(මුදිතා දයානන්ද)
සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් අරමුදලෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා කන්දකාඩුව, පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (18) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
කොරෝනා වෛරසය පැතිරෙන්නේ පක්ෂ පාට ජාති කුල ආගම් භේදයකින් තොරව බවද ඒ නිසා මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනා ද, සෞඛ්‍ය අංශයේ හා මේ ව්‍යසනයේ දී දායක වන අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රධානීන් ද එකතු කරගනිමින් ජාතික වැඩපිළිවෙළකට යාම බවද ඔහු පැවසීය.
එහෙත් මේ දක්වා එවැනි වැඩපිළිවෙළක් සකස් නොවු හෙයින් තම පක්ෂය ලෙස හැකි පමණින් රෝගය මර්දනය කිරිමේ වැඩපිළිවෙළට ස්වයං දායක වීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
රටේ ඇති වුණ සෑම ව්‍යසනයකදීම ජවිපෙ රතු තරුව බළකාය විපතට පත් ජනතාවට සහන සැලසූ අතර මෙවර ද අවශ්‍යතාවයක් වුවහොත් මැදිහත් වීමට ඔවුන් දැනුවත් කර ඇති බවද ඔහු පැවසීය.
එහෙත් මෙය ගංවතුරක් සුනාමියක් වැනි තත්ත්වයක් නොවන බැවින් සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතියකින් තොරව නිරෝධායන කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා දායක විමට තම සාමාජිකයන්ට නොහැකි බවද ටිල්වින් මහතා පැවසීය.
මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලත්, අයිඩීඑච් රෝහලේත් අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් පරිදි නැති බව දැන ගන්නට ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සෑම මන්ත්‍රිවරයකුගේම වැටුප බැරකර සකස් කර තිබෙන මන්ත්‍රී වැටුප් අරමුදල වැය කරමින් අවශ්‍ය කරන ද්‍රව්‍ය හැකි පමණින් ලබාදීමට ඉදිරි දින කීපය තුළ කටයුතු කරන බවද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදන්න ගෙනාපු සනීපාරක්ෂක තුවා ටිකකුත් ඉල්ලගෙන ගියා නම් හොඳයි නේද?
ඉතා හොඳයි. බොරුවට කෑ මොරදෙමින් රට ගිනි තියන්න උත්සාහ කරනවට වඩා බොහොමත්ම හොඳයි. අපේ ප්‍රණාමය...
ඉතාමත්ම කාලෝචිත, මානුෂික අදහසක්... මෙම දේශපාලන නායකයා විසින් මුළු රටටම පෙන්වා දී තිබෙනවා..! සමහරවිට ඔවුන් පිරිනමන මේ මුදල සාගරයේ ජල බිංදුවකට සමාන කල හැකි වුණත්, එය ඉතාමත්ම අගය කළයුතු සත්ක්රියාවක් බව කිව යුතුයි. මේ උදාර අදහස රටේ ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු ආදීන්ගේ හිත්වලට ඇතුළු වුණොත් රටට එමගින් විශාල සෙතක් ඇතිවෙනවා නියතයි.
අපෝ, ඔයගොල්ලන්ට ඔයිට වඩා දෙන්න පුළුවන්... හැම දෙයක්ම නොමිලෙනේ ඔය අයට ලැබෙන්නේ... බොරු නම් හඳුන්නෙත්තිගෙන් අහන්න.
අපගේ ප්‍රණාමය..!!!
අගය කළ යුතුමයි...
ස්තුතියි ඔබට...
ඉතාම හොද සත්ක්රියාවක්... සියල්ලන්ටම යහපතක්ම වේවා...!!!
අරලියගහ මන්දිරයේ දන්සැල් දාපු උදවිය මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කව්ද දන්නේ...?
ඔව්, ඔබලාට එය කරන්න පුළුවන්... ඔබලාගේ සහෝදර සාමාජිකයෙක් වරක් කීවා බාබර් කොන්ඩේ කපන එකේ සිට හැමදේම නොමිලේ ලැබෙනවයි කියලා. හැබැයි අපි දකින විදිහට නොලැබෙන්නේ ඡන්දෙ විතරයි.
දෙන්න බැරුවයැ... ඔය දීමනා වැඩිකළේ අපිට බදු ගහලනේ... ඒ කාලේ කීවද ජනතාවට බදුගහලා ඔහේලාගේ දීමනා වැඩි කරන්න එපා කියලා..? එදා කීවේ නැහැ නේද?
බල්ලෝ බුරති තවලම ඉදිරියටම... එපමණයි...