මාස තුනත් හයත් අතර කාලයක් ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
දැනට තිබෙන දත්ත භාවිත කරන ලද විශ්ලේෂණයකින් ඒ බව අනාවරණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය සංවිධානය එම විශ්ලේෂණය කර ඇත.
මෙම තාවකාලික දත්ත ඉදිරියේදී වෙනස් විය හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය සංවිධානයේ හදිසි මෙහෙයුම් ප්‍රධානී මිචෙල් යාවෝ පැවැසීය.
ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන් දරුණු අනතුරු ඇඟවීම් කළ නමුත් ඒවා සත්‍ය නොවුණු බව ද හෙතෙම කීය. ජනතාව සිය හැසිරීම් වෙනස් කරගනිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමත් සනීපාරක්ෂාවට වැදගත්කමක් දීමත් ඊට හේතු වූ බව ද හෙතෙම පැවැසීය.
ලොව දුප්පත්ම මහද්වීපය වනුයේ අප්‍රිකානු මහද්වීපයයි. අනෙක් මහද්වීප හා කලාප සැසඳීමේදී අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ ගණන අඩුය. ඊයේ (17) වනවිට අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 17,000කට වැඩි වන අතර මරණ ගණන දහසකට ආසන්න වේ.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකානු මහද්වීපයට අනතුරු ඇඟවීමක්