ඉන්ධන මිල ඉහලට ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. 11 June 2021
තවත් අසාදිතයින් 527 ක් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවත් 527 දෙනකු අද (11) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 11 June 2021
කොවිඩ් ආසාදිතයින් තවත් 2232ක් වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,232 දෙනකු අද (11) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 11 June 2021
නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 11 June 2021
එන්නත් ගත් ඇඟළුම් සේවිකාවෝ 40ක් රෝගී වෙති අනුරාධපුර, පණ්ඩුලගම ඇඟලුම් කම්හලක සේවක,සේවිකාවන්ට සිනොපාම් එන්නත ලබාදීමෙන් පසු සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. 11 June 2021
සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 June 2021
එකම පවුලේ 11කට කොරෝනා හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම කාර්යාලය තොරතුරු පවසයි. 11 June 2021
සී.අයි.ඩි. මුල් පුටුවකට පළමුවරට සියුමැලි දෑතක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි. 11 June 2021
‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘ රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි 11 June 2021
ඉන්ධන මිලේ සංශෝධනයක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 11 June 2021
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 11 June 2021
අයි.ඩී.එච් රෝහලත් කොරෝනා රෝගීන්ගෙන් පිරිලා කොවිඩ් රෝගීන්ගෙන් අයි .ඩී. එච් රෝහල පිරී ගොස් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 11 June 2021
අරක්කු පැන්නීමේ සිද්ධියට:අපු‘ර සතොසේ දෙදෙනකු තාවකාලිකව ඉවතට අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස ප්‍රධාන අළෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අළෙවිසලේ මුද්‍රා කඩා මත්පැන් බෝතල් 800 ක් විණුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ එහි කළමනාකාරවරිය සහ මත්පැන් අළෙවිසලේ සේවකයා සේවා කටයුතුවලින් තාවකාලිකව ඉවත් කරන බව සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. 11 June 2021
රඹුටන් ගසක දෙබළක සිරවී දැරියක් මරුට බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයේ නිවෙසක රඹුටන් ගසක නැඟ සිටි සිටි අවරුදු 10 වයසැති දැරියක පය ලිස්සා එම ගසේ දෙබලක් මතට ඇඳ වැටී ගෙල සිරවී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 June 2021
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පොළොන්නරුවේ ඉදි කෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ විවෘත කෙරිණි. 11 June 2021
බැංකු ණය සහන නොලැබුණු අයට ඒ ගැන කියන්න අංකයක් බැංකුවලින් ණය සහන නොලැබුණු ගනුදෙනුකරුවන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. 11 June 2021
නැවේ ගින්නෙන් පීඩාවට පත් වූ ධීවරයනට එක්සත් ජනපදයෙන් ආධාර එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සහන සැලසීමටත් ඊට ප්‍රතිචාර දැක්වීමට ගෙන ඇති ක්රියාමාර්ගවලටත් සහාය දැක්වීමක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක මානුෂීය ආධාරයක් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. 11 June 2021
පොලීසියේ තවත් 20 කට කොරෝනා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට සහ ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සහ නිලධාරීන් විසි දෙනකුගෙන් යුත් නව කොවිඩ් ආසාදිතයින් පොකුරක් බිහිවