පොලිසියට බාර වූ නාරම්මල මන්ත්‍රී අත්අඩංගුවට නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත මහතා සහ ඔහුගේ ඥාතියකු අද(02) නාරම්මල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 02 July 2019
හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 July 2019
‘එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කිරීම නරක පූර්වාදර්ශයක්’ බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මඩුවන්වලදී පැවසීය. 02 July 2019
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම රු.60,000 ක් ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙන අතර ඒ අනුව එක් පුද්ගලයකු මාසිකව උපයන ආදායම ආසන්න වශයෙන් රුපියල් 60,000ක් වනු ඇත. 02 July 2019
කතරගම පෙරහර හෙටින් ඇරැඹේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ, මංගල පෙරහර හෙට (03) රාත්‍රියේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය. 02 July 2019
‘මග පෙන්වීමකින් තොරව පාසල් සිසුන්ට ටැබ් දෙන්න එපා‘ සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධවලට වැඩි වශයෙන් සම්බන්ධ වී ඇත්තේ පාසල් වයසේ සිසුන් යැයිද , එනිසා නිසි මගපෙන්වීමකින් තොරව ඔවුන්ට ටැබ් පරිගණක දුන්නොත් එය පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වනු ඇතැයි රජයට අවධාරණය කරන්නේ යැයි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 July 2019
හෙනානිගල ආදිවාසී නායකයා ජීවත්වෙන්න මී පැණි විකුණයි හෙනානිගල ආදිවාසී ජනතාවට ජීවත්වීමට කිසිදු ආදායමක් නොමැතිවීමෙන් කැඳ බීමටවත් හාල් මිලදීගැනීම සඳහා තමා මී පැණි අලෙවි කිරීමට පොළොන්නරුව නගරයට පැමිණි බව හෙනානිගල ආදිවාසී නායක ඌරුවරිගේ මුතු බණ්ඩා මහතා පැවසීය. 02 July 2019
හිටපු නියෝජ්‍ය පොලිස්පති වසර 3ක් හිරේට හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට පැනවූ වසර හයක සිරදඬුවම වසර තුනකින් ගෙවී යන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය අද (2) නියෝග කළාය. 02 July 2019
රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ව්‍යාපෘතීන් 184 ක් ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට අවශ්‍ය ව්‍යාපෘතින් 184 ක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 02 July 2019
ප්‍රහාරයෙන් පසුවත් සංචාරයට සුදුසු රටවල් අතර ලංකාව මුල්තැනට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ් ප්‍රහාරවලින් පසුවද ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කරයි. 02 July 2019
පුවත්පත් කතුවරයාගේ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සළකා බැලීම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදු කිරීමට අභියාචනාධිකරණය සභාපති යසන්ත කෝදාගොඩ මහතා අද (2) තීරණය කළේය. 02 July 2019
පූජිතත් රෝහල් ගත වෙයි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 02 July 2019
හිටපු ආරක්ෂක ලේකම් අද සීඅයිඩීයට නොපැමිණෙයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇත. 02 July 2019
ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක් එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහිව ලකුණු 23 ක පහසු ජයක් අත්කර ගත්තේය. 01 July 2019
හේමසිරි-පූජිත හෙට රහස් පොලිසියට කැඳවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට උදේ 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 01 July 2019
‘ලංකාවේ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපනය කරන්න සැලසුමක් නෑ’ ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරයි. 01 July 2019
‘හම්බන්තොට රෝහලත් චීනයට දෙයිද කියලා සැකයක් තියෙනවා’ ජනපති අතින් අද විවෘත වූ හම්බන්තොට මහ රෝහලත් චීන රජයට ලබා දෙයිද යැයි සැකයක් මතුව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි. 01 July 2019
ලංකාවට පැමිණෙන ගුවන් සේවාවන් සඳහා සහන පැකේජයක් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් සේවාවන් සඳහා ඉන්ධන සැපයුම් මිල අඩු කිරීම, බදු සහන සැලසීම ඇතුළු විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) උපදෙස් ලබා දුන්නේය. 01 July 2019
පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරියකගේ බැංකු ගනුදෙනු ගැන පරීක්ෂණයක් පෞද්ගලික ඉදිකිරීම් ආයතන තුනක අධ්යක්ෂකවරියක වූ කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයීෂා යන අයගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැරවූ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට අදාළ සැකකටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (01) කරුණු වාර්තා කර ඇත. 01 July 2019
ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට ඇතුළු වූ නිලධාරියාට ඇප ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වී මුරපද වෙනස් කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයකු රුපියල් 10,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය අද (01) නියෝග කළාය. 01 July 2019
ශ්‍රී ලංකාව කඩුලු 6 ට 338 යි එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්තේය. 01 July 2019
‘මරණ දඬුවමට විරුද්ධ පිරිස් මත්ද්‍රව්‍ය මර්දනයට මොනවාද කළේ’ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව, විපක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධාන විරෝධය පළ කළත් ඔවුන් එය මර්දනය කිරීම සඳහා දුන් සහය කුමක් දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (01) ප්‍රශ්න කළේය. 01 July 2019
හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති අත්අඩංගුවට ගන්න නියෝග පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත. 01 July 2019
‘මරණ දඬුවමට මම විරුද්ධයි’ ’කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඬුවම විසඳුම කියලා කවුරු හරි හිතනවානම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් මරණ දඬුවමට විරුද්ධයි, තමන්ද පෞද්ගලිකවම මරණ දඬුවමට විරුද්ධයි’ යැයි අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි. 01 July 2019
බාබඩෝස් - ශාන්ත ලුසියා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දූපත් රාජ්‍යයන් දෙකක් සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. 01 July 2019
‘වෛද්‍ය ෂාෆිට ඇති චෝදනා සෙවීමට ජනාධිපති කොමිසමක් අවශ්‍යයි’ වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ප්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහාම පත්කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 01 July 2019
මරණ දඬුවමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් එල්ලා මැරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්රියාකාරිකයෝ ඇතුළු 10 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ( 01) මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. 01 July 2019
අල්ලස් ගත් ඉඩම් නිලධාරියෙක් අත්අඩංගුවට පොළොන්නරුව නව නගරයේ පිහිටි ඉඩමක බලපත්‍රයක් සකස් කරදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 35,000 ක අල්ලස් ලබාගත් අනුරාධපුර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 July 2019
දැව සංස්ථාවේ සභාපති - ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්රධානීට සිතාසි ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට ලබන 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. 01 July 2019
ජයශ්‍රී මහා බෝධිය අසළ අවුරුද්ද පුරාම දන්සලක් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ලබා ගැනීම සඳහා වසරේ දින 365ම ක්‍රියාත්මක වන දන්සලක් අද (01) සිට අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසළ දී විවෘත කෙරිණි. 01 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026