නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (10) පත්කරනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සෙනරත් මහතා මීට පෙරද අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන්ද ඔහු කටයුතු කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ රටවල අධ්‍යාපන පාඨමාලාද්‍ හදාරා ඇත.

(*** නාලක සංජීව දහනායක)