’’ලොක්ඩවුන්’’ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි ’’ලොක්ඩවුන්’’ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි 11 April 2020
කොරෝනා පාලනයට ඇපල් - ගූගල් තාක්ෂණයෙන් විසඳුමක් ඇපල් හා ගූගල් සමාගම් එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත. 11 April 2020
හෙරොයින් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සමඟ බද්දේගමදී අයෙක් අත්අඩංගුවට හොරොයින් ගෑම් 2 මිලි ග්‍රෑම් 400 ක් , බැංකු පොත් 4 ක් ඒ. ටී.එම් කාඩ්පත් 26 ක් ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අගලිය පොලිස් මුරපොල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට අද (11) ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා පැවසීය. 11 April 2020
පැය 24 තුළ තුර්කියේ කොරෝනා මරණ 98 ක් තුර්කියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 98ක් සිදුවී ඇති අතර නව රෝගීන් 4 747ක් තහවුරු වී තිබේ. 11 April 2020
වැඩිමිලට සහල් විකුණූ ගාල්ලේ වෙළඳ සැලක් වටලයි රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවි කළ ගාල්ල කරාපිටියේ ප්‍රදේශයේ සුපිරි වෙළදසැලක් අද (11) වැටලීමට ලක්කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පි.ආර්.කේ.එස් බණ්ඩාර මහතා පැවසීය. 11 April 2020
දික්ඔය වතුකම්කරුවන් පිරිසක් ග්‍රාම නිලධාරී කාර්යාලය වටලයි කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 ක දීමනාව තමන්ට නොලැබුණු බව පවසමින් හැටන් ප්‍රදේශයේ පිරිසක් අද (11) ග්‍රාම නිලධාරී කාර්යාලය වටලනු ලැබුහ. 11 April 2020
ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට ඇඳිරිනීතිය නොසලකාහරිමින් රැස් වූ මිහින්තලේ මරණාධාර සමිතියක නිලධාරී මණ්ඩලයක් අද (11) අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පැවසීය. 11 April 2020
පුත්තලම රෝහලේ නම යෙදා ගෙන ගමන් කළ ත්‍රීරෝද රථයක් අත් අඩංගුවට පුත්තලම මූලික රෝහලේ නම සඳහන් කරමින් ගමන් ගත් ත්‍රී රෝද රථයක් යුද හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලිසියට අද (11) භාර දී ඇත. 11 April 2020
අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානයෙන් ගොවීන්ගේ එළවළු මිලදී ගනී පවත්නා ඇඳීරිනීති තත්ත්වය හමුවේ ගොවීන්ගේ අලවි කර ගැනීමට නොහැකි වූ එළවළු තොග ප්‍රාදේශීය මට්ටමින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ නාඋල ගොවි ජනතාවගේ එළවළු තොග මිලට ගැනීම අද (11) සිදු කෙරිණි. 11 April 2020
රුසියාවේ කොරෝනා ආසාදිත ගණන ඉහළට රුසියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,584ක් දක්වා ඉහළ ගොස් ඇත. 11 April 2020
කොළඹින් ඇවිත් තංගල්ලේ ඇවිද්ද කතක් හම්බන්තොට රෝහලට කොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු කාන්තාවක අද(11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ. 11 April 2020
ඇඳිරිය අස්සේ දඩයමේ ගිය සහකාර වතු අධිකාරි ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ඇදිරි නීතිය කාලය තුළ දඩයමේ ගොස් මීමින්නේකු වෙඩි තබා මරා දැමිමේ චෝදනාවට සහකාර වතු අධිකාරිවරයකු ඇතුළු සිව් දෙනෙකු පුත්තලම වන ජිවි පාලන ඒකකය හා වන ජීවි කාලාප ඒකකය එක්ව කල වැටලිමකදි ( 11) දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 11 April 2020
කොරෝනා සමග සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය අද අද(11) සවස 6.45ට කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීමට නියමිතය. 11 April 2020
ආදාහනයට බාධාකළ සැකකරු ඇප මත මුදා හැරේ ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ මළ සිරුරක් ආදාහනය කරමින් සිටියදි ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කලේය. 11 April 2020
