IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමැති මණ්ඩලයට සුබ පැතුම් සමඟ පණිවිඩයක්

මහනුවර ඓතිහාසික මඟු‍ල් මඩුවේදී අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දෙන කැබිනට් ඇමැතිවරුන් 28 දෙනාට සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 දෙනාට මුලින්ම අපගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමු.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසි කලෙකත් ළඟා කරගත නොහැකි ජයග්‍රහණයක් වශයෙන් සලකනු ලැබූ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත විජයග්‍රාහී ආණ්ඩුවක සාඩම්බර කොටස්කරුවන් වන මේ මැති ඇමැතීන් 68 දෙනා ඉදිරි පස් වසරක කාලය තුළදී ක්‍රියා කරන ආකාරය ඔවුන්ට ඡන්දය ලබාදුන් සහ නොදුන් සියලු‍ දෙනාගේ බලවත් අවධානයට ලක්වන බවද ඒ සමඟ මතක් කරදීමට ද නොපැකිළෙමු.

මෙවර පත් කෙරෙන නව ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කිව යුතු කරුණක් තිබේ. එය කලක් මේ රටේ ‍ඡන්දදායකයන් තුළ බලවත් විවේචනයකට ලක් වූ ‘ජම්බෝ කැබිනට්’ සංකල්පයෙන් මිදී ව්‍යවස්ථාවෙන් අනුමත 30ක සංඛ්‍යාවටත් වඩා අඩුවෙන් කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාවක් පත්කිරීමට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ගෙන ඇති යහපත් තීරණයයි. තමන් අත තුනෙන් දෙකක බලයක් තිබුණත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරගනිමින් කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දැමීමට 19 වැනි ව්‍යවස්ථාවෙන් සලසා ඇති ප්‍රතිපාදනවලට හිස නොනැමීමට ජනාධිපති සහ අගමැති දෙදෙනා ගෙන ඇත්තේ විශිෂ්ට තීන්දුවකි. එය රටේ ජනතාවගේ ඉහළ ඇගයීමට ලක්වන බව සඳහන් කළ යුතුය.

මෙතෙක් කාලයක් තිබූ සංඛ්‍යාත්මකව ඉහළ ඇමැති මණ්ඩලයකින් මේ රටට ප්‍රමාණවත් තරම් සේවාවක් සිදු වී නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රචාරණ කාලයේ මහජනතාව හමු වූ අවස්ථාවලදී ජනතාවගෙන් එතරම් ඉල්ලීම් ඉදිරිපත් වීමට ඉඩක් නැත. ඒ ඇතැම් ඉල්ලීම් පාර්ලිමේන්තුවෙන් නොව පළාත් සභාවෙන් හෝ පළාත් පාලන ආයතනයෙන් හෝ වුවද ඉටු කරගත හැකි ඒවාය. එහෙත් මහජන මුදලින් නඩත්තු වන මෙතෙක් පැවැති අති විශාල කැබිනට් මණ්ඩල එවැනි මහජන ගැටලු‍ ගැන දක්වා තිබුණේ ඉතාම අඩු අවධානයක් බව එයින් පෙනී ගියේය. රටේ ජනතාවට ‘ජම්බෝ කැබිනට්’ තිත්ත වී ඒවා පත්කර ගත් ආණ්ඩු පවා පළවා හැරියේද ඒ හේතුවෙනි. ලංකාවේ කොච්චර රෝහල් තිබුණත් බොහෝ මැති ඇමැතින් ‘චෙක්අප්’ එකකට පවා ගියේ සිංගප්පූරු රෝහලකටය.

විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාද ගියේ සිංගප්පූරු රෝහලකටය. රට කොතරම් ආර්ථික කඩාවැටීම්වලට ලක් වුවද තමන් පාලනය කරන ඇමැතිවරුන්ට එය නොදැනෙන බවත් ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිතවල කිසිම අඩුවක් නොපෙනෙන බවත් තේරුම් ගත්විට ජනතාව එවැනි තීන්දු ගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත. අද දිවුරුම් දෙන ඇමැති මණ්ඩලය මේ යථාර්ථය පිළිබඳව හොඳින් වටහාගෙන සිටීම අවශ්‍ය බව තරයේම පෙන්වා දීමට කැමැත්තෙමු.

