චිත්‍රපට බෙදාහැරීම සංස්ථාව සතුවීම ජයග්‍රහණයක් චිත්‍රපට කර්මාන්තයට පසුගිය සමයේ ඇතිවූ බලපෑම් හමුවේ ඇතිවූ කඩා වැටීමත් සමඟ වෘත්තීය නිෂ්පාදකවරුන් ලෙස අද ඉතිරි වී සිටින්නේ තුන්දෙනෙකු හෝ සිව් දෙනෙකු වැනි සුළුතරයක් පමණකැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය. 05 July 2019
‘පොහොට්ටුවට වෙන ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැතැයි බොරු ප්‍රචාරයක් ගෙනයනවා' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැති බවට ඇතැම් පුද්ගලයන් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (5) පැවසීය. 05 July 2019
මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න නව අංකයක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය 1984 නමින් නව කෙටි අංකයක් හඳුන්වා දී ඇත. 05 July 2019
මුහුණු පොතෙන් රට ගිනි තැබූ ව්‍යාපාරිකයා රිමාන්ඩ් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයා තවදුරටත් ජුලි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (5) නියෝග කළේය. 05 July 2019
උපනන්ද විදුහලේ වෙඩිතැබීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක් ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසලට බලෙන් ඇතුළුවීමට යාමේදී එහි රාජාකාරියේ නිරතව සිටි හමුදා සෙබළකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාව කියයි. 05 July 2019
මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 05 July 2019
හැඳුනුම්පත් වෙබ් අඩවිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. 05 July 2019
වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු වන වයිකෝ හට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම කර තිබේ. 05 July 2019
‘නඩු ප්‍රමාදය වළක්වන්න නව පනත් 2ක් ගේනවා’ අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (5) පැවසුවාය. 05 July 2019
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් මරණ දඬුවමට එරෙහි වෙයි මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ දී සිරකරුවන්ගේ යෝග්‍යතාවය පිරික්සීම හෝ ඊට කවර හෝ ලෙසකින් දායකවීම හෝ වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එහි සාමාජික සියලු වෛද්‍යවරුන්ට දන්වා යවා ඇත. 05 July 2019
සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 05 July 2019
පාසල් සිසුන් 8දෙනෙකු රෝහලේ හදිසියේ රෝගාතුර වූ පාසල් සිසු සිසුවින් අටදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (05) ඇතුළත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය. 05 July 2019
‘ග්‍රීස්යකා රිටන්ස්” අනිද්දා කරළියේ මෙවර පැවැති 47 වන රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම නාට්‍යය,හොඳම අධ්‍යක්ෂණය හොඳම ස්වීය රචනය. 05 July 2019
ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දනයට නාට්‍යවේදී එම්. සෆීර් ප්රමුඛ “ඉන්ටර් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් තියටර් හවුස්” ආයතනය 8 වැනි වරටත් සංවිධානය කරන “8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019” ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 05 July 2019
ලොව ජයගත් කලාකරුවන් ජනපතිගේ ඇගයීමට 2019 වසරේදී ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙරට සිනමාවේදීන් හා රූපවාහීනි නිර්මාණකරුවන් අගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි. 05 July 2019
සුප්පාදේවි කතා වස්තුව එළිදැක්ම 11 දා ශ්‍රී ලාංකේය රංග මණ්ඩපය දශත්රොධික කාලයක් ස්වකීය අභිරංගනයෙන් ශෝභා සම්පන්න කළා වූ මාලිනී රණසිංහ විරචිත අපදාන ග්‍රන්ථය “සුප්පා දේවි කතා වස්තුව” එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 11 වැනි දින පස්වරු 3.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. 05 July 2019
හැඳුනුම්පත් එක්දින සේවාව අදට නවතී පරිගණක පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අද (5) දවස තුළ ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 05 July 2019
උදර කුහරයට වෙඩි වැදී පියා මියගිය බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි මානවිල උපනන්ද විදුහලේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි යුද හමුදා සෙබළෙකු විසින් කළ වෙඩි තැබීමේදී මියගිය තිදරු පියාගේ උදරය පසාරු කරගෙන වෙඩි උණ්ඩය පිටුපස ප්‍රදේශයෙන් පිටවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. 05 July 2019
කුමන වනය මැදින් 20,000කට ආසන්න පිරිසක් කතරගමට කතරගම බලා පාගමනින් එන හින්දු බැතිමතුන් අද (04) සවස 3.00 පමණ වනවිට 20,000ක පමණ ප්‍රමාණයක් කතරගම බලා ගමන් කිරීමට කුමන ජාතික උද්‍යානය හරහා ඇතුළු වී ඇති බව කුමන සහ යාල ජාතික උද්‍යාන භාරකරුවන් වන සිසිර කුමාර රත්නායක සහ ඞී.පී. සියාසිංහ මහත්වරු පැවැසූහ. 04 July 2019
‘ඇමෙරිකානු හමුදාවට රටට එන්න - කඳවුරු බඳින්න දෙන්නේ නෑ’ ඇමරිකානු හමුදාවන්ට රට තුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට හෝ ඉඩ නොතබන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 04 July 2019
ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ තවත් සාමාජිකයකු රටින් පලා යාමට උත්සහ කිරීමේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 July 2019
ජනපතිගේ ප්‍රකාශයට උතුරේ දෙමළ දේශපාලන ධාරාවෙන් විරෝධය එල්.ටී.ටී.ඊ සංවිධානය අවි ආයුධ මිලට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයට උතුරේ දෙමළ දේශපාලන ධාරාවෙන් විරෝධය මතුව තිබේ. 04 July 2019
අටලුගම කාන්තාවට හිරිහැර කළැයි කියන 6 ක් රිමාන්ඩ් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික හිරිහැර සිදුකර පහර දී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධියට අදාළ එම ප්‍රදේශයේ පුද්ගලයින් හයදෙනෙකු ලබන 11 වැනිදා තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (04) නියෝග කළේය. 04 July 2019
අලුතෙන් බඳවා ගත් අයට වැටුප් ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබිලා නෑ දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 04 July 2019
වැලිකඩ 3 වාට්ටුවේ රෝගීන් නව වාට්ටුවකට මාරු කරයි වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුව වෙනුවට වෙනත් වාට්ටුවක් පිළිසකර කර එහි සිටි නේවාසික රෝගීන් නව වාට්ටුවට මාරුකර යවා ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 04 July 2019
හිස්බුල්ලාගෙන් අදත් පැය 5 ක් ප්‍රකාශ ගනී නැගෙනහිර විශ්වවිද්‍යාල ඉදිකිරීම සදහා සවුදි ආරාබියෙන් රුපියල් කෝටි 300 ට වැඩි මුදලක් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කරන විමර්ශයකට අදාළව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (4) පැය 5 ට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි. 04 July 2019
වෛද්‍ය නිර්දේශ මත හිටපු පොලිස්පතිට මාංචු නොදමයි රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රතිකර ලබන නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇඳ මාංචු සහ අත් මාංචු කූට්ටම් යවා ඇතත් වෛද්‍ය නිර්දේශ මත ඒවා නොදැමූ බව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවැසීය. 04 July 2019
ශනිල් නෙත්තිකුමාරට ඇප අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කළ බවට චෝදනා ලැබ සිටින විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නැමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (04) නියම කළේය. 04 July 2019
මොහොමඩ් සියාම් - බිරිඳ ගොනු කළ ඇපෑල ප්‍රතික්ෂේප වෙයි හෙරොයින් කිලෝ 23ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම ඇතුළු දඬුවම් ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරු යැයි කියන මොහොමඩ් සියාම් සහ ඔහුගේ බිරිඳ විසින් ගොනු කර තිබු අභියාචනය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අද (4) යළි තහවුරු කළේය. 04 July 2019
මත්පෙති සමඟ අයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මත් පෙති තොගයක් සමඟ ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 04 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026