IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා පරීක්ෂාවට පී.සී.ආර් යන්ත්‍රයක් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයිනගෙන්

(අජිත්ලාල් ශාන්තඋදය)

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින් රෝගීන් හඳුනාගැනීමට, උගුරේ සහ නාසයේ පටල පරීක්‍ෂා කරන පී.සී.ආර්. යන්ත්‍රයක් ලබාදීමට රත්නපුරේ මැණික් වයාපාරිකයන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.
 
රත්නපුර නව නගරයේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (17) පැවති මාධ්‍ය හමුවකදි ආණ්ඩුකාරවරයා මේ බව පැවසීය.
 
පළාත තුළ රෝගීන්ගේ යම් වර්ධනයක් පෙන්නුම් කළහොත් පළාත් සභා අරමුදල් යොදවා සීමිත ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කර හෝ අතිරේක පී.සී.ආර්. යන්ත්‍රයක් සබරගමුවේ රෝහලකට ගෙනවිත් රෝගීන් ඉක්මනින් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අංශයට පූර්ණ සහාය දෙන බවද  පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.
 
මේ වනවිට රත්නපුර මහ රෝහලේ ඇඳන් 24කින් යුතු වාට්ටු නිරෝධායනයට ලක්කර රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් එහි නිරෝධයනයට ලක්  කෙරෙන පුද්ගලයින්  16 දෙනෙකු සිටින බවත් පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය.
 
අවශ්‍යතාවක් මතු වුවහොත් එම වාට්ටුවේ ඇඳන් සංඛ්‍යාව 64 දක්වා ඉහළ දැමිය හැකි බවත් ආණ්ඩුකාරවරයා කීවේය.
 
ඊට අමතරව ඇතිවන තත්ත්වයන් හමුවේ ඇහැළියගොඩ මුලික රෝහලේ ඇඳන් 48කින් යුත් වාට්ටුවක් කොරෝනා නිරෝධායන කටයුතු සඳහා සුදානම් කර ඇති බවත් ආණ්ඩුකාරවයා පැහැදිලි කළේය.

යම් හදිසි තත්ත්වයක් යටතේ නිරෝධායනයට ලක්වන පිරිසගේ ප්‍රමාණය ඉහළ ගියහොත් ඔවුන් ඇහැලියගොඩ මූලික රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගන්නා බවද කීවේය.
 
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ රෝග පරීක්‍ෂා කරන පීසීආර් යන්ත්‍රයක මිල රුපියල් ලක්‍ෂ 150ක් බවත් එම යන්ත්‍රයකින් පැය හයක් තුළ  රෝගීන් හතර දෙනෙකුගේ පරීක්‍ෂණ කළ හැකි බවත්ය.

එවැනි යන්ත්‍රයක් තිබුනොත් වෛරසය වැළඳී ඇතැයි සැකකරන රෝගීන් කොළඹ නොයවා රත්නපුරේදී පරීක්‍ෂාවට ලක්කර ඔවුන්ට ප්‍රතිකාර ඇරඹිය හැකියැයිද කීවේය.
එසේම මේ වනවිට විදෙස්ගත ලංකාවට පැමිණ නිරෝධායනයට ලක්නොවූ සමහරු රටේ විවිධ ප්‍රදේශවල ලැගුම්හල්වල යමින් කාලය ගත කරන නිසා සබරගමු පළාතේ ලැගුම්හල් වලට එන පුද්ගලයන් සම්බන්‍ධයෙන් ලැගුම්හල් කළමනාකරුවන් හරහා තොරතුරු ලබාගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සහ පොලිසිය හරහා සොයා බැලීම් කරන බවද කීවේය.

මේ වනවිට රත්නපුර මහ රෝහලට පැමිණෙන පිරිස අවම කිරිමට හදිසි නොවන සියලුම ශල්‍යකර්ම කල් දමා ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කීවේය. ප්‍රතිකාර ගැනීමේදී ප්‍රාදේශී සහ මුලික රෝහල්වල පහසුකම් වැඩි කර ඇති නිසා රත්නපුර මහ රෝහලට නොපැමිණ එම ප්‍රාදේශීය සහ මුලික රෝහල්වලට යන ලෙසද රෝගීන්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.

