනීතිය අද (26) රාත්‍රී 10 සිට හෙට (27) අලුයම 4 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. 26 April 2019
කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු දැලේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක තියුණු කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පොලිසිය සොයමින් සිටි කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 April 2019
දේවාල වලට ගොස් සීල ව්‍යාපාර පවත්වා මේ තත්ත්වයට මුහුණ දෙන්න බෑ දේවාල ගානේ ගොස් සීල ව්‍යාපාර පවත්වා ඒවායින් අනිශංස ලබාගෙන මෙවැනි ව්‍යසනකාරි තත්වයන් නිරාකරනය කර ගත නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කොළඹදී පැවසූහ. 26 April 2019
ජාත්‍යන්තර සහයද ඇතිව ත්‍රස්තවාදය විනාශ කර දමන බවට සහතික වෙනවා ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කරගෙන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය මුළු ශක්තියම යොදවා ඇතැයිද ජාත්‍යන්තරයෙන්ද ලැබෙන පුර්ණ සහයෝගය ප්‍රයෝජනයට ගෙන ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම විනාශ කර දමන බවට සහතික වන්නේයැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) පැවැසීය. 26 April 2019
සිරගත කළ බුද්ධි නිලධාරීන්ට සමාව දෙන යෝජනාවට මංගල විරුද්ධ වෙයි සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ අද (26) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 26 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026