( ඉන්දිකා රාමනායක)
නිරෝධායන කටයුතුවල නියැලී සිටි යුද හමුදා නිලධාරීයකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි යුද හමුදාව කියයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි රාජකාරීයේ නියැලී සිටි මෙම යුද හමුදා නිලධාරීයා ඉකුත් දා ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පිරිස ගුවත්තොටුපොළ පරිශ්‍රයේදී උද්වේගකරව හැසිරුණ අවස්ථාවේ එය පාලනය කිරීම සඳහා ක්‍රියා කළ අයෙකු බවද යුද හමුදාව පවසයි.
මේ වන විට මෙම යුද හමුදා නිලධාරීවරයා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ළඟ ඇඳන්, ඇඳ උඩ තව ඇඳක්....... මෙලෙස මිනිසුන් තැබීම නිරෝධායනයද?
ඉක්මන් සුවය පතමු. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!
ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඉක්මනින්ම සුව වේවා
මම නම් කියන්නේ එදා කටුනායක රඟපු සියල්ලන්වම නිරෝධායන කටයුත්තෙන් පසු දඩගසා හිරේ විලංගුවේ දැමිය යුතුයි. සාමූහික මිනීමැරීමකට අනුබලදීම යටතේ...
රටේ බහුතරයක් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තම ජීවිතය අවදානමට දමාගත් මේ සොල්දාදුවාට අප අදහන ආගමක් අනුව නීරෝගී සුවය පතමු,,
බුදුසරණින් සුවපත් වේවා.!