ඊට අමතරව එම රෝහල්වලට ඇතුළු  කරන රෝගීන්ට ප්‍රතිකාර ඒ රෝහල්වලටම සිදුකරන බවත් හදිසි රෝගීන් හැර වෙනත් රෝගීන් රත්නපුර මහ රෝහලට මාරුකර නොඑවීමට එම රෝහල් වල ප්‍රධානීන්ට ද දන්වා ඇති බව පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා කීවේය.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ වතු ආශ්‍රිතව ජිවත්වන දෙමළ ජනතාවගේ වැඩ කළ හැකි පිරිසක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉදිකිරිම්, සංචාරක සේවා, සහ වෙනත් මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවල සේවය කරන නිසා ඔවුන් නැවත සිය ගම්බිම් කරා පැමිණීම අවදානම් බැවින්  ඔවුන්ට සිය නිවෙස්වලට නොපැමිණ නැවතී සිටින ස්ථානවල ම සිටින ලෙස ඔවුන්ගේ පවුලවල සාමාජිකයන් හරහා දෙමළ භාෂාවෙන් දැනුවත් කිරිම් කර ඇති බව වෛද්‍ය නූර්දීන් රිෆයින් මහතා පැවසීය.
 
වතුවල ජීවත්ව පිටස්කර ප්‍රදේශවල සේවයට ගිය පුද්ගලයන් නිරෝධයනයකින් තොරව නැවත වතුවලට ඇතුලුවීම වැලැක්වීමට වතු සමාගම්වල කළමනාකරුවන් සහ වතු ජනතා භාරය සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් යෙදූ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය. මෙය වතු ජනතාවට එරෙහිව ගත් පියවරක් නොවන බවත් පළාතේම ජනතාව මේ කොරෝනා ව්‍යවසනයෙන් මුදා ගැනීමට ගත් පියවරක් බවද පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.

විශේෂයෙන් කොරෝනා වෛරසය ප්‍රතිශක්ති හීන පුද්ගලයන්ට ආසාදනය වීමේ අවදානම වැඩි බව කී වෛද්‍ය කපිල කන්න්ගර මහතා වතු ජනතාවගේ ආහාර රටාව සහ දෛනික ක්‍රියාවලි සැලකීමේ දි ඔවුන් වැඩි දෙනෙක් ප්‍රතිශක්ති ඌනතා පෙන්නුම් කරන බව ද කීවේය. ඒ නිසා එවැනි අය හරහා රෝගය පැතිරයාමේ අවදානම ඉහළ  බැවින් වතු ආශ්‍රීත ජනතාව සම්බන්‍ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද කීවේය.
 

පළාතේ රෝහල්වල දැඩි සත්කාර ඒකක්වල යම් අඩුවක් ඇතත් පළාතේ මූලික රෝහල් වල ඇති සම්පත් කළමනාකරණය කරගෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සුදානම් බවද ඵාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

 
 සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම්.මාලනී, ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් අදාකර, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් මාලනී ගුණවර්ධන, අධ්‍යාපන ලේකම් රුක්මනී ආරියරත්න, මහාමාර්ග සහ  සංචාරක අමාත්‍යාංශ ලේකම් සී. බමුණුආරච්චි  යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීහු රැසක් සහභාගි වුහ.
 
 



අදහස් (4)

කොරෝනා පරීක්ෂාවට පී.සී.ආර් යන්ත්‍රයක් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයිනගෙන්

Senarath Tuesday, 17 March 2020 08:03 AM

ඉතාම විශිෂ්ට වැඩක්, ඔවුන්ට අපේ ප්‍රණාමය.

:       0       0

Perakum Tuesday, 17 March 2020 08:37 AM

අපරාදේ ඕවාට රජයේ සල්ලි නාස්ති කරන්න එපා. දේශපාලුවන්ට වාහන ගේන්න තියන සල්ලි...!

:       0       0

de silva Tuesday, 17 March 2020 08:53 AM

ඔහොම නිරෝධනය කරන්න බැහැ ඇදන් 64 තිබෙනකොට එකෙනෙකුට රෝගය තිබුනොත් සියලු දෙනාටම ඒක හැදෙනවා නේද ?

:       0       0

de silva Tuesday, 17 March 2020 09:29 AM

කොහොමද ටිකිරිගේ ටිකිරි මොලේ..? 64 එකට දමලා තොග වශයෙන් නිරෝධනයට ලක්කරන්න එතුමා බලපොරොත්තු වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13555 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site