‘ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’ ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි. 24 April 2019
පාසලක් ඉදිරිපිට තිබූ ජීව අත්බෝම්බයක් නිශ්ක්‍රීය කෙරේ දොරමඩලාව විහාරස්ථානයට යන මාර්ගයේ ගෝනෑව සිරි දේවමිත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජීව අත් බෝම්බයක් තිබී අද(24) සොයාගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 24 April 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 April 2019
ඌව පළාතෙන් සැකපිට 54ක් අත්අඩංගුවට වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ හා බදුල්ල යන ප්‍රදේශවල පොලිසිය හා ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී සැකපිට පුද්ගලයන් 54 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය. 24 April 2019
ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි චීනය කියයි පවතින වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දී තිබේ. 24 April 2019
මුවහත් කළ කඩු දෙකක් සමඟ පුද්ගලයෙක් අල්ලයි දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ නිවසක තියුණු ලෙස මුවහත් කළ කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. 24 April 2019
සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හැරේ වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාශාලාව සමීපයේ නවතා තිබූ සැක කටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුපුරවා හැර තිබේ. 24 April 2019
හදිසි නීති පාර්ලිමේන්තු විවාදය අද රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්වේ. 24 April 2019
බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ 18ක් අත්අඩංගුවට බෝම්බ පිපිරීම් සිද්ධීවලින් පසුව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පිපිරිම්වලට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 April 2019
මධූෂ්ගේ සගයා බදුර්දීන් මොහොමඩ් ශ්‍රී ලංකාවට එවයි මාකඳූරේ මධූෂ් විසින් ඩුබායි හි සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි තවත් පුද්ගලයකු අද (24) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 24 April 2019
පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට ඉකුත් පාස්කු ඉරිදා (21) දිවයිනේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 24 April 2019
ඇඳිරි නීතිය තිබියදී දුම්රියකට ගල් ප්‍රහාරයක් - රියදුරු රෝහලේ ගාල්ල දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියකට උණණ ප්‍රදේශයේදී එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් එහි රියදුරු තුවාල ලබා බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 24 April 2019
පිපිරීම් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ඉකුත් ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වරකාපොළදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. 24 April 2019
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් 45 ක් මරුට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල කුඩා දරුවන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අද (23) නිවේදනය කළේය. 23 April 2019
සැකකටයුතු පුද්ගලයන් - වාහන පිළිබඳව දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක් ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. 23 April 2019
දර්ගානගරයෙන් තව්හීත් ජමාත් සංවිධානයේ යැයි සැකකෙරෙන 6 ක් අත්අඩංගුවට අලුත්ගම දර්ගානගරය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක සාකච්ඡාවක නිරතව සිටි තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු අලුත්ගම පොලිසිය අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. 23 April 2019
පිපිරීම්වලින් විදේශිකයින් 48 දෙනෙකු මරුට කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 48 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (23) රාත්‍රීයේ නිවේදනය කළේය. 23 April 2019
තව්හීත් ජමාත් සංවිධානයේ යැයි සැකකෙරෙන 5 ක් අත්අඩංගුවට තව්හීත් ජමාත් සංවිධානයේ බවට සැකකෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු බේරුවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 April 2019
ජනපති ජාතිය අමතයි ගෙවී ගිය පැය 48ක කාලය තුළ අප විසින් ලැබූ අත්දැකීම ඉතාමත් වේදනාකාරී වුත් ඉතාමත්ම ශෝකජනක වූත් ඉතාම අවසනාවන්ත අවස්ථාවක් බව මා මෙන්ම ඔබ ද පිළිගන්නවා. අද මම මේ කතා කරන අවස්ථාව ජාතික ශෝක දිනයක්. මුළු ජාතියේම ශෝකය පළ කිරීම සඳහා අප අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 23 April 2019
වෙසක් උත්සවය නතර නොකරන බව බුද්ධශාසන ඇමැති කියයි රටේ පවතින වාතාවරණය හමුවේ වෙසක් උත්සවය පැවැත්වීම කිසි ලෙසකින්වත් නතර නොකරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය. 23 April 2019
ජලයට වස මුසු කළැයි බොරු කී සැකකරුවන් 6වැනිදා තෙක් රිමාන්ඩ් කිඹුලාඇළ මුස්ලිම් පල්ලියේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ජලයට වස මිශ්‍ර වී ඇති බවට ප්‍රකාශයක් කර මහජන කැළඹීමක් ඇතිකළැයි කියන සිද්ධියකට අදාළව බ්ලූමැන්ඩල් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජි සිල්වා මහත්මිය අද (23) නියෝග කළාය. 23 April 2019
‘රාජ්‍ය ආරක්ෂාව ගැන ප්‍රශ්න ඇතිවෙලා’ රාජ්‍ය බුද්ධි තොරතුරු ඉතා නිවැරදි බවත් බුද්ධි අංශ නිලධාරීන් රඳවා ගැනීම් හා ප්‍රශ්න කිරීම් හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න රාශියක් ඇති වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය. 23 April 2019
‘පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නෑ‘ රටේ ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරායා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීමේ කිසිදු සාධාරණ නොවන බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (23) පැවැසීය. 23 April 2019
මිය ගිය පිරිස් සිහිකරමින් පන්සල්වල ආගමික වැඩසටහන් පවත්වන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ඉල්ලයි ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස් සිහිකරමින් හෙට (24) දිනයේ දිවයින පුරා පන්සල්වල ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉල්ලීමක් කළේය. 23 April 2019
පාස්කු ඉරිදා බෝම්බ තිබ්බේ ක්‍රයිස්ට්චර්ච් වෙඩිතැබීමට පළිගන්නයි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දේවස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 April 2019
අතුරුදන් වූවන් ගැන සොයන්න පොලිස් මෘත ශරීරාගාරයට එන්න දිවයිනේ ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් ගෙන් මියගොස් තවමත් හඳුනාගෙන නැති මෘත දේහ විශාල සංඛ්‍යාවක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තවමත් තැන්පත් කර ඇතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 23 April 2019
කරන්නාගොඩට රට යන්න තහනම් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය. 23 April 2019
රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කෙරේ සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 23 April 2019
ජනපති විදෙස් තානාපතිවරු හමුවෙයි ජනාධිපති සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය පළ කරන බව ජනාධිපතිවරයා හමුවූ විදෙස් තානාපතිවරු ප්‍රකාශ කළේයැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. 23 April 2019
නාලකගෙන් - රයන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රශ්න කරන්න අවසර මාතර බන්ධනාගාරයේ රදවා සිටින රංගන ශිල්පී රයන් වැන්රෝවන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක කෞෂාල් ද සිල්වා යන අයගෙන් බන්ධනාගාරය තුළට ගොස් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 23 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026