‘‘කොතැන ගියත් මාර්ග සහ සෞඛ්‍ය නීති රකින්න‘‘ එළඹෙන දීර්ඝ සති අන්තයේ මාර්ග නීති මෙන්ම සෞඛ්‍ය නීති උපරිම ආරක්ෂා කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 23 April 2021
‘‘වරාය කෙටුම්පතේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා‘‘ වරාය නගරය කොමිෂන් සභා පනතට සංකල්පමය වශයෙන් පිවිතුරු හෙළ උරුමය එකඟ වුව ද එහි කෙටුම්පත් කිරීමේ අඩුපාඩු ගණනාවක් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. 23 April 2021
වියලි මිදි රේගුවේදී කහ වෙයි වියළි මිදි යැයි හඟවමින් ඉන්දියාවෙන් ආනයන කළ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 14, 000 කට ආසන්න තොගයක් දින දෙකක් තුළ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. 23 April 2021
සහරාන්ගේ මාමණ්ඩියත් අල්ලයි පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වශයෙන් හැදින්වෙන සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදය සම්බන්ධ පන්තිවලට සහභාගි වූ පුද්ගලයෝ තිදෙනෙක් කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 23 April 2021
‘‘වරාය විශේෂ කොමිෂමෙන් මුදල් අමාත්‍යාංශය වඳ කරලා‘‘ කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් මුදල් අමාත්‍යාංශය වඳ කිරීමට ක්‍රියාකර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ දී අද (22) පැවසීය. 23 April 2021
හරීන් සී අයි ඩී යට කැඳවයි පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. 23 April 2021
කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට රැස්වේ ශීඝ්‍රයෙන් ඉහල යන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(23) පස්වරුවේ රැස් වීමට නියමිතය 22 April 2021
පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් වන්දි ඉල්ලති පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන වලට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුලු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් කොළඹ දිසා අධිකරණයේ හා මීගමුව දිසා අධිකරණයේ නඩු 284 ක් ගොනු කරනු ලැබුහ. 22 April 2021
අලුත බැඳපු යුවළට කොරෝනා:150 නිරෝධායනයට වත්තල හැදල සුපිරි හෝටලයක මංගල උත්සවයක් පැවැත්වූ මනාලියට සහ මනාලයාට කොරෝනා වෛරස ආසාදියන් බවට හදුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 22 April 2021
‘හුස්ම වෙනුවෙන්’ කොටුවේ රඟති ‘හුස්ම වෙනුවෙන්’ යන තේමාව යටතේ ස්වභාදහම් හා පාරිසරික අධ්‍යන මධ්‍යස්ථානය සංවිධානය කළ ජනතාව දැනුම්වත් කිරීමේ වීදිනාට්‍ය ප්‍රසංගයක් සහ අත්පත්‍රිකා බෙදාදීමක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (22) සවස පැවැත්විණ. 22 April 2021
උතුරේ සිසුන්ටත් අලුත් අවස්ථාවක් යාපන විශ්වවිද්‍යාලයට අනුබද්ධ ධීවර හා ජලජීවී පීඨය මුලතිව් ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ලංකාදීපයට පැවැසීය. 22 April 2021
පානදුරේත් කොරෝනා පොකුරක් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 22 April 2021
වරාය නගර පෙත්සම පිළිබඳ නීතිපතිගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ නීතිපතිවරයා ගේ කරුණු දැක්වීම හෙට (23) පෙරවරු 10.00 දක්වා. කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(22) නියම කළේය . 22 April 2021
ගනේවත්තෙන් ආසාදිතයන් 148ක් ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 22 April 2021
හරීන් ගැහුවැයි තිස්ස කුට්ටිආරච්චි පොලිසි යයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට පහර දුන් බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 22 April 2021
රැකියා නැති උපාධිධාරීහු රැකියා ඉල්ලති අසාධාරණයට පත් රැකියා නොලැබුණු සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දිමා කඩිනම් කරන ලෙසත් 2020 රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධනය කළ පා ගමන හා උද්ඝෝෂණයක් අද 22 පැවැත්විය. 22 April 2021
‘‘බැටිකලෝ කැම්පස් ආයතනයේ සම්පත් රජයේ විශ්ව විද්‍යාලයකට‘‘ මඩකලපුව බැටිකලෝ කැම්පස් ආයතනයේ සම්පත් රජයේ විශ්ව විද්‍යාලයකට හෝ විශ්ව විද්‍යාලයක මණ්ඩපයකට පැවැරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22 )පැවැසීය. 22 April 2021
මත් රියැදුරන් අල්ලන්න තාක්ෂණය ගෙනෙයි මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා විදේශ රටවල භාවිතා කරන විශේෂ උපකරණ මෙරටට ඇනවුම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 22 April 2021
හරීන් රෝහල්ගත වෙයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇත. 22 April 2021
මංගල-අවමංගල උත්සව සඳහා පිරිස සීමාකිරීමට අවධානය විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට අවධානය යොමු කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය. 22 April 2021
කැරොලයින්ගෙන් සැර ප්‍රකාශයක් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී සිදුවූ බලපෑම්, බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙලෙසීම් දුටු විට තමාට එය නොදැක්කා සේ සිටිය නොහැකි වූ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයට දන්වා ඇත. 22 April 2021
ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රීතාන්‍යයේ සැර වයිරසයද බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා ශෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි. 22 April 2021
ප්‍රවීණ රංගන ශිල්පිනී පුණ්‍යා හීන්දෙණියගේ සැමියා දිවිමඩලින් සමුගනී ප්‍රවීණ රංගන ශිල්පිනී පුණ්‍යා හීන්දෙණිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ විශේෂඥ වෛද්‍ය මෙල්රෝයි නානායක්කාර මහතා අද (22) එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. 22 April 2021
‘‘වත්මන් රජය එක වාර්තාවකින් දේශපාලන සතුරන් විනාශ කරනවා‘‘ හිට්ලර් එක රැයකින් තම දේශපාලන සතුරන් විනාශ කළා සේ වත්මන් රජය එක වාර්තාවකින් තම දේශපාලන සතුරන් විනාශ කරන්නට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2021
අවුරුදු සමයේ දුම්රියත් ගානක් හොයා ගනී උත්සව සමයේ ගතවූ දින 10ක කාලය තුළ රුපියල් කෝටි 13ක් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවැසීය. 22 April 2021
කොරෝනා අවදානම ගැන මැති ඇමැතින්ට නිවේදනයක් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ දි හා ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සහ කොරෝනා නීති සම්බන්ධයෙන් ඔවුන්ට යළි සිහි කැඳවීම් කෙරෙන නිවේදනයක් කතානායකවරයාගේ උපදෙස් අනුව ඉදිරි දිනවල නිකුත් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 22 April 2021
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22) සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 22 April 2021
අධිවේගයේ මදාවි ගමනේ ගිය පස් දෙනාට ඇප දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරික්ෂාකාරි අන්දමින් ගමන් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රිමාන්ඩ් ගතව සිටි සැකකරුවන් පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (22 ) නියම කළේය . 22 April 2021
ආබාධිත රණවිරුවෝ සයුර තරණය කරති ආබාධිත රණ විරුවන් පිරිසක් හික්කඩුව ගැඹුරු මුහුදේ කිමිදීමේ පුහුණුවකට එක් වූහ. ආසියාවේ මෙවැනි පුහුණුවක් පවත්වා ඇත්තේ ප්‍රථම වතාවටය. 22 April 2021
‘‘යහපාලනය පලිගැනීම ජාතික කලාවක් කළා‘‘ යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක් බව පත්කළ මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026