
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබී ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක් සහ පිඹුරු හැවක් බාරයට ගත් බව නුවරඑළිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා පැවසීය.
වනජීවි කාර්යාලය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බවත්, සත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවත් අතුල යාපා මහතා කියා සිටියේය.
සැකකරු අද(11) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අතුල යපා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරාගෙන කෑවා මදිවට අං තට්ටුවක් හිසේ පළඳගෙන හිටියා.. ඔහොම වෙලා මදි.
ගෝන අං තට්ටු දහ අටක් කියන්නේ ගෝනුන් ම දහ අටක් නේද ... ? මේ වගේ දේවල් නිකං එකතු කරන්නේ නෑ. මේවා ඇතුළේ මහා වංචනික දේවල්, ව්‍යාපාර සිදුවෙනවා. වන සතුන් පෙන්වන ගමන්, එයින් යැපෙන ගමන්, ඒ අහිංසක සතුන් මරා මස් හම් විකුණා අවසානයේදී අං තට්ටු පවා විකුණා දමනවා. මෙහෙමත් තිරිසනුන් ඉන්නා රටක තමයි අප මේ ඉන්නේ පූරුවේ කරුමෙකට...