ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විශේෂ විමර්ශන ඒකකයට පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරට සම්බන්ධයෙන් ස්ථාන මාරුකරන ලද වයඹ සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක්කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 08 July 2019
‘ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානය සහාය දැක්විය යුතුයි’ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානය සහාය දැක්විය යුතු බවත් කිසිදු ආකාරයේ සහයක් ආණ්ඩුවට නොදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. 08 July 2019
ඉස්ලාම් අධ්‍යාපනය නියාමනයට කොමිසමක් ඉස්ලාම් අධ්‍යාපනය නියාමනය සඳහා කොමිසමක් පත්කිරීමට රජය තීරණය කර ඇත. 08 July 2019
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් දුරකථන - සුරුට්ටු මිටි සොයාගනී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බී වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබූ ජංගම දුරකථන 4ක් සහ සුරුට්ටු මිටි 21ක් අත්අඩංගුවට ගත් බවත්, ඒවා බන්ධනාගාරයට ගෙනයාමට උපකාර කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 08 July 2019
‘19 වැනි සංශෝධනය අද කොඩිවිනයක් වෙලා’ එදා සමාජ විප්ලවයක් ලෙස ජනාධිපතිවරයා හැඳින්වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද රටටම කොඩිවිනයක්ව පවතින්නේ යැයි ජනාධිපතිවරයාගේම ප්‍රකාශවලින් වැටහෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (8) පැවැසීය. 08 July 2019
ලක්ෂ 10 ක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ විශ්‍රාමික සුරාබදු නිලධාරියෙක් හා ව්‍යාපාරිකයෙක් හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අද (08) විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 July 2019
‘කුණු ප්රශ්නය නොවිසඳුණහොත් මාතර පාසල් වහනවා’ මාතර කුණු කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් අනිද්දා සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (08) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය. 08 July 2019
දිස්ත්‍රික්ක 17ක නියඟයෙන් ලක්ෂ 5ක් පීඩාවට අපේක්ෂිත පරිදි නිරිතදිග මෝසම් වැසි නොලැබීම හේතුවෙන් ඇතිවූ දැඩි නියං තත්ත්වය නිසා මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 17 පවුල් 125240කට පමණ අයත් පුද්ගලයින් 474,434 ක් පීඩාවට පත්ව සිටින බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 08 July 2019
නෙදර්ලන්තයේ හිටපු තානාපතිට 16 තෙක් එරට රැඳී සිටීමට අවසර සිය පත්වීමට අදාළ අක්ත පත්‍ර බාර දුන් ඉකුත් 03 වැනිදා සිට නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සුමිත් නාකන්දල මහතා සේවය කරන බවත් , සුවිශේෂී තත්ත්වයන් යටතේ ලබන 16 වැනිදා තෙක් එරට රැඳී සිටීමට නෙදර්ලන්ත රජය හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එම්.ජේ.සාදික් මහතාට අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 08 July 2019
‘මිල්කෝ සමාගම විකුණන්නට ඉඩ දෙන්නේ නැහැ’ මිල්කෝ සමාගම විකුණා දැමීමට රජය හෝ තමන් කිසි ලෙසකත් ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අද (08) පැවැසීය. 08 July 2019
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රන් සම්මානයක් නිවැරදි මූල්‍ය පාලනය සහ කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හිමි ව තිබේ. 08 July 2019
මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයක් ගැන සීඅයිඩී පරීක්ෂණ කාන්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට ෂරියා නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 08 July 2019
රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර අත්අඩංගුවට ලංකාව අවට මුහුදේ ‘‘පාවෙන අවි’’ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නම් කර ඇති 8 දෙනා අතර සිටි ‘‘රක්නා ලංකා‘‘ ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 08 July 2019
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානුවන් 14ක් අත්අඩංගුවට වීසා කාලය අවසන්ව නීතිවිරෝධීව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දියානුවන් 14දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(08) අත්අඩංගුවට ගෙන ඇත. 08 July 2019
