තව්හීත් ජමාත්-ජමාතෙයි මිල්ලතු සංවිධාන තහනම් කරයි ජාතික තව්හීත් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙක ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 28 April 2019
කල්මුණේදී සිය සාමාජිකයින් තිදෙනෙකු බෝම්බ පුපුරුවාගත් බව අයි එස් පිළිගනී ආරක්ෂක අංශ සමඟ කල්මුණේ ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලදී තම සාමාජිකයන් තිදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් බව අයි.එස්.අයි.එස්. සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 28 April 2019
‘තව්හීත් ජමාත්’ බදුල්ලේ සභාපති අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූ බව කියන සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයකු බදුල්ල පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. 28 April 2019
අඩි 4ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට පුබ්බෝගම නිවසකදී කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු අද(28) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි. 28 April 2019
පෞද්ගලික බස්රථවලට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීමේ සන්නිවේදන උපකරණයක් එම බස්රථවල පසුපස දොරෙහි සවිකිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 28 April 2019
රෙදි මිලට ගත් ත්‍රස්ත කල්ලි සාමාජිකයෝ සොයා පරීක්ෂණ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදී කල්ලියේ සාමාජික පිරිසක් මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල රෙදි වෙළඳසැලකින් රෙදි මිලදී ගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා මීරිගම පොලිසිය අද (28) පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය. 28 April 2019
‘පොලිස්පති ඉවත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවා’ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහා මහතා පැවැසීය. 28 April 2019
විල්පත්තු හා අවට ගම්මාන හදිසි සෝදිසි පරීක්ෂාවක් මන්නාරම විල්පත්තු හා අවට ගම්මානවල සැකසහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත. 28 April 2019
‘උන්මන්තකයන්ට දිනුම දෙන්න එපා’ පාස්කු ඉරිදා(21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් පසු ශ්‍රී ලංකාවේ සිටි විදේශීය සංචාරකයන් නැවත සිය රටවල් කරා පිටත්වූ බවත්, සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඉන් සිදුව ඇති බවත් ඉකුත් දිනවලදී වාර්තා විය. එහෙත් ලංකාවේ රැඳී සිටින ඇතැම් විදේශිකයෝ මෙරට ආරක්ෂාව පිළිබඳ ඉතා සුභවාදී අදහස් දරති. 28 April 2019
ගල්කිස්සේ නිවසක නීති විරෝධීව රැදී සිටි නයිජිරියානුවන් 6ක් අත්අඩංගුවට ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමේදී නිවසක රැදී සිටි නයිජීරියානු ජාතිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි. 28 April 2019
ෆොන්සේකා නීතිය හා සාමය ඇමැති කරන්න සන්දිත්ගෙන් මෙහෙයුමක් නීතිය සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් අත්සන් ගැනීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. 28 April 2019
ගුරු-විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව නවත්වයි ගුරු - විදුහල්පති සේවාවන්ට පවතින වැටුප් විෂමතා සහ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 34ක් ඒකාබද්ධව මැයි මස 9 සහ 10 පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංගම් කියයි. 28 April 2019
මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට අත්බෝම්බ ගැසූ 6ක් අත්අඩංගුවට වැල්ලවාය මහවෙලමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට ඉකුත් 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීම සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 28 April 2019
වනාතවිල්ලුව මහ කැලයෙන් තවත් ගිනිඅවි සොයා ගනී පුත්තලම වතානවිලූව කෑලෑ ප්‍රදේශයේ තිබී තවත් රිවෝල්වර 6 ක් සහ ටී 56 ගිනි අවියක් සොයාගත් බව පොලිස් මූලස්ථානය කියයි. 28 April 2019
දෙමටගොඩ නිවසින් කෝටි තුනක නිල් මැණික් තුනක් මරාගෙන මැරෙන පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී රුපියල් කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටියකට අධික වටිනා දෙස් විදෙස් මුදල්, ලක්ෂ 15 කට අධික වටිනා රන් බඩු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 April 2019
