
පාර්ලිමේන්තුව විසින් මන්ත්රීවරුන් සඳහා සකස් කර ඇති අයදුම්පත (අන්තර්ජාලය ඔස්සේ) පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වෙත ලබාදීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) කටයුතු කළේය.
නවවැනි පාර්ලිමේන්තුවේ අග්රාමාත්යවරයා වශයෙන් අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු ඒ මහතා මෙලෙස අයදුම්පත පුරවා එම තොරතුරු ලබාදුන්නේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ලොකුවට හැමදේම පෙන්නුවට රට එකම තැන... තම තමුන්ගේ පවුල් ගොඩ... ඡන්ද ගුණ්ඩු කළ ඡන්දෙ දීපු මිනිස්සු සුපුරුදු පරිදි සිඟමන් යාවි...
හොඳ අදහසක්... ලින්ක් එක කරුණාකර ජනතාවට දෙන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව තැන්පත් කර යවන අයගේ දේවල් දැනගන්න විස්තරයට වත්කම්, බැරකම් ඇතුළත් කළ හැකියි. මොකද 1%නේ පාර්ලිමේන්තුවට දීලා තියෙන්නේ...
ඇත්තම තොරතුරු දානවද කියලා සැකයි.
එතුමා මැජික් එකක් දිහා බලාගෙන ඉන්නවා වගේ...