(දසුන් රාජපක්ෂ)
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් රට ගැන නොතකන අපේ හීරෝලා කොරෝනා පැත්තකට දමා තුනෙන් දෙකක බලයක් ගැනීමට උත්සාහ කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇතුකෝට්ටේ පිහිටි එම පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (17) ප්‍රේමදාස කීවේය.
මුළු ලෝකයම නව කොරෝනා වයිරසය නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදී මැතිවරණ පිළිබඳ නොව කොරෝනා මෙරටින් ඉවත් කරවීම ගැන රජයේ අවධානය යොමු විය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ වන විට නව කොරෝනා වයිරසය පැතිරී ඇති බ්‍රිතාන්‍ය ඔස්ට්‍රියාව ඩෙන්මාර්කය ඇමෙරිකාව වැනි රටවල් ජනතාව ගැන සිතා එම රාජ්‍යයන්වල පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කල් දමා තිබෙන බව ද ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය.
ඒ නිසා ජනතාව ගැන සිතා මැතිවරණයකට නොගොස් මුළු රටම විෂබීජහරණයකට ලක් කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සිරිසේනට හපන් ..හැරෙන හැරෙන පැත්තට කතාව. ඊයේ කියපු එක නෙමේ අද ..ජාතික නායකත්වයට කොහෙත්ම සුදුසු කෙනෙක් නොවේ.
මේවට මොනවා කියන්නද?
මෙයා පැහැදිලිවම කොරෝනාවෙන් ඡන්ද හොයන්න යනවා. 2/3 නාෙවෙයි තමන් කරන්න යන්නේ මොකද්ද කියලා බලන්න. රනිල් පන්නලා පක්ෂයේ බලය ඩැහැ ගැනීම නාෙවෙයිද? ජනාධිපතිවරණයෙන් අැණගත්තා. මෙවර කපෝතිම වෙනවා.
එ්කනේ කියන්නේ, ජීවිතේට රස්සාවක් කරලා නැති, පිටරට යවලත් ඉගෙන ගත්තු දේකුත් නැති, ඉපදුණු දා ඉඳම්ම මහජන මුදලින් යැපුණු ඔබතුමා විතරයි හොඳ. ඉනිත් අය ඔක්කොම හරි සවුත්තු කට්ටිය...
ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල්ද...?
රටේ දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ. හැමදේටම දේශපාලනේ...
නීරෝ කවුද? කණ්ණාඩිය ඉස්සරහට යන්න.
අනේ සජිත් මල්ලියේ මුලින් ඔහෙම නේද ඔය කටින්ම කිව්වේ කොරෝනා වයිරසය පෙන්නලා දැන් බලයේ ඉන්න ගොයියන් ටික ඡන්දය කල්දාන්න හදනවා.. එ්කට ඔහේ කොහෙත්ම ඉඩදෙන්නේ නැහැ කියලා... දැන් මේ හෙන නකුටු වීරයා වගේ පාටපාට කැට ටිකක් ඉදිරියේ ලොකු ටෝක් දෙන්නේ ලැජ්ජා නැද්ද...?
සහතික ඇත්ත සජිත් තුමෝ... මේ වෙලාවේ මොන ඡන්දද? මිනිස්සුන්ගේ ව්‍යාපාර ජනජීවිතය රටේ යහපැවැත්ම සම්පුර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නේ.
විකාර කියන්නේ නැතිව ඉන්න. මෙය හිටියනං... ජනතාව ගැන සිතා තමයි මැතිවරණයකට යන්නේ මොනවා කරන්නත් රටේ බලයක් තිබෙන රජයක් තිබෙන්නේ ඕනේ. ඒ ටික තේරෙන්නේ නැද්ද?