අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ් වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකතනයේ සටහන්ව තිබු සැකකටයුතු පුද්ගලයකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන අද (25) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 25 April 2019
මොරටුව බස් නැවතුමේ තිබූ සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ මොරටුව ප්‍රධාන බස් නැවතුමේ සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාකාරීව පුපුරුවා හැරීමට කටයුතු කළ බව මොරටුව පොලිසිය කියයි. 25 April 2019
පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැක කටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. 25 April 2019
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට කල්පිටිය එත්තාලේ තිහලිය ප්‍රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු 13 දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 25 April 2019
බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත. 25 April 2019
ප්‍රහාරවලින් මියගියේ 253 යි - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් බවත් 359 දෙනෙකු මිය ගොස් නැති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 April 2019
ජුම්මා යාඥාව නොපවත්වන්නැයි ඉල්ලීමක් මේ වන විට රට තුළ පවතින ආරක්ෂිත තත්වය සැළකිල්ලට ගෙන හෙට (26) දිනයේ මුස්ලිම් පල්ලිවල සාමුහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වැළකී සිටින්නැයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා ඉල්ලීමක් කර තිබේ. 25 April 2019
බලංගොඩින් අත්අඩංගුවට ගත් තරුණයා රඳවා ප්‍රශ්න කරන්න නියෝග පාර්ලිමේන්තුවට ඇතුළු විමේ බලපත්‍ර සහ ජිව උණ්ඩ සමඟ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (25) බලන්ගොඩ පොලිසිය වෙත අවසර ලබා දුන්නේය. 25 April 2019
ජාතික ආරක්ෂාව භාර ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි ජාතික ආරක්ෂක කවුන්සිලය ප්රමුඛ ජාතික ආරක්ෂාව භාර ආයතන බිඳ වැටී ඇති බැවින් වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (25) පැවැති සර්ව පාක්ෂික සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ. 25 April 2019
අගමැති විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකලේ නම් ඒ සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්යංශයටයට අද (25) නියෝග කළේය. 25 April 2019
‘ඇමෙරිකාව එන්නේ සහය දෙන මුවාවෙන් ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි’ ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණවිරුවන් ශක්තිමත් කර එම අන්තවාදය මැඞීමට රජය පියවර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. 25 April 2019
ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. 25 April 2019
බුර්කාව ඉවත් කරගන්නැයි ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලයි රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරයි. 25 April 2019
සැකකරුවන් හඳුනාගැනීමට සීඅයිඩීය මහජන සහය පතයි පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2019
මුස්ලිම් අන්තවාදීන්ගෙන් රට මුදා ගැනීමට ඇමැති පාඨලීගෙන් යෝජනා 10ක් රට මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට නම් ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, නිකාබ් හා බුර්කාව පැළඳීම තහනම් කිරීමත් වහාම කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 25 April 2019
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට කැබිනට් ඇමැතිවරයෙක් පත්කරන්න’යි යෝජනාවක් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු ලෙස තිබිය යුතු බව රජය දැඩි ස්ථාවරයක සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 25 April 2019
රෑ 10 සිට යළිත් ඇදිනීතිය අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 25 April 2019
රයන් යළි රිමාන්ඩ් කේරල ගංජා ළඟ තබා ගෙන පලා යාම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කළ නලු රයන් වැන්රොයන් මහතා මැයි 2 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය. 25 April 2019
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා විභාගය කල්යයි රටේ පවතින තත්වය හේතුවෙන් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය - 2018 නැවත දැනුම්දෙන තුරු කල්දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 25 April 2019
පොලිස් ලොක්කන් රැසකට මාරුවීම් රටේ ඇතිවූ හා ඉදිරියට ඇතිවිය හැකි අනාරක්ෂිත තත්වය හා ජාතික ආරක්ෂාවට බලපාන තර්ජන සළකා පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කළ බව ජාතික පොලිස් කොමිසම කියයි. 25 April 2019
පාසල්වල ආරක්ෂක කමිටුවක් පිහිටවන්න’යි දැනුම්දෙයි රටපුරා පාසල්වල ආරක්ෂාව දැඩි කිරීම සඳහා සෑම පාසලකම ආරක්ෂක කමිටුවක් පිහිටුවා ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. 25 April 2019
ප්‍රහාර එල්ල වූ සැණින් ජනාධිපති ලංකාවට නොපැණියේ මන්දැයි පසුපෙළ මන්ත්‍රීවරු අසති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති , ආරක්ෂක ,නීතීය හා සාමය පිළිබඳ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කඩිනමින් මෙරටට නොපැමිණියේ මන්දැයි ආණුඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමට තීරණය කර ඇත. 25 April 2019
බුද්ධි තොරතුරු ඉහළ සිට පහළට ගැලුවා විතරයි කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවට අප්‍රේල් 4 වැනිදා තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ගේ සිට ඊළඟ නිලධාරීයා දක්වා තොරතුරු යොමු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වේ. 25 April 2019
එක්සත් ජාතීන්ගේ මහලේකම් ශෝකය පළකරයි පාස්කු ඉරිදා දිනයේදී කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකදී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ පිරිසට ශෝකය සහ කනගාටුව පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ඇමෙරිකා නිව්යෝක් නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණ එහි තිබෙන විශේෂ සටහන් පොතේ සටහනක් ලියා තැබුවේය. 25 April 2019
ගව ඝාතකාගාරයක වළකට වැටී නගර සභා සේවකයෝ 4 ක් මරුට වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට වැටී නගර සභා සේවකයින් සිව් දෙනෙකු අද (25) මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි. 25 April 2019
‘ත්‍රස්ත ප්රහාරකින් මියගිය මොහොමඩ් ඊබ්‍රහිම් දේපළ ඥාතීන්ට පවරලා‘ පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්රහාරකින් මිය ගිය මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා සති කිහිපයකට පෙර තමන්ට ඇති සියලූ දේපළ දරුවන්ට හා සොහොයුරන්ට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැදවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ. 25 April 2019
අධිවේගී මාර්ග රථවාහන පාලකවරයා රඳවා ප්‍රශ්න කරන්න අවසර කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ රථවාහන අංශ පාලකවරයා දින තුනක කාලයක් බණ්ඩාරගම පොලීසිය තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා බණ්ඩාරගම පොලීසියට අද (25) අවසර ලබා දුන්නේය. 25 April 2019
ඛනිජතෙල් සංස්ථාවේදී පුද්ගලයකුට පහර දුන්නැයි සිද්ධියේ නඩුවෙන් අර්ජුන නිදහස් ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ඇතුළු ව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිතිපතී උපදෙස් ප්‍රකාරව එම සිද්ධියෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) නියෝග කළාය. 25 April 2019
හමුදා ඇඳුම් පිළිස්සූ තිදෙනෙක් අත්අඩංගුවට මහියංගන පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ අද (25) අලුයම 4.00 සිට මහියංගන පොලිසිය හා යුදහමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමේදි නිවසක් පිටුපස යුදහමුදා නිළ ඇදුමක් පුළුස්සමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා බලපත්‍ර රහිතව වෙඩි බෙහෙත් නූල් ළඟ තබාගත් පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි. 25 April 2019
බේරුවල නිවසින් අත්අඩංගුවට ගත් 5 දෙනා රඳවා ප්‍රශ්න කිරිමට නියෝග බේරුවල කංකානම්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් තව්හීත් ජමාත් සංවිධානයේ බවට සැකකරන අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය. 25 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026