හේමසිරි - පූජිත්ගේ පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව ගොනු වී ඇති සියලූම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සේ සළකා එම පෙත්සම් විභාග කිරිමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (8) තීරණය කරනු ලැබීය. 08 July 2019
කතරගම රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් ගිනි අවි සමඟ අල්ලයි කතරගම නාගහවිදියේ රක්ෂිත ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයන් පස්දෙනෙකු ගිනි අවි සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීහු පවසති. 08 July 2019
මාතර නගරය පුරා කසළ ගොඩගැසේ මාතර කොටවිල කසල අංගනයට කසළ බැහැර කිරීම මාස තුනක කාලයක් වලකාලමින් මාතර මහ නගර සභාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් අද (08) වන විට මාතර නගරය පුරා කුණු කසල ගොඩ ගැසී තිබුණි. 08 July 2019
රත්ගම ඝාතන නඩුවේ 17 දෙනා යළි රිමාන්ඩ් රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (8) නියෝග කළේය. 08 July 2019
‘මඩකලපුව විශ්වවිද්‍යාලයට මුදල් භාවිත කළ ආකාරය සොයන්න’ මඩකලපුවේ ඉදිකර ඇති විශ්වවිද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් ලැබුණු අරමුදල් භාවිතා කර ඇති ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 08 July 2019
‘මුහුණු පොත ආණ්ඩුවේ ප්‍රාණ ඇපකරුවෙක්’ මුහුණුපොත සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත්ව සිටින්නේ යැයි නීතිඥ සංවිධාන එකමුතුව චෝදනා කරයි. 08 July 2019
ස්පෙක්ට්‍රම් ගුවන් යානය බණ්ඩාරනායක ගුවන්තොටට ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මේ වන විට නවත්වා තිබේ. 08 July 2019
තවත් බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 08 July 2019
සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා ජනාදරී නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අනෝමා ජනාදරී මහත්මියට හිමිවිය. එම චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමණායකට හොඳම සංස්කරණයට හිමි සම්මානය ලැබිණි. 08 July 2019
නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිට නිල නිවස ලැබී නැහැ සිය නිල නිවස නියමිත පරිදි නොලැබීම හේතුවෙන් නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාට නෙදර්ලන්තයේ හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 08 July 2019
ජනාධිපතිවරණය කල් දාන්න දෙන්නේ නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි ද, ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොදෙන්නේයැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ලංකාදීපයට පැවසීය. 07 July 2019
අන්තවාදය පැරදවීමේ වගකීම භික්ෂූන්ට දෙන්න ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලාට බාර දෙන්නැයි පාලකයන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (7) මහනුවරදී පැවැසූහ. 07 July 2019
බෝගම්බර ප්‍රකාශය එළි දකී ‘දැයම එක රොදකට‘ යන තේමාවෙන් බොදු බල සේනා සංවිධානය සංවිධානය කළ සිව් හෙළයේ මහා සමුළුව තෛයි නිකායික මහා සංඝරත්නයේ හා අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේදී අද පැවැත්විණි. 07 July 2019
බිරිය ඝාතනය කර සැමියා පොලිසියට බාර වෙයි වසර දෙකහමාරක් විදේශගතව සිට ලංකාවට පැමිණි බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ සැමියා අද (07) උදැසන හසලක පොලිසියට බාරවී තිබේ. 07 July 2019
කතරගම යන්න 26,000 ක් කුමනින් ඇතුළු වෙති උතුරු නැගෙනහිර පළාත්වල සිට කතරගම වන්දනාවේ එන හින්දු බැතිමතුන් 26,396 දෙනෙකු අද (07) සවස 03.00 වනවිට නැගෙනහිර පළාතේ ඕකන්ද හිටි කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලු ඇති බව උද්‍යාන පාලක සිසිර කුමාර රත්නායක මහතා පැවසීය. 07 July 2019
සිසුන් ඇතුළත් කිරීම ගැන දකුණු ආණ්ඩුකාරවරයාට එරෙහිව විගණකාධිපතිට පැමිණිලි පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා ඇතැම් පන්තිවලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 07 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026