සහරාන් සමග සම්බන්ධතා පැවැත් වූ දෙකක් පොලිස් දැලේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුට ආරක්ෂාව සැලසූ බව කියන පුද්ගලයන් දෙදෙනකු මඩකළපුවේ දී සහ කාහටගස්දිගිලිය දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 11 June 2021
තැනින් තැන අදත් වැසි වාර කිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 June 2021
‘‘නැවේ ගින්නේන් පරිසරයට වූ හානිය වසර 20ක් තියේවි‘‘ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 11 June 2021
කටාර් රාජ්‍යයේ ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් පළමු තොගය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 10 June 2021
ගින්න නිවන්න සහය දුන් ඉන්දීය නැවියන් ඇගයීමට කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මැයි මස 20 වන දින ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කරගැනීම සඳහා සහය දුන් ඉන්දීය නෞකාවන්හි අණදෙන නිලධාරීන් වෙත ඇගයීම් ලිපි ප්රදානය කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතින් කොළඹ වරාය පරිශ්‍රයේදී ඊයේ (10) සිදුකෙරිණි 10 June 2021
ශ්‍රී ලාංකික විද්වතෙක් ධවල මන්දිරයේ ලොකු පුටුවකට ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අධ්‍යාපනවේදියකු සහ පර්යේෂකයකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ (ජනාධිපති) ධවල මන්දිර අධිශිෂ්‍යත්ව කොමිසමට පත් කර ඇත. 10 June 2021
ලෝක වාර්තාවක්: බබාලා 10ක් නව ලෝක වාර්තාවක් තබමින් දකුණු අප්‍රිකාවේ මවක දරුවන් 10 දෙනකුට උපත ලබා දී ඇත. 10 June 2021
කොරෝනා මර්දනයට ස්වේච්ඡා බලකායක් කොරෝනා මර්දනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡා බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 10 June 2021
කොළඹ එන්නත් කරණයෙන් පිරිසක් ඉවත් වෙති කොරෝනා එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වී තිබේ. 10 June 2021
කොවිඩ් ආසාදිතයින් තවත් 2142ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,142 දෙනකු අද (10) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 10 June 2021
දින 22කට පසු රට සඳුදා ඇරෙයි දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරාල් ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි. 10 June 2021
තත්ත්වයෙන් බාල ඔක්සි මීටර් 3400ක් සමග තුනක් මාට්ටු නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ඔක්සි මීටර් 3400 ක් සහ එය ප්‍රවාහනය සදහා යොදා ගත් බව කියන වෑන් රථ දෙකක් මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි . 10 June 2021
‘‘සංචරණ සීමාවල ප්‍රතිඵල පෙනෙන්නට තියෙනවා‘‘ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවත් පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීමද අඩුවී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 10 June 2021
ප්‍රා. මන්ත්‍රී රෙද්දක් හැට්ටයක් ඇඳ සභාවට එයි කුලියාපිටියට ලබා දුන් ශික්ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය. 10 June 2021
රාජ්‍ය සේවකයෝ දීමනාවක් ඉල්ලති අත්‍යාවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සේවකයින්ට මාසිකව විශේෂ දීමනාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි. 10 June 2021
‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘ කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරොද රථ රියදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි. 10 June 2021
කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 10 June 2021
’’ඩෙල්ටා’’ ප්‍රභේදය ඕස්ට්‍රේලියාවට ගියේ ලාංකිකයකුගෙන් නොවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නහි කොරෝනා පොකුරක් ඇති කිරීමට මුල්වූ පුද්ගලයා මෙරට සිට එහි ගිය පුද්ගලයකු නොව මෙරට හරහා ගිය පුද්ගලයකු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය . 10 June 2021
මෙරට ලාබාලම කොරෝනා මරණය ගම්පොළින් ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකුගේ මාරණයක් වාර්තා වන බව සෞඛය අංශ පවසයි.මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඞ් මරණය එය බව රජය නිවේදනය කර තිබේ. 10 June 2021
දින දෙකට වාහන ලක්ෂයක් එහා මෙහා ගිහින් සංචරණ සීමා ක්‍රියාත්මකවූ පසුගිය 7 සහ 8 යන දෙදිනේදී අධිවේගී මාර්ගවල වාහන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 10 June 2021
නැවක බෝයාවක් මෙරගල්ල වෙරළට අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් අද (10) සොයා ගත් බව අලුත්ගම මොරගොල්ල සංචාරක පොලිසිය පවසයි. 10 June 2021
අනතුරින් පසු බසයට පහර දුන් පහක් අල්ලයි නිරෝධායනය සඳහා යොමු කළ පිරිසක් රැගෙත් සුඛෝප භෝගී බසරථයක යාපනය, මට්ටුවිල් ප්‍රදේශයේ දී පා පැදිකරුවකු ගැටී මිය යාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගල්මුල්වලින් පහරදී අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි. 10 June 2021
කොල්ලුපිටියේ සාදයට ගිය නවයට ඇප නිරෝධායන නිති උල්ලංඝනය කරමින් කොළඹ කොල්ලූපිටිය ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු නව දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2021
රනිල් මේ මස 22 දිවුරුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 10 June 2021
සෞඛ්‍යයේ අවසර පත්‍රයෙන් කුඩු විකුණලා සංචරණ සීමා පවතින කාල කාලසීමාව තුළදී අලෙවිය සඳහා රැගෙන යාමට සන්තකයේ තබාගෙන තිබූ කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යය සමග කොළඹ සොයිසා කාන්තා රෝහලේ සුළු සේවකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි. 10 June 2021
ලක්ෂ 22 ක මුදල්-මත්කුඩු සමඟ යුවළක් මහනුවරින් අල්ලයි සුඛෝපභෝගී මෝටර් රථයකින් මහනුවර හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදා හරිමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය පවසයි. 10 June 2021
ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 ක් හෙට දිවයිනට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා හැට පන් දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය . 10 June 2021
වසරේ පළමු සූර්යග්‍රහණය අද මෙම වසරේ පළමු සූර්යග්‍රහණය අද (10) සිදුවන අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 10 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක්? ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් ප්‍රදර්ශනය වන බව වාර්තා . 10 June 2021
එලෙව පොල් පෙනෙන රජරට සහල් මිල රජරට ප්‍රදේශයේ සහල් මිල යළිත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 10 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026