
(තිලකරත්න දිසානායක)
ගම්පහ මහ රෝහලෙහි අධ්‍යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් කරන බව සඳහන් කරමින් හෙද-හෙදියෝ වර්ජනයක් ආරම්භ කළහ.
මේ හේතුවෙන් රෝහලෙහි හදිසි ප්‍රතිකාර අංශයන් හැර සායනික, ශල්‍යාගාර ඇතුළු සියලුම රෝගී සත්කාරක සේවාවන්ගෙන් හෙද, හෙදියෝ ඉවත්ව සිටිති.
මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට හේතුවී ඇති තත්ත්වය පැහැදිලි කරමින් රජයේ හෙද සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය සඳහන් කර සිටියේ, රෝහලෙහි හෙද හෙදියන්ගේ පාලනය පිණිස විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් තිදෙනෙකු සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයා පාලනය අභිබවා යමින් කටයුතු කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙරේදා සිට, රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සේවාවන් හැර අනෙකුත් රෝගී සත්කාරක සේවාවන්ගෙන් ඉවත්ව සිටින බවය.
මෙලෙස වර්ජනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ , තමන් හෙද කාර්ය මණ්ඩලයෙහි කටයුතු සදහා අනිසි මැදිහත්වීමක් කිසිදු අවස්ථාවක සිදු නොකරන බවත් ආයතන ප්‍රධානියා ලෙස රෝහලෙහි කටයුතු නිසියාකාරයෙන් පවත්වාගෙන යාම පිනිස ආයතන සංග්‍රහයට අනුව ක්‍රියාකරන බවත්ය.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම යන මහත්වරුන් සමග විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් සහ හෙද හෙදියන් රෝහල් පරිශ්‍රයේදී සාකච්ඡාව පවත්වා ඇති අතර එය විසඳුමකින් තොරව අවසන්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd