
(*** සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා රජයට චීනයේ සහාය ශක්තිමත්ව ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා හොඳ පරණ මිතුරකු යැයි ද චීන ජනාධිපතිවරයා පවසා තිබේ.
ෂී ජින් පින් මහතා මහින්ද රාජපක්ෂ මහතාට මේ දැනුම්දීම කර ඇත්තේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි මහතා මේ සුබ පැතුම් පණිවුඩය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පෙරේදා (8) පස්වරුවේ බාර දුන්නේය.
චීන වැඩබලන තානාපතිවරයා අගමැතිවරයා හමුවී ඇත්තේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය දී වීම විශේෂත්වයකි.
‘‘ඔබගේ ජයග්‍රහණය දැන ගන්නට ලැබීමෙන් චීනය මහත් සතුටට පත්ව සිටිනවා. ඔබට හා ඔබගේ පක්ෂයට අප සුබ පැතුම් පිරිනමනවා. ඔබලාට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා යැයි චීන කොමියුනිස්ට් පක්ෂ එම නිවේදනයේ දැක්වෙයි.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව තවදුරටත් ඉහළ නැංවීමට නව අවස්ථාවක් උදාවී ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමමින් පණිවුඩයක් එවා ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දීරයේ දී හමුවී මෙම සුබ පැතුම් පණිවුඩය බාර දුන්නේය.
ඉන්දියාවේ අලුතින් වැඩි දියුණු කරන ලද කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩ බැස්සවීම සඳහා ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහි දී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.
අගමැති මෝදි මහතා බුදු දහම ප්‍රවර්ධනයට විශේෂ උනන්දුවක් දක්වන බවත්, සංචාරක ක්ෂේත්‍රය, පුරාවිද්‍යා හා වෙනත් අංශ ආශ්‍රිතව ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ අවධානය හිමිවී ඇති බවත් මහ කොමසාරිස් බග්ලේ මහතා ප්‍රකාශ කළේය.
අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශවීමටත් පෙර අගමැති මෝදි මහතාගෙන් දුරකතන පණිවුඩයක් ලැබීම ගැන සතුටට පත්වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.
එයාර් ඉන්දියා ගුවන් යානය අනතුරට පත්වීමෙන් පීඩාවට පත්ව සිටින පවුල්වලට සිය ශෝකය පළ කරන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් දැනුම්දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිත් ලෑස්තියි උකසට තියන්න.
තව මොනවත් චීනාට විකුණන්න පුළුවන්ද?
චීනය මහත් ප්‍රීතියට පත්වෙනවා තමයි. අපි දැන් ගිණිකොණ දිග චීනය නේ... නම වෙනස් කරන්න විතරයි තියෙන්නේ.
මේ පාර නිලවශයෙන් චීන කොලනියක් කරලා තමයි අපේ රජතුමා නවතින්නේ...
අනේ අපොයි, චීනෙට ඔය දීලා තියෙන දේවල් හොඳටම ඇති. අපේ තව පරම්පරා 7ක් ගෙවලත් ඉවර කරන්න බැරිවෙයි. චීනයේ ඔය හොඳ හිත වගේ යටින් තියෙන්නේ දෙපිටකාට්ටු වැඩ. හොරෙන් රටවල් වල සම්පත් මංකොල්ල කනවා.
චීනයේ අලුත් ප්‍රාන්තයක් වන ලංකාවට අපගේ නොමසුරු සහාය.
ණයට නොව, නොමිලේම කොරෝනාද මොවුන්ගෙන් ලබාගත හැකියි.
ලෝකේ ලොකුම රටවල් දෙකේ ආශීර්වාදය අපේ ආණ්ඩුවට ලැබෙනකොට යූ.එන්.පී.. කාරයෝයි, ජෙප්පන්ටයි ඊරිසියා හිතිලා, එහෙම නායකයින් හොට බිම ඇනගත්තා කියලා ඔච්චර දුක් වෙන්න එපා... ඊළඟ පාරත් අපි එහෙම කරලාමයි නවතින්නේ.
ලංකා භූමිය චීනයට උකසට සින්න වණු නියතයි.