
(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව, අභයපුර, නෙළුම්පුර ප්‍රදේශයේදී විදුලි සැර වැදීමකින් විදුලි කාර්මික ශිල්පියෙකු අද(11) මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ පුලස්තිගම, අභයපුර, පදිංචිව සිටි වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු වන වෙලේදෙර රණසිංහ නැමැති 58 හැවිරිදි එක්දරු පියෙකි.
මේ පුද්ගලයා නිවෙසක විදුලිය විසන්‍ධිවීමක් පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ඒ නිවෙස ඉදිරිපිට ඇති විදුලි කණුවකට නැගුණු අවස්ථාවේ විදුලිය සැරවැදී ඇතිබව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එම මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොළොන්නරුව මහ රෝහලේදී අද(11) පැවැත්වීමට නියමිත බව විමර්ශනය කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩබිම් ආරක්ෂා පියවර නොගැනීම ගැන අදාල ප්‍රාෙද්ශීය ඉංජිනේරු, විදුලි අධිකාරිට විරුද්ධව නඩු පැවරීමට සියලු කටයුතු අපවිසින් සිදුකරනු ඇත. නොසැලකිලිමත් නිලධාරින් වැටුප් ලබමින් සේවය පැහැර හැරීමට එරෙහි වෙමු.