‍මෙවර ඇමැති මණ්ඩලයේ විෂය බෙදාදීම අමාත්‍යධුර පත්කිරීම්වලට පෙර සිටම ප්‍රසිද්ධියට පත්කර තිබීමද විශේෂත්වයකි. එම විෂය බෙදීම තුළද පුළුල් වෙනසක් දැකිය හැකිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ප්‍රමාණවත් තරම් බලතල පවරා දී ඇති අතර අධ්‍යාපනයට රාජ්‍ය ඇමැතිවරුන් 4 දෙනකු පත්කර තිබීමෙන් එම විෂයය සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රමුඛතාව පෙන්වා දී තිබේ. මේ ප්‍රමුඛතා වඩාත් හොඳින් හඳුනාගත යුතු වන්නේ අදාළ රාජ්‍ය ඇමැතිවරුන්ය. විෂය කලින්ම බෙදා දීම හේතුවෙන් කැබිනට් ඇමැතිවරුන් පසුපස ගොස් තමන් වැඩ ඉල්ලා ගැනීමට හෝ එසේ නොලැබෙන විට සිත් අමනාපකම් ඇති කරගැනීමට හෝ දැන් අවශ්‍යතාවක් නැත. අවශ්‍ය වන්නේ බාරදී ඇති වගකීම හරිහැටි ඉටුකිරීම පමණි.

මේ ආකාරයටම නාගරික සංවර්ධන, කර්මාන්ත සහ වැවිලි අමාත්‍යාංශ සඳහා ද රාජ්‍ය ඇමැති පදවි 3 බැගින් වෙන්කර තිබේ. වඩාත්ම කැපී පෙනෙන වෙනසක් පෙන්වන්නේ පුරාවිද්‍යා විෂයයයි. එය මෙතෙක් පැවැති සංස්කෘතිය හා සම්බන්ධ අමාත්‍යාංශවලින් ගලවා ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ. එසේම සංස්කෘතික අරමුදල, මුදල් අමාත්‍යාංශය යටතට ගෙන තිබේ.

මේ වෙනස්කම් සිදුකර ඇත්තේ රජයට ඒ සඳහා ප්‍රමාණවත් තරම් හේතු සාධක තිබීම නිසා යැයි අපි සිතමු. අදාළ විෂය සම්බන්ධයෙන් සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අදාළ අමාත්‍යවරුන්ගේ වගකීම වෙයි. එසේම පෙරපාසල්, දහම් පාසල්, අලි වැට ඉදිකිරීම්, උසස් තාක්ෂණික, කෘෂිකර්ම, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත, ග්‍රාමීය කුඹුරු, විසිතුරු මසුන්, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත වැනි රට පුරා විසිර සිටින විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන මෙතෙක් වැඩි අවධානයක් නොවූ විෂය ගණනාවක් ද රාජ්‍ය අමාත්‍යාංශවලට වෙන්කර තිබීමද විශේෂත්වයකි.

කැබිනට් මණ්ඩලය සීමිත වීම හේතුවෙන් ඔවුන් මත වැඩි වගකීමක් පැවරෙයි. එම වගකීම් සඳහා තමන් කැප වී සිටින බව කතාවෙන් පෙන්වීම පමණක් ප්‍රමාණවත් නැත. එහි ප්‍රතිඵල ද රට හමුවේ ප්‍රදර්ශනය විය යුතුය. රටේ ජනතාව ‘ඇන්දවීම’ දැන් පහසු නැත. මෙවර මනාප සලකුණු කිරීමේදී අලු‍ත් මුහුණු කෙරෙහි තබා ඇති විශ්වාසය එය පෙන්නුම් කරන ප්‍රබල සාධකයකි. තමන් කෙරෙහි විශ්වාසය තබා ඉල්ලා සිටි ආකාරයටම තුනෙන් දෙකක බලයක් ලබා දුන් පොදු මහ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ වැඩ කිරීමෙන් පමණි. ජනතාව තුළ ඇති විශ්වාසය කඩවන ආකාරයට කටයුතු කිරීමේ පලවිපාක එජාපය ප්‍රමුඛ විපක්ෂය මෙවර ලැබූ පරාජය හරහා හොඳින් පෙන්නුම් කර තිබේ.