වෙළදසල ගිනි ගැනීමෙන් මියගිය පියාගේ සහ දියණියගේ සිරුරු සොයාගනී බලන්ගොඩ රැක්අත්තන මාර්ගයේ ගල්ගොඩ හන්දියේ අද (11) දා අලුයම වෙලෙදසලක හටගත් ගින්නෙන් පිලිස්සී මියගිය පියාගේ සහ දියණියගේ සිරුරු දහවල් සොයාගත් බව පොලිසිය පවසයි. 11 April 2020
වැඩි මිලට සහල් විකුණන වෙළදුන්ට නඩු උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා හෙට (12) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි. 11 April 2020
රෝ බිය දුරුවේවා! අවුරුදු පැතුම් ඉටුවේවා!! ලෝක වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දී සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින්, සුබ මොහොතින් අනිද්දායින් උදා වේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්‍රාර්ථනාව පෙරදැරිව අලුත් අවුරුද්ද දෝතින් පිළිගැනීමට අපි පෙළ ගැසෙමු. 11 April 2020
කෝවිඩ් - 19 දණ්ඩනාත්මක අවවාදය මේ වනවිට සකල ලක්වාසීන්ගේ ප්‍රමුඛම සමාජ ප්රශ්නය බවට පත්ව තිබෙන්නේ කොවිඩ් 19 වයිරසයයි. සමාජයක් හැටියට අප කරන කියන සිතන සෑම දේකම තේමාවේ මුඛ්‍ය අංගය වී ඇත්තේ එයයි. කොතැනත් කතා වෙන්නේ මොකද්ද අපට මේ වුණේ කියලාය. ඒ නිසා සිදුව ඇති විපතේ ස්වභාවය ගැන ධර්මානුකූල විවරණයක් අවැසි මොහොතකට අපි අවතීර්ණ වී සිටින්නෙමු. 11 April 2020
ඇමෙරිකාවේ ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගොස් ඇත. 11 April 2020
ප්‍රදේශ ගණනාවකට දිවා කාලයේ දැඩි උණුසුමක් දිවයිනේ ප්‍රදේශ ගණ්නාවකට අද (11) දහවල් කාලයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 April 2020
දිවයින පුරා ඉන්සියුලින් හිඟයක් දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍යම ඖෂධයක් වන ඉන්සියුලීන් එන්නතේ හිඟයක් දිවයින පුරා පිහිටි සියළුම රෝහල් වල අැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේ . 11 April 2020
දකුණු කොරියාවේ සුව වූ පිරිසකට නැවත කොරෝනා ආසාදනය වෙලා කොවිඩ් -19 ආසාදනය වී සුව වූ රෝගීන්ගේ සිරුරු තුළ යළිත් වතාවක් වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් පෙන්වන බව දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 11 April 2020
පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි මංමාවත්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ලංකාදීපයට පැවසීය. 11 April 2020
අයර්ලන්තයේ අගුලු දැමීම මැයි 05 දක්වා දීර්ඝ කරයි අයර්ලන්තයේ අගුලු දැමීමේ ක්‍රියාවලිය මැයි 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අගමැති ලියෝ වර්ඩ්කාර් පවසයි. 11 April 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 980 දක්වා ඉහළට බ්‍රිතාන්‍යයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 980 ක් සිදුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසයි. 11 April 2020
පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,056 ක් කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ මරණ ගණන ඊයේ (10) 2,000 ඉක්මවා ගියේය . 11 April 2020
කොරෝනාවෙන් ලොව පුරා මියගිය ගණන ලක්ෂය පනී ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 11 April 2020
බලන්ගොඩ වෙළඳ සැලක ගින්නකින් පියා - දියණිය මරුට බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ අද (11) හටගත් ගින්නකින් පියා සහ දියණිය පිලිස්සී මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 11 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 11 April 2020
ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ පිරිසෙන් 5 කට කොරෝනා ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය. 11 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026