අ’පුර පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ අනවසර ඉදිකිරීමක් අනුරාධපුර පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති භූමියක කාන්තාවක් විසින් අත්තිවාරම කපා එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටින ආකාරය එම ප්‍රදේශයේ අද (09) කළ සංචාරයකදී දක්නට ලැබුණි. 09 July 2019
අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි නිලධරයා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියම කළේය. 09 July 2019
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනාගේ නඩුවේ තීන්දුව අගෝස්තු 8 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අගොස්තු 8 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) නියම කළේය. 09 July 2019
සංස්ථාවෙන් ලංවීමට තෙල් නිකුත් නොකිරීමෙන් විදුලිය කැපීමේ අවදානමක් ඛණිජතෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (09) පැවැසීය. 09 July 2019
‘‘රටේ අනාගතය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක් ගොඩනැගීමෙන්‘‘ ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය සහ ප්‍රගතිය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක ‘නීල ආර්ථිකයක්’ ගොඩනැගීමෙන් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (09) පෙරවරුවේ ප්‍රකාශ කළේය. 09 July 2019
වැලිකන්දට අයිස් වැසි මාස හයකට අධික කාලයක් පොලොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මාන වලට අද (9) සවස අයිස් වැස්සක් ඇද හැළෙමින් පවතී. 09 July 2019
ජනපති එංගලන්තයට යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (09) එංගලන්තය බලා පිටත්ව ගියේය. 09 July 2019
විශ්වාසභංගය ගැන දෙමළ ජාතික සන්ධාන තීරණය පසුවට කල් යයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (9) කැදවූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. 09 July 2019
ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය සමඟ අවබෝධතා ගිවිසුමක් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 July 2019
තවුහීත් ජමාත් සැකකරුවකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නිකවරටියේ දී අත්අඩංගුවට ගත් ජාතික තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රවර්ධන කටයුතුවල නිරතවූ එම සංවිධානයේ ප්‍රධාන සැකකරුවකුව සිටි මවුලවීවරයකු මාස දෙකකට පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය කියයි. 09 July 2019
‘ඉඩම් විශේෂ විධිවිධාන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නෑ’ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 09 July 2019
බීමතින් රිය පැදවූ 18කට දඩ පානදුර දකුණ පොලිස් වසමේ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පැය තුනක් තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 18දෙනෙකු අද(09) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය. 09 July 2019
අන්තරේ විරෝධතා පාගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. 09 July 2019
ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමා තිබේ. 09 July 2019
කැලණියේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි කැලණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීහු සහ ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරු අද (9) වැටලූහ. 09 July 2019
‘එජාප ජනාධිපති අපේක්ෂකයා දැනටත් අතරමං කරලා‘ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් අතරමං කර තිබෙන ස්වරූපයක් දක්නට ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) පැවැසීය. 09 July 2019
‘ආගම මුල් කරගනිමින් තනි පුද්ගල ප්‍රහාර එල්ල විය හැකියි’ පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති නමුත් යුරෝපයේ මෙන් තනි පුද්ගල ප්‍රහාර එල්ල විය හැකි යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පැවැසීය. 09 July 2019
රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත. 09 July 2019
මාතර කුණු ගාල්ලට දින හතරක් පුරාවට මාතර නගරයේ තැන තැන ගොඩ ගැසී ඇති කුණු කසල වලින් කොටුවේගොඩ පොළ භූමියේ තිබෙන කුණු කසල ටොන් පහක ප්‍රමාණයක් ගාල්ල රත්ගම මොන්රොවියාවත්ත කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම මාතර මහ නගර සභාවේ සේවකයෝ අද (09) කටයුතු කළහ. 09 July 2019
හේමසිරිට-පුජිත්ට ඇප හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09 ) නියෝග කළාය. 09 July 2019
ආණ්ඩුකාර නියෝගවලින් දකුණේ පාසල් ප්‍රධානීහු අන්දමන්ද වෙති පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා දකුණු පළාතේ ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණුඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කිරීම නිසා එම පාසල්වල විදුහල්පතිවරු සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැඩි අපහසුතාවට පත්ව සිටිති. 09 July 2019
ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග විවාදය හෙට-අනිද්දා ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) සහ අනිද්දා (11) විවාදයට ගැනීමට ඊයේ (8) රැස්වුණු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත. 09 July 2019
හිටපු සුරාබදු සාජන් මේජර් කුඩුත් එක්ක අල්ලද්දී මව හෘදයාබාධයෙන් මරුට හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54ක් සමඟ සාජන් මේජර්වරයා අත්අඩංගුවට ගෙන ඔහු කැඳවා ගොස් පදිංචි නිවස සෝදිසි කරමින් සිටි අවස්ථාවේ සැකකරුගේ (සාජන් මේජර්) 82 හැවිරිදි මව හදිසියේ රෝගාතුර වී ඇති අතර ඇය මීගහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 09 July 2019
එංගලන්තයෙන් කුණු කන්ටේනර් 98ක් ගෙන්වලා එක්සත් රාජධානියේ සිට නීතිෙවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබීය. 09 July 2019
රක්නා ලංකා සභාපති රිමාන්ඩ් ලංකාව අවට මුහුදේ ‘‘පාවෙන අවි’’ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘රක්නා ලංකා‘‘ ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (9) නියෝග කළේය. 09 July 2019
‘මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ’ ‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති. මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිමි. මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ.කොහොමත් මම අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියා‘ යැයි අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (08) මාතර දී පැවසීය. 08 July 2019
දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුමේ බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට එරෙහිව විරෝධයක් දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුම අසළ ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත එම ස්ථානයෙන් අද (08) සවස ඉවත් කිරීමට ක්‍රියාකර ඇත. 08 July 2019
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ශෛලමය මල් ආසනය අතුරුදන් සාලියවැව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ශෛලමය මල් ආසනය තිබූ ස්ථානයේ නොමැති බව ජනතාව පවසති. 08 July 2019
පොලිස් කොමිසමේ ලේකම් අපේක්ෂිත ඇප ඉල්ලයි ඇවන්ගාඞ් සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි සඳහන් කරමින් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඇයැදුම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 15 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (08) නොතීසි නිකුත් කළේය. 08 July 2019
මෝටර් වාහන සඳහා අනිවාර්යෙන්ම කාබන් බද්ද ගෙවිය යුතුයි මෝටර් වාහන සඳහා මේ වසරේදී අනිවාර්යෙන්ම කාබන් බද්ද ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 08 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026