පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ඇමැතිවරු ගැන තොරතුරු ජනපති කොමිසමට පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ. 08 December 2019
ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 December 2019
යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුර බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහට නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇත. 08 December 2019
වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන එල්ල වී ඇත බවට කරුණු හෙළිවීම හේතුවෙන් එම නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම පොලිස්පතවරයාට නියම කර ඇත. 08 December 2019
බැඳුම්කර හොරුන් නීතිය හමුවට ගේන්නයි කෝප් හිටපු සභාපති ඉල්ලයි මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (8) පැවැසීය. 08 December 2019
අපේක්ෂා රෝහලට මහා භාණ්ඩාගාරයෙන් මිලියන 1000 ක් මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 08 December 2019
‘ගමන් බලපත් ඡායාරූපවලට තිලක-රූපලාවන්‍ය එපා‘ ගුවන් ගමන් බලපත් මුද්‍රණය සඳහා කාන්තාවන් ඡායාරූප ගැනීමේදී නළලේ තිලක තබමින් හා අධික ලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරමින් ඡායාරූපයට පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් නීතියක් පනවා තිබේ. 08 December 2019
විල්පත්තුවේ දඩයමේ ගිය සැකකරුවෙක් තෙදිනකින් පසු සොයා ගනී විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දඩයමේ ගොස් වනජීවි නිළධාරින්ගේ මෙහෙයුමක් අතර පලා ගොස් අතරමං වි සිටි දඩයක්කරුවකු අද (8) පිරිසක් විසින් සොයා ගෙන පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 08 December 2019
වැස්ස තවත් වැඩිවන ලකුණු දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ යැයි කාලගුණ අනාවැකි සඳහන් කරයි. 08 December 2019
බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක් එක්සත් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට දුන් නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක් මත කරන ලද්දක් යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 December 2019
තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් නාඩගමේ ඇත්ත ස්ව්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියායැයි කියනු ලබන නාඩගමේ අලගිය මුලගිය තැන් ළඟදීමට රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (7) පැවැසීය. 08 December 2019
ඉන්දියාවේ ගින්නකින් 43 දෙනෙකු මරුට ඉන්දියාවේ නවදිල්ලි නුවර අන්ජ් මන්දි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෝ 43 දෙනෙක් මියගියහ. 08 December 2019
ගාලු කොටුවේ පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටේ ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඊයේ (07) රාත්‍රි සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. 08 December 2019
නිධානයක් ගොඩගැනීමට තැත් කළ පිරිසක් පලා යති ගම්පහ ඉහළ යාගොඩ ප්‍රදේශයේ යාගොඩ කන්ද ගල්තලාවෙහි උමගයක් තුළින් පිරිසක් නිධානයක් ගැනීමට තැත්කරමින් සිටියදී යක්කල පොලීසිය මගින් එම ස්ථානය වැටලීමට පියවර ගෙන ඇත. 07 December 2019
පළමු ප්‍රසූතියේදීම සිව් නිවුන් දරු උපතක් අලවතුගොඩ විලාන උඩගම පදිංචිව සිටින නලින්ද ලක්ෂාන් විජේතුංග මහතාගේ බිරිඳ වන දේවිකා උදයංගනී ජයසූරිය මහත්මිය සිය ප්‍රථම ප්‍රසූතියේදීම සිව් නිවුන් දරුවන් ලබා ගැනීමේ වාසනාව උරුම කර ගත්තාය. 07 December 2019
‘සුරක්ෂා‘ රජයට පවරාගන්න සුරක්ෂා පාසල් සිසු රක්ෂණය පෞද්ගලික අංශයෙන් රජයට පවරා ගන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 07 December 2019
උඩරට දුම්රිය ගමනාගමනය යළි යථා තත්වයට අධික වැසි මධ්‍යයේ බණ්ඩාරවෙල ඔබඩඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩාවැටුණු විශාල පස්කන්ද දින 3ක මෙහෙයුමකින් ඉවත් කර අද (07) පස්වරු 2.30ට පමණ වනවිට උඩරට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 07 December 2019
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දැන් කතා බෑ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කතාකළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 07 December 2019
කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනයි ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය. 1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි. 07 December 2019
අධිකරණය බාරයේ තිබූ මුදල් අතුරුදන් හලාවත මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය බාරයේ රඳවා තබා තිබු දේශීය හා විදේශීය මුදල් තොගයක් අතුරුදහන්ව ඇති බවට ඊයේ ( 6 දා ) රාත්‍රි පැමිණිල්ලක් ලැබි ඇති බව හලාවත පොලිසිය කියයි. 07 December 2019
බදුල්ල - මහියංගණය පාරත් නායයයි බදුල්ල - මහියංගණ මාර්ගයේ බදුල්ල, දුන්හිඳ මැදවංගුව ආසන්නයේදි පස්කන්දක් නායයාමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙසට බදුල්ල පොලිසිය රියදුරන්ට අවවාද කරයි. 07 December 2019
වැස්සට කැඩුණු පාලම එකරැයින් හදයි යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් විසින් පියවර ගනු ලැබීය. 07 December 2019
සෝමාවතිය පුද බිමත් ජලයෙන් යටවෙයි පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මත සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි පැවැසූහ. 06 December 2019
ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් පුද්ගලයන් පිරිසක් විසින් කරන ලද පහරදීමකින් තුවාල ලැබූ ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද (06) සවස රෝහල්ගත කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 06 December 2019
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ. 06 December 2019
‘පාස්කු ප්‍රහාරය ගැන ආ තොරතුරු විහිළුවක් ලෙස සිතීමෙන් මහා ව්‍යසනයක් සිදුවුණා’ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අදාළ අංශ විසින් විහිළුවක් ලෙස සිතීම නිසා රට තුළ එම ව්‍යසනය සිදුවූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 06 December 2019
පොලිස් නිලධාරීන් 60 කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත. 06 December 2019
ලබන අප්‍රේල්-මැයි වන විට දැවැන්ත විදුලි අර්බුදයක් මේ වසරේදී සහ ලබන වසරේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණ වන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීමෙන් ලබන වසරේ අපේ‍්‍රල් - මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 06 December 2019
ලක්ෂ 70 කට වැඩි වටිනා හෙරොයින් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ව සිට දැනට ඩුබායි රටට පලාගොස් සිටින ක`ථ සාගර නැමැත්තාගේ ගෝලයකු රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලාකය පවසයි. 06 December 2019
මුදල් වංචා කළ ගණකාධිකාරිවරයකුට වසර 367ක සිර දඬුවමක් ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි ගණකාධිකාරිවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසු අදාළ චෝදනාවන්ට ඔහුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශිෂී මහේන්ද්‍රන් මහතා, විත්තිකාර ගණකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් සහ වසර 367ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (06) නියම කළේය. 06 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026