මුදල් කොල්ලය වරදී:දෙදෙනෙක් අත්අඩංගුවට අකුරැස්ස නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රුපියල් ලක්ෂ 29 ක මුදලක් වෙනත් බැංකුවක තැන්පත් කිරීමට යාමේ දී එය කොල්ලකා පලා ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අද (01) දහවල් වෙල්යායක සැඟව සිටියදී කොල්ල කෑ මුදල් සමග අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. 01 July 2019
මරණ දඬුවම දෙනවාට වාසුදේව එකඟවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම පැනවීමේ කිසිදු වරදක් නොමැති බව සිය පෞද්ගලික මතය යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය. 01 July 2019
මන්ත්‍රී පුතා රිමාන්ඩ් ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ වැඩිමහල් පුතා ජූලි 4 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා අද ( 01) නියෝග කළේය. 01 July 2019
කොදෙව්වෝ පන්දු යැවීම තෝරා ගනිති එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටී්රට්හිදී අද (01) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 01 July 2019
ඛනිජ තෙල් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යාංශය යටතේ පවතින පෞද්ගලික විදුලි බලාගාරවලට ඊයේ(30) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ ඩීසල් හා දැවිතෙල් නොදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(01) දහවල් අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගරික මනු ජයවර්ධන මහතා පැවසීය. 01 July 2019
විදේශ රැකියා සඳහා යොමුවන්නන්ට ප්රතිලාභ වැඩි කෙරේ විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන ප්රතිලාභ පුළුල් කිරීම සදහා විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ. 01 July 2019
කතරගම සියලු පාසල් වසාදැමේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් අතිරේක රාජකාරි සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් සැපයීම වෙනුවෙන් කතරගම ප්‍රදේශයේ සියලු පාසල් වසා තැබීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 01 July 2019
‘උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියක්’ උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පාසල්හි නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ. 01 July 2019
කොස්තාපල්ට පහර දුන් මන්ත්‍රී පුතා අත්අඩංගුවට ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුතා අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 July 2019
හම්බන්තොට හර්තාල් හම්බන්තොට නව මහ රෝහල ජනතා අයිතියට පත් කිරීමෙන් හම්බන්තොට පැරණි නගරයේ සියලු ව්‍යාපාරික ස්ථානවලට මරු පහරක් එල්ලවන බව පවසමින් හම්බන්තොට නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා කළු කොඩි ඔසවා අද (01) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 01 July 2019
‘හැකි නම් රිෂාඩ් බදියුදීන්ට ඇමතිකමක් දීලා බලන්න’ එල්ල වූ චෝදනාවලින් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් නිදොස් බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කර ඇති බවත්, හැකිනම් ඔහුට ඇමතිකමක් දෙන්නැයි තමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බවත්, එසේ වුවහොත් උපවාසයකට රටම පෙළගස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 01 July 2019
රටේ ඉහළම නායකයෙක් මත්ස්‍ය සම්පත කොල්ලකන්න ඉන්දියාවට ඉඩදීලා මේ වෙන කොට ඉන්දීය ධීවර යාත්‍රා 4000ක් පමණ මෙරට උතුරු හා නැගෙනහිර මුහුදු තීරය ආක්‍රමණය කොට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකනවා. නාවික හමුදාව එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගන්න පියවර ගන්නේ නෑ. ඊට අපේ රටේ ඉහළම පෙළේ නායකයකු බලපෑම් කරනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ලේදී පැවැසීය. 01 July 2019
ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට හානියක් සිදුවන බව එම ගිවිසුමේ කෙටුම්පත විමර්ශනය කිරීමේදී පෙනීයන බව සන්ඬේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කීය. ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ. 01 July 2019
ආණ්ඩුව හම්බන්තොට ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා මේ වනවිට වත්මන් රජය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 6500ක් චීනයට හා සයිප්‍රසයට විකිණීමට සූදානමින් සිටින බවත්, මේ රටේ ජනතාවගේ පාරම්පරික බිම් කඩවල් සුද්දන්ට විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට ජනතාව සමග පාරට බහින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30) සවස හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය. 30 June 2019
