ගෝනෙකු සහ කබල්ලෑවෙකු මැරූ දඩයම්කරුවෙකු අත්අඩංගුවට දැඩි ආරක්ෂිත සත්ව ගණයට අයත් ගෝණෙකු සහ කබල්ලෑවෙකු මරා මස් කර අලෙවි කළ පුද්ගලයෙකු බෝර 12 තුවක්වක් සහ පතුරම් තුනක් සමග අත්අඩංගුවට ගැනීමට මොරගොඩ සහ අලගොල්ලෑව බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (24) සමත්වුහ. 24 April 2020
කෝට්ටේ බාගෙට ඇරපු කඩ වහයි කෝට්ටේ මහා නගර සභා බලප්‍රදේශයේ බාගෙට ඇරපු කඩ හිමියන් දැනුවත් කර කඩ වසා දැමීමට අද (24) පියවර ගත්බව කෝට්ටේ මහා නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසිය. 24 April 2020
වැලිසරින් කුරුණෑගලට ආ නාවික සෙබළුන් සොයයි වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි සියළුම නාවික සෙබළුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම් දී ඇති බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පැවසීය . 24 April 2020
වාරියපොල ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසයි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ඊයේ දිනයේදී කටුපොත ප්‍රදේශයේ දී හමුවූ කොරෝනා ආසාදිත නාවික හමුදා නිලධාරියා සමීපව ඇසුරු කල බව හෙලිවීමත් සමග අද (24) වාරියපොල ප්‍රාදේශීය සභා කාර්යාලය වසා දැමුනු බව සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා පැවසීය. 24 April 2020
සෙබළුන් තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට : නිවාස 13 ක පිරිස් නිරෝධායනයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර ඔවුන් සමිපව ඇසුරු කළ පුද්ගලයින්ගේ නිවාස 13 ක් නිරෝධායනයට ලක් කර ඇතැයි රත්නපුර සෞඛ්‍ය අංශ පවසයි. 24 April 2020
කොරෝනා ආසාදිත තවත් පහක් හමුවෙයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු අද (24) සොයා ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 24 April 2020
වැලිසරින් නිවාඩුවට ආ 31 ක් නිරෝධායනයට කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් වාර්තා වූ වැලිසර නාවික හමුදා කදවුරෙන් (24)වනදා නිවාඩු ලබා පැමිණි බදුල්ල දිස්ත්‍රීක්කයේ නාවික හමුදා සාමාජිකයින් 31දෙනෙකු නීරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සදහන් කරයි 24 April 2020
බදුල්ල ලංගම ආපනශාලාව වහයි බදුල්ල ලංගම ඩිපෝවේ ආපන ශාලාව තුල සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් අනාරක්ෂිත ලෙස ආහාර අළෙවි කිරීම යන හේතු මත දින නියමයක් නොමැතිව එය වසා තැබීමට අද( 24 ) දින වසා තැබු බව මහ නගර සභාව කියයි. 24 April 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 49,000 පනී ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 49,000 ඉක්මවා ගොස් ඇත. 24 April 2020
නේපාලයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබේ. 24 April 2020
‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි සෙඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 24 April 2020
උහන -දමන ගමන් බිමන් සීමා කරයි අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන පොලිස් බල ප්‍රදේශවල තාවකාලිකව ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කර තිබේ. 24 April 2020
නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 23 April 2020
වැලිසර නාවික හමුදා කඳවුරේ 30 කට කොරෝනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය. 23 April 2020
ආර්ථික පිම්මකට මාවතක් - පී. බී. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා මෙරට සමාජ ජීවිතය අකර්මන්‍යය වී ඇති බව අපි කවුරුත් පිළිගනිමු. ඒ සමඟ ජාතික ආර්ථිකය ද අඩාල වී ඇත. කෘෂිකර්මය සඳහා ගොවි ජනතාවට ඉඩ කඩ ලබාදී ඇතත්, කර්මාන්ත අංශය ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී තිබේ. අපේ රටේ ඇඟලුම් කර්මාන්තය ප්‍රධානම ආදායම් මාර්ගයකි. දශක ගණනාවක් පුරා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් මෙන්ම කුඩා නිෂ්පාදකයන්ද මෙයින් ඵල ලබාගත් බව ප්රකටය. එහෙත් ඇඟලුම් කර්මාන්තයට චීනයෙන් ගෙනෙන අමුද්‍රව්‍ය කොරෝනාව හේතුකොටගෙන ගෙන ඒම 23 April 2020
