ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හදුන්වාදීමට යයි දැනට පාවිච්චි කරන දුම්රිය ප්‍රවේශපත්‍රය වෙනුවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රියසේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා ලංකාදීපයට අද (6) පැවැසීය. 06 December 2019
ජවිපෙ මහමැතිවරණයට මාලිමාවෙන්ම එයි ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. 06 December 2019
අ’පුරේ පවුල් 284 ක් අවතැන් පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය මත අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 284 ක් අවතැන්වී සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පවසයි. 06 December 2019
සිරිපා අඩවිය පූජා භූමියක් වෙයි ශ්‍රීපාද අවට ප්‍රදේශය පූජාභූමියක් සහ සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර ජාතික පෙරහර උත්සවයක් ලෙස නම් කළ සන්නස් පත්‍ර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමිට සහ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතාට පිරිනමනු ලැබීය. 06 December 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් දාහත් දෙනා තව දුරටත් 20 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (06))නියෝග කළේය. 06 December 2019
අගරදගුරුතුමෝ ජනාධිපති කොමිෂන් සභාවට යති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්බන්දයෙන් විමර්ශනය කරන කරන ජනාධිපති කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මීට සුළු මොහොතකට පැමිණියහ. 06 December 2019
මහමැතිවරණයට පොලොන්නරුවෙන් එන්නැයි හිටපු ජනපතිට ආරාධනා ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය. 06 December 2019
අල්ලස් කොමිසම ප්‍රියංකර ජයරත්නට යළිත් නඩු පවරයි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (6) කොළඹ මහාධිකරණය හමුවේ යළිත් නඩුවක් පවරන ලදී. 06 December 2019
විද්‍යා ඝාතන සැකකරුවන්ගේ අභියාචන පෙත්සම් සළකා බැලීම කල්යයි 2015 වසරේ යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ දී ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් හත් දෙනෙකු විසින් එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන මැයි මස 19 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණට අද (06) තීන්දු කළේය. 06 December 2019
උඩරට දුම්රිය දියතලාවට පමණයි උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සිට දියතලාව දක්වා සීමාකර ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි. 06 December 2019
සුළු අපනයන බෝග ආනයනය-ප්‍රති අපනයනය තහනම් සුළු අපනයන බෝග ආනයන හා ප්‍රති අපනයන කිරීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. 06 December 2019
වී මෝල් හිමියෝ සහල් වලට පාලන මිලක් ඉල්ලති වෙළඳපොලෙහි සහල් මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බැවින් පාලන මිලක් නියම කර හෝ කඩිනමින් සහනයක් සලසන ලෙස පාරිභෝගික ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. 06 December 2019
ජනපතිවරණ සමයේ පාසල්වලට සිසුන් ගන්න ලියුම් 427 ක් දීලා ඇමැති ඩලස්ගේ නියමයෙන් පරීක්ෂණයක්.ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ. 06 December 2019
වැලිමඩ මාර්ගයට ගස් සමඟ පස්කන්දක් කඩා වැටෙයි බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ ගස්වත්ත ප්‍රදේශයේ දී අද (6) උදෑසන මාර්ගයට ගස්කොළන් සමඟ පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 06 December 2019
බස් රථ දෙකක් ගැටී 18 ක් රෝහලේ ඌරගස්මංහන්දිය අම්බලන්ගොඩ මාර්ගයේ මඩකුඹුර ප්‍රදේශයේදී අද (05) සවස පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලිසිය පවසයි. 05 December 2019
කොළඹ වරායේ ස්කෑනර් පරීක්ෂාවකින් කන්ටේනර් හිරවෙලා දීර්ඝ කාලයක් ගතවන ස්කෑනර් පරීක්ෂාවක් හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් සිය ගණනක් ගාල්කර තැබීමෙන් දෛනික කටයුතුවලට මහත් බාධාවක් පැමිණ ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 05 December 2019
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල පහළට රජය මගින් වැට් බද්ද අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීම සඳහා පාන් හැර බනිස් සහ මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ආර් ජයවර්ධන මහතා පැවසීය. 05 December 2019
රිෂාඩ්ට එරෙහි චෝදනා ගැන හොයන්න කොමිසක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (05) ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත. 05 December 2019
උසස්පෙළ සමතුන් ඉක්මණින් සරසවිවලට ඇතුළත් කරගන්න පසුගිය වසරේ උසස්පෙළ විභාගය සමත් වූ සිසුන් හැකි ඉක්මණින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පැවැසීය. 05 December 2019
තද වැසි සහිත කාලගුණය තවත් සතියක් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් සතියක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 December 2019
ඥානසාර හිමිට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සංශෝධනය කරන්න අවසර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ ගොනු කළ පෙත්සම හා ඒ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය. 05 December 2019
මහ වැස්සෙන් 30,000ක් පීඩාවට දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති තද වැසි, නායයෑම් අවදානම් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,175 කට අයත් 30,838 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 December 2019
බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දියතලාවේන් ඇරඹේ බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (05) දියතලාව දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාවට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 05 December 2019
‘සූර්යතාප - සුළං විදුලි ව්‍යාපෘතිවලට ටෙන්ඩර් කැඳවන්නෑ’ සූර්යතාප විදුලි සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවසර ලබාදීමට හැකිවන පරිදි අලුතින් නීති සකස්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ. 05 December 2019
විපක්ෂ නායක ධුරය සජිත්ට විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ. 05 December 2019
‘ජල බිල වැඩි වන ලකුණු‘ ළඟදීම ජල බිල්පත් වැඩි කරන බවත් එය වැඩියෙන් ජලය පාවිච්චි කරන්නන් වෙනුවෙන් පමණක් වැඩි කරන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍යංශයේ අද (05) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය. 05 December 2019
මුහුදු මාර්ගයෙන් රට යන්න ගිය 15 ක් අත්අඩංගුවට මඩකලපුව හා වාලච්චේන ප්‍රදේශවල සිට පැමිණ මුහුදු මාර්ගයෙන් හොර රහසේ බෝට්ටු මගින් නවසීලන්තය බලා යාමට සුදානම් වූ බව කියන 15 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මීගමුව පොලිසියට බාර දී තිබේ. 05 December 2019
මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් සතුව තිබී ජංගම දුරකථන-ලැප්ටොප් අත්අඩංගුවට මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයින් පිළිබඳ කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස ළඟ තබාගෙන තිබූ ජංගම දුරකතන 75 ක් ලැප්ටොප් පරිගණක 5 ක් මුදල් රුපියල් එක් ලක්ෂ හැත්තෑහය දහසක් අද ( 05) අත්අඩංගුවට ගත් බව ආගම විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී ජී ගයාන් මිලින්ද මහතා පැවසීය. 05 December 2019
සුරාබද්ද ඉහළට දේශීය හා විදේශීය මත්පැන් සඳහා වූ සුරාබද්ද ඊයේ (3) සිට වැඩි කර ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 05 December 2019
අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය රටේ සියලූ ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026