සුළු පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවී හොඳ කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට රජයට වරම ලබා දුන්නේ රටේ මහජනතාව බව කිසිවිටෙක අමතක නොකළ යුතුය. එම වරමට පයින් ගැසුවොත් යළි ආපසු හැරෙන බවට ජනතාව ප්‍රබල සංඥාවක් ලබා දී ඇති බවද සිහි තබාගත යුතුය.

 



අදහස් (5)

ඇමැති මණ්ඩලයට සුබ පැතුම් සමඟ පණිවිඩයක්

Chandana F Wednesday, 12 August 2020 07:06 AM

හොඳ ලිපියක්...

:       0       2

Champa Wednesday, 12 August 2020 12:33 PM

ව්‍යවස්ථා විශාරද ජී එල් පීරිස් වගේ වියතෙකුට නොදී අධිකරණ ඇමති ධුරය වැනි භාර ධුර ඇමතිකමක් සිංහල බෞද්ධයන්ට නැති අලි සබ්‍රිට දීම ගැන මේ ජනාධිපතිව ගේන්න හදපු හාමුදුරුවරු වග කියන්න ඕනේ... වහල් ආණ්ඩුව කාලේ අලුත් ව්‍යවස්ථාව හැදුවේ එන්ජීඕ කාරයින්. මේ වතාවේ මුස්ලිම් ජාතිකයෙක්... උප්පැන්න සහතිකේ කොටු 18ක් අයින් කරලා සිංහල ජාතිය අජාතික කිරීම ගැන ජයඝෝෂා කළ පුද්ගලයෙක්... මුස්ලිම් ත්‍රස්තවාදය සහ අන්තවාදයට වැරදි අර්ථකතන දීලා සාධාරණීකරණය කරන්න හදපු පුද්ගලයෙක්. මං ගත්තු ලැයිස්තුවේ ජනාධිපති, අගමැති ළඟට තුන්වෙනියා... දැන් සැපද හාමුදුරුවනේ කියලා අහන්නේ නැතුව ඉන්නේ කොහොමද? මොකක්ද මේක නේද හැමදාම විවේචන මිසක් කියන්න හොඳක් ඇත්තේම නැත්ද? හොඳක් තියෙනවා නම් කියනවා. 2015 පෙබරවාරි මුල ඉඳන් මම රාජපක්ෂවරු ගැනයි ඒකාබද්ධ විපක්ෂේ ගැනයි හොඳ ලිව්වා. ඒ හින්දා මට අයිතියක් තියෙනවා විවේචනය කරන්න. ඇමති මණ්ඩලය 26 කියන්නේ ඇස් බැන්දුමක්. ඊයේ ඇමති, රාජ්‍ය ඇමති සහ දිස්ත්‍රික් කමිටු සභාපති කියලා තනතුරු 88ක් දීලා තියෙනවා. මේ හැමෝටම වෙනම කාර්යාල... නඩත්තු වෙන්නේ මහජන මුදලින්... 88 දෙනෙක්...