පොළඟෙකු ලවා කවා බිරිඳ මරන්න හදලා නයි පනික්කියෙකු ලවා පොළඟකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ මරා දැමීමට සැලසුම්කර දෙවරක් බිරිඳගේ ඇඟට පොළගා දැමීමට සැලැස්වූ සැමියෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. 30 June 2019
අළුගෝසු තනතුරට දෙදෙනෙක් පුරප්පාඩුවේ තිබූ අළුගෝසු තනතුරු දෙක සඳහා දෙදෙනෙකු මේ වනවිට කැඳවාගෙන ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 30 June 2019
උතුරු නැගෙනහිරට ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලයි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් ගෙන ලබාදීම ඇතුළු ඉල්ලීම් 11කට බලකරන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සම්මේලනයේදී අද(30)තීරණය විය. 30 June 2019
ගුරුවරු වෘත්තිය සමිති වර්ජනයකට සැරසෙති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරකට බලකරමින් සියලුම ගුරු වෘත්තිය සමිති ජූලි 18 සහ 19 දෙදින ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා පැවසීය. 30 June 2019
‘කන්නෙලිය රක්ෂිතයේ හබන් කුකුළු ජාවාරමක්‘ කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ මහා පරිමාණ හබන් කුකුළන් ජාවාරමක් සිදුකෙරෙන බව කන්නෙලිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 30 June 2019
දෙවිනුවර ශ්‍රීලනිප අපේක්ෂකයෝ දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්වෙති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ග්‍රාමීය නියෝජිත තනතුරෙන් කිසිවක් කළ නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ දෙවිනුවර ආසනයේ පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(30)දික්වැල්ලේ දී පැවසූහ. 30 June 2019
ඇල්පිටිය ප්‍රා.සබේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව දෙන්නැයි අගවිනිසුරුට පෙත්සමක් දිනෙන් දින ප්‍රමාද වන ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා අගවිනිසුරු වෙත යොමු කිරීම සඳහා ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (30) ඇල්පිටිය නගරයේ දී සිදුකෙරිණි. 30 June 2019
සවුදියේදී මියගියොත් පවුලේ අයට වන්දි සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු මරණයට පත්වුවහොත්, ඔවුන්ගේ පවුලේ යැපෙන්නන්ට කඩිනමින් වන්දි ලබා ගැනීමට එරට නීති ආයතනයක් සමඟ නව ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 June 2019
කියුබාවේ ආපදාවලට ලක්වූවන්ට ආධාර දෙන්න මාරපනගෙන් යෝජනාවක් සුළි සුළං ආපදා තත්ත්වයෙන් හානිවූ කියුබාවට ඇමෙරිකා ඩොලර් 50,000 ආධාරයක් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 30 June 2019
ලංවිමයට ඉන්ධන දීම හෙට සිට නවතන්න යයි ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යංශය යටතේ පවතින පෞද්ගලික විදුලි බලාගාරවලට ලබා දෙන ඩීසල් හා භූමිතෙල් හෙට ( 01) සිට නතර කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති සමිත අසිතංජ මහතා පැවසීය. 30 June 2019
මුහුදු යන ධීවර යාත්‍රා රක්ෂණය කිරීම අනිවාර්යයි ධීවර රැකියාව සඳහා මුහුදු යන ධීවර යාත්‍රා සියල්ල නිසි ලෙස රක්ෂණ ආවරණය කර තිබීම අනිවාර්ය කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 30 June 2019
‘මරණ දඬුවම, එජාපයේ ප්‍රතිපත්තිවලට මුළුමනින්ම විරුද්ධයි’ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් විරුද්ධ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොනරාගලදී අද(30) පැවැසීය. 30 June 2019
‘නීතිමය තත්වය තුළ සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය බෑ‘ දැනට පවතින නීතිමය තත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 30 June 2019
ලෝකාන්තය බලන්න ආ 10 දෙනෙකුට බඹරු අනිති පස්සර පිටමාරුව ප්‍රදේශයේ පිහිටි පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය 10 දෙනෙකුගෙන් යුත් තරුණයින් පිරිසකට අද (30) දහවල් බඹර ඇන ඇති අතර බරපතල තත්වයේ පසුවූ ඉන් 5 දෙනෙකු මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. 30 June 2019
නාරම්මල ප්‍රා. සබේ උප සභාපති අත්අඩංගුවට නාරම්මල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පළ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 30 June 2019
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90ක් රැඳවුම් නියෝග ලබාගෙන සිටි සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදී තිබේ. 30 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026