අරාබි බසින් ලියැවුණු සැකකටයුතු බැනර් 500ක් කල්පිටියෙන් සොයාගනී කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර දමා ගොස් තිබූ අරාබි බසින් ලියා ඇති බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් කල්පිටිය පොලිසිය විසින් අද(28) සොයා ගෙන ඇත. 28 April 2019
නැ’හිර පාසල් ආරම්භයට පෙර සෝදිසියක් පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමේදී මුරකරුවන් නොමැති පාසල්වල පාසල් සංවර්ධන කමිටුවල සහය ලබාගෙන පාසල් ආරම්භ කිරීමට පෙර දිනපතා සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 28 April 2019
කල්මුණේ-සමන්තුරේ-චවලකඩේ ඇදිරිනීතිය තාවකාලිකව ඉවතට කල්මුණේ,සමන්තුරේ සහ චවලකඩේයන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය, අද උදෑසන 10 ට ඉවත් කළ බව පොලිසිය කියයි. 28 April 2019
දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් අයෙක් අයි එස්ට සම්බන්ධ බවට තහවුරුයි අලුත්ගම දර්ගා නගරයේ වැලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කරන 24 වියේ පසුවන පුද්ගලයා අයි.එස්.අයි.එස් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බව තහවුරු කරගෙන ඇතැයි පොලීසිය පවසයි. 28 April 2019
උතුරේ ස්ථාන කිහිපයකින් සැකකටයුතු පුද්ගලයෝ 20 ක් අත්අඩංගුවට රට තුළ පැවති වතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 20 කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි. 28 April 2019
පාස්කු දා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට ත්රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. 28 April 2019
යාපනයේ වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය බැරලයක් ගොඩගනී යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ගොඩගත් බවට පේදුරුතුඩුව පොලිසිය පවසයි. 28 April 2019
හොර කච්චේරියක් වටලා ලිපිලේඛන රැසක් සමඟ අයෙක් අත්අඩංගුවට මාතලේ උකුවෙල කුරිවෙල ප්‍රදේශයේ නිවසක දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා නීති විරෝධී ලෙස සකස් කරන ලද ලිපි ලේඛන ඇතුළු බෝර වර්ගයේ පතරොම් සහ උපකරණ රාශියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 April 2019
අංක තහඩු නැති යතුරුපැදියක් මග නතරකර තැබූ 2ක් අල්ලයි බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ අංක තහඩු නොමැති යතුරු පැදියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 28 April 2019
ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි 797ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී) 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 28 April 2019
තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ තවත් 3 ක් අත්අඩංගුවට තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සුබසාධන නිලධාරියෙකු සහ එම සංවිධානයට බැදී ආගම වැළඳගත් ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු වැලිපැන්න ප්‍රදේශයේදී වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 28 April 2019
කල්පිටියේ සැරිසරණ ‘ඩ්‍රෝන‘ යානයක් සොයා මෙහෙයුමක් කල්පිටිය ප්‍රදේශය තුළ මේ දිනවල විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ හිටිහැටියේ සැරිසරණ ඩ්‍රෝන කැමරාවක් වැනි යානාවක් සෙවීමේ මෙහෙයුමක් අද (28) අලුයම් කාලයේ දි අරඹා තිබේ. 28 April 2019
පෙට්‍රල් බෝම්බ 6ක් දවුලගලින් සොයාගැනේ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් “ සංවිධානයට අයත් ස්ථානයකදි දේශීයව නිෂ්පාදනය කළ හිස් බල්බ්වල සකසා ඇති පෙට්‍රල් බෝම්බ බවට සැක කරන නිෂ්පාදන 6 ක් දවුලගල පොලිසිය මගින් අද (27) පස්වරුවේදි කළ මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවී ඇත. 27 April 2019
ගිනිඅවි පැහැරගත් සැකකරුවන් තිදෙනෙකු අල්ලයි මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළට ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනි දින අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා, කපා කොටා, ඝාතනය කර ඔවුන් සතුව තිබූ රිවෝල් ගිනිඅවි 02 පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 27 April 2019
මොහොමඩ් සහරාන්ගේ රියදුරු දැලේ ජාතික තවුහීද් ජමාද් ත්‍රස්තවාදි සංවිධානයේ නායක ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහෙමඩ් සහරාන්ගේ රියදුරු කාත්තන්කුඩි ප්‍රදේශයේදි කාත්තන්කුඩි පොලිසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026