:       50       7

Champa Wednesday, 12 August 2020 01:06 PM

රාජ්‍ය ඇමති ධූර මම හිතන්නේ ඉස්සෙල්ලා ඉංග්‍රීසියෙන් ලියලා පස්සේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. කියවනකොට හිනා යන රාජ්‍ය ඇමති ධූරත් තියෙනවා. හැම බෝගයකටම වගේ එක රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා. පුවක් වලටත් ඇමතිවරයෙක් නැති එක අඩුපාඩුවක්. අලි වැටටම ඇමතිවරයෙක් ඉන්නවා. අලි වැට කියන්නේ අලි විදුලි වැට නමැති අලියාට විදුලි සැර වද්දල හෝ උණ කටු අන්නලා අලියව එලවන අමානුෂික ක්‍රම 2 නෙමෙයි කියලා හිතනවා. එහෙනම් අලි මිනිස්සු මැරුවට කමක් නැත්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. අලි ගම් වදින්නේ මොකද කියලා ඒකට පිළියමක් යොදන්න ඕනේ. අලිමංකඩවල් ඔක්කොම වහගෙන ඒ තැන්වල එක්කෝ ගෙවල් හදලා නැත්නම් හේන් හදලා සමහර තැන්වල රේල් පාරවල්. අලියා කොහෙන්ද යන්නේ? අලියා කියන්නේ කෑම සහ වතුර හොයාගෙන දවසකට කිලෝමීටර් 30, 40ක් වුණත් ඇවිදින සතෙක්. ශරීර ප්‍රමාණය අනුව කිලෝ 150ක් 200ක් කෑම ඕනේ. මිනිහගේ පැත්තෙන් නැතුව අලියාගේ පැත්තෙන් හිතුවා නම් ප්‍රශ්නේ අමානුෂික නොවෙන ආකාරයට විසඳගන්න පුළුවන්. අලි ඇමතිතුමාට අලියා තරම් විශාල හදවතක් තියෙනවා නම් ප්‍රශ්නේ විසඳගන්න ලේසියි.

:       0       2

Raveendra Wednesday, 12 August 2020 05:03 PM

කතුවැකියෙහි අවශ්‍ය කරුණු කාරණා හොඳින් විග්‍රහ කර තිබීම පිළිබඳව අප කතෘතුමාට ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමු. තමන්ට ලැබුණු මහජන කැමැත්ත මෙතෙක් කල් මහජන නියෝජිතයින් මහජනතාව වෙනුවෙන් සේවය නොකොට වෙනත් රටවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ගොස් අසූචි වලක ඔබාගත් බව නම් පැහැදිලිය. අලුතෙන් පත්වුණු මහජන නියෝජිතයන් මෙන් පිළුණු වුවත් නැවතත් අර පට්ටම් මේ පට්ටම් ගත් සියලුම නියෝජිතයින්ට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු.. මහජනතාවගෙන් ලැබුණු කැමැත්ත අවතක්සේරු නොකොට මෙන්ම ඒ පිළිබඳව හිස උදුම්මා නොගෙන උද්දච්ච ගතිසිරිත් පසෙකලා මිනිසුන් වෙනුවෙන් තමසේවය, යුතුකම් මෙන්ම වගකීම් අවංකව තම උපන් රට වෙනුවෙන් කරන්න. එසේ නොවුනොත් රනිල්ට ඇඩ්රස් නැතිවුණා සේ නුඹලාටද ඇඩ්රස් පමණක් නොව උන්හිටි තැන්ද නැතිවෙනු නියතයි. එලෙසම සියලුම මහජන නියෝජිතයින්ට මෙසේද කියන්නෙමු. අහිංසක මහජනතාවගේ බදුමුදලින් නිසිලෙස රට වෙනුවෙන් වියපැහැදම් කරන්න. එසේ නොවුණොත් මිනිසුන්ගේ සාපයෙන් නුඹලා කිසිවෙකුට ගැලවීමක් නොමැති බවත් සඳහන් කරන්නෙමු...

:       0       103

K Perera Saturday, 15 August 2020 07:05 AM

කර්තෘතුමනි, මේ ඇමැති මණ්ඩලයට පණිවිඩ අවශ්‍ය නැහැ. මොකද මෙයාලා නවකයන් නෙවෙයිනේ. මෙකෙ සිටින බහුතරයක්ම මීට ඉස්සරත් ඇමැතිකම් දරපු, දූෂණ, වංචා සහ නොහැකියාව නිසා ජනතාව කීපවරක්ම ප්‍රතික්ෂේප කරපු උදවියනේ...

:       0       121

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1030 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 639 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 373 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 366 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 916 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 429 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 258 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site