
(*** සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනකු විපක්ෂය පැත්තේ අසුන්වල අසුන් ගැන්වීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එකම පැත්තක හිඳ ගැනීමට අසුන් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
නව වැනි පාර්ලිමේන්තුව සඳහා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මන්ත්‍රීවරු 145 දෙනෙක් තේරීපත්ව සිටිති. ආණ්ඩුවට සහාය දෙන හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් හයදෙනා සමග එම සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ යන්නේය.
එහෙත් ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්වල අසුන් ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනකු පමණකැයි වේත්‍රධාරීවරයා කීය.
නව වැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් වෙනුවෙන් අසුන් පැනවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අසුන් පැනවීම කරන බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වෙන් කෙරුණු අසුන් වෙනස් නොකෙරෙන බවද ඔහු කීය.
මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් රැසක් පත්ව සිටින හෙයින් ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ පසුපෙළ අසුන් සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පාර්ලිමේන්තුවක් විසඳුමකි.
පොහොට්ටුවට පින් සිද්ධ වෙන්න විපක්ෂයේ අදහස් දරණ අයත් ආණ්ඩුවේ ඉන්නවා. ඒ නිසා ඒක එච්චර ගැටලුවක් නොවෙයි.