ගෙදරට බඩු ගන්න දුන් පන්දාහත් අරන් බොන්න ගිය තිරිසන්නු කොරෝනා මාරාන්තික වයිරසය යම් පමණකට පාලනයවීම සැලකිල්ලට ගනිමින් ඉකුත් 20 වැනිදා දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය නිශ්චිත කාලසීමාවකට තාවකාලිකව ඉවත් කෙරුණු අතර, ඒ අවසරයෙන් මත්පැන් හල් ද විවාත කෙරුණි. ඉකුත් 21 වැනිදා පෙරවරුවේ රජය යළිත් තීරණය කරනු ලැබූවේ එසේ විවෘත කළ මත්පැන් හල් යළිත් දැනුම් දෙන තුරු වසා දමන බවය. මත්පැන් හල් විවෘත කිරීමත් සමඟ ඇතැම් පළාත්වල ඇතැම් පුද්ගලයන්ගේ අපරීක්ෂාකාරී හැසිරීම් එම තීරණයට බලපා ඇති බව ද ප්‍රකාශ වේ. 23 April 2020
රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඊජිප්තුවේ මේ වනවිට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීති කාලය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා පැයකින් කෙටි කිරීමට පියවර ගෙන ඇත. 23 April 2020
අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය අරඹයි ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (23) නිවේදනය කළේය. 23 April 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 21,000 පනී ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,393ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) පස්වරුවේ නිවේදනය කළේය. 23 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 23 April 2020
ලොව පුරා කොරෝනා මරණ 185,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 1,85,000 ඉක්මවා ගොස් ඇත. 23 April 2020
වනජීවී වෙළඳාම ගැන පියවර ගන්නැයි ඕස්ට්‍රේලියාව ජී 20 රටවලින් ඉල්ලයි වනජීවී වෙළඳාම සම්බන්ධව පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු රජය ජී 20 රටවලින් ඉල්ලීමක් කර තිබේ. 23 April 2020
විජේපාල හෙට්ටිආරච්චි රිය අනතුරක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන් ගත් ජීප් රථය අද (23)සවස බද්දේගම නයාපාමුල අධිවේගී මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී රිය අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි. 23 April 2020
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් නව නිපැයුම් රැසක් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී පහසුව සලසන වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක්, වායු පිරිසිදුකාර යන්ත්‍රයක්,ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ ජංගම දුරකථන මෘදුකාංගයක් අද(23) විශ්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී එළි දක්වනු ලැබීය. 23 April 2020
ළමා මනසේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අගමැති මහින්ද තෝරාගනී ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරාගෙන ඇත. 23 April 2020
පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනම අත්අඩංගුවට ගන්න පරීක්ෂණ වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි හිමිනමක් ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව වාරියපොළ පොලිස් කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා පැවසීය. 23 April 2020
වාරියපොල ආසාදිත සෙබළා ඇසුරු කළ පොලිසියේ දෙදෙනකු නිරෝධායනයට වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් බණ්ඩාරකොස්වත්ත පුබ්බෝව ප්‍රදේශයෙන් අද (23) හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලා සමග සමීපව කටයුතු කළ බව කියන වාරියපොළ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වාරියපොළ කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. 23 April 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 46,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් ඇත. 23 April 2020
මිනුවන්ගොඩ පොලිසියේ 7 ක් හදිසියේ රෝහල්ගත කරයි මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළු හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. 23 April 2020
රතු දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම් කරයි කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය. 23 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026