රැකියා සුරැකෙන හෙට දවසක් කෝවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් ලෝකයේම ආර්ථිකය කෙතරම් පීඩනයකට පත්ව ඇත්ද යත් ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා තර්ජනාංගුලිය එසවීමට ඇමරිකානු ජනාධිපතිවරයාට සිදුවිය. අද (9 වැනිදා) පස්වරු 3.00 වන විට කොරෝනා වයිරසයෙන් ලෝකය පුරා මියගිය සංඛ්‍යාව 88,000 ක් ඉක්මවා තිබූ අතර ඒ අතර ඇමරිකානුවෝ 14,700ක් සිටියහ. 10 April 2020
කොරෝනා බලපෑමෙන් මිදෙන්න යුරෝ බිලියන 500 ක සහන මල්ලක් කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත්ව සිටින යුරෝපා රටවල් ඉන් මුදාගැනීමට යුරෝ බිලියන 500 ක පැකේජයක් ලබාදීමට යුරෝපා මුදල් අමාත්‍යවරු එකගවෙති. 10 April 2020
වසා දැමූ කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගියකු හමුවීම හේතුවෙන් ඊයේ (9) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද (10) පෙරවරුවේ සිට නැවත විවෘත කර ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය . 10 April 2020
කොරෝනා රෝගියා ගෙනා රියදුරු - සහායක නිරෝධානයනට අම්පාර අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරී වසමෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සඳහා පොලොන්නරුව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ. 10 April 2020
අකුරණ - බදුල්ලේ 12 ක් නිරෝධායනයට කොරෝනා ආසාදිත පුද්ගලයින් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි. 10 April 2020
කරාපිටියේදී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරුපියකුගේ හදිසිමරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා මියගිය පුද්ගලයාගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට අනුව පැය 24 ක් ඇතුළත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආදාහනය සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය. 10 April 2020
කරන්දෙණියට උග්‍ර ජල හිඟයක් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති. 10 April 2020
අල්කාසිම්හි ආසාධිතයා ඇසුරු කළ 65 ක් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍රදේශ වල සැගවී සිටි 65 ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට අද(9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 09 April 2020
රුසියාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවයි රුසියාව අද(09) කොරෝනා ආසාදිත රෝගීන් 10 000 සීමාව පසු කළේය. 09 April 2020
දිවියකු සපා කෑ දරුවකු පුත්තලම රෝහලට විල්පත්තුමායිමේ ඇති පළුලහතුරේ ප්‍රදේශයේ ධීවර රැකියවේ නියැළුණු ධීවරයකුගේ හය හැවිරිදි දරුවකු දිවියකු සපාකැමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ. 09 April 2020
කොරෝනා වසංගතය දේශපාලනීකරණය නොකරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිම රටකට විශේෂත්වයක් නොදක්වන බවත් සෑම රටකටම එක හා සමාන සමීපත්වයකින් කටයුතු කරන බවත් එහි ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි. 09 April 2020
අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි අලුත් අවුරුදු සමයේදී සහල් මෝල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. 09 April 2020
නිරෝධායනය අවසන් කළ 3459 ක් පිටව යති නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 3459 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි කොඩිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය ප්‍රධානි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 09 April 2020
ඇදිරිය නොතකා දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන්කරන්නන් දින 14 ක් නිරෝධනයට ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 April 2020
නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම පිටව යති යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 29 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අවසාන කණ්ඩායම අද (09) සිය නිවෙස් බලා පිටත්ව ගියහ. 09 April 2020
බංග්ලාදේශයේ රෝහින්යා කඳවුරු ප්‍රදේශ අගුලු දමයි කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් රෝහින්යා සරණාගත ප්‍රජාව වෙසෙන කඳවුරු පිහිටි බංග්ලාදේශයේ කොක්ස් බසාර් දිස්ත්‍රික්කය අගුලු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. 09 April 2020
මන්ද මානසික දැරියක් අපයෝජනය කළැයි ප්‍රාදේශීය සභිකයා ඇතුළු පහක් රිමාන්ඩ් දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට පත් තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකයකු ඇතුලූ සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කළේය. 09 April 2020
බන්ධනාගාර රැඳවියා රෝහලෙන් පලා ගිහින් කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුලත් කර සිටි බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (09) සවස රෝහලෙන් පලා ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි. 09 April 2020
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වහයි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියකුගෙන් කොරෝනා වයිරසය ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මුලික ප්‍රතිකාර කළ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද සවස සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. 09 April 2020
මුන්දලම සමෘද්ධි බැංකු නිලධාරියෙකුගේ කන කාලා මුන්දලම පුළිච්චාකුළම සමෘද්ධි බැංකු සංගමයේ පාලක මණ්ඩලයේ ලේකම්ගේ කන සපා කෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි. 09 April 2020
අද එක්වූයේ කොරෝනා රෝගියකු පමණයි ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය. 09 April 2020
ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප්‍රශ්නයක් පැන නොනගින බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 09 April 2020
කොරෝනා මඬින්න ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 24 ක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහාත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හා ආසාදනය වීම පාලනය කිරීම සඳහාත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක (රුපියල් කෝටි 24 කට අධික මුදලක්) මුදලක් පරිත්‍යාග කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. 09 April 2020
පැය 24 ක් තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 938 ක් කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. 09 April 2020
දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනයක් ටින් මාළු ආනයනකරුවන්ට දෙන සහනාධාර නවතා එම සහන දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට ලබා දීමට රජය තීරණය කර ඇත. 09 April 2020
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙනිසියුලාවට ආධාර තොගයක් කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන වෙනිසියුලාවට ටොන් 90ක වෛද්‍ය සැපයුම් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පියවර ගත්තේය. 09 April 2020
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ සභාපති ඊ රාජේන්ද්‍රන් මහතා අද (09) පැවසීය. 09 April 2020
මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට නීතීපතිගේ මාර්ගෝපදේශය බලනොපැවැත්වේ සුළු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ රඳවා සිටින සැකකරුවන්ට කොන්දේසි සහිත ඇප ලබාදීමට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන නීතීපතිවරයා මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්, මුදල් විශූද්ධිකරන්නන් ඇතුළු අපරාධකරුවන්ට මෙම මාර්ගෝපදේශ බලනොපැවැත්වෙන බවද වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. 09 April 2020
මාතර සිට මානනැල්ලට පැමිණි පිරිසක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මාවනැල්ල හෙම්මාතගම සිංහරාජගම ගම්මානයේ වතු අධිකාරිවරයෙකුවරයෙකුට අයත් නිවසකට මාතර ප්‍රදේශයේ පිරිසක් පසුගිය ඇදීරිනිතී කාල සීමාවේ පැමිණිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (09) උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 09 April 2020
පෞද්ගලික බස් රියදුරන්ට - කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාවක් කොරෝනා තත්ත්වය හේතුවෙන් ආදායම් මාර්ග අහිමිව සිටින පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීම සඳහා ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 09 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026