(නිමන්ති රණසිංහ )
කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව කොරෝනා වයිරස් තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ සම්න්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග ඊයේ (17* එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡුාවකදී මෙම කරුණු අනාවරණය විය.
ඉකුත් මාර්තු මස 10 වැනිදායින් කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ කාලසීමාව අපේ‍්‍රල් මස 15 වැනිදායින් අවසන් වූ බවත් පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කාර්යාල කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් සදහන් කළ අමාත්‍යවරයා මෙම කාලසීමාව කොරෝනා තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කළ යුතු බවට එලෙස උපදෙස් ලබා දී තිබේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප‍්‍රධාන ශාඛාවේ අත්‍යවශ්‍යම සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් ලබන 20 වැනිදා සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමටත් එසේම, දිවයිනේ පිට පළාත්වල ඇති කාර්යාල විවෘත කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද මෙහිදී අමාත්‍යවරයා එම නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු මාසයේ සිට වසා දමා ඇති මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව දිනකට අලාභය රුපියල් මිලියන 30ක් පමණ වන බවත්, ඇතැම් සේවා සපයන ආයතන ස`දහා ගෙවිය යුතු මුදල් ද ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.
මේ වන විට රියැදුරු බලපත‍්‍ර 50,000ක් පමණ සකස් කර අවසන් බවත්, තවත් 40,000ක් සකස් කිරිමට නියමිතව ඇති බවත් සදහන් කළ අමාත්‍යවරයා, ලබන 20 වැනිදායින් පසුව සකස් කිරිමට නියමිතව ඇති බලපත‍්‍ර සකස් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල් ඉකුත් වූ රියදුරු බල පත්‍ර කොරෝනා අවසන් වන තුරු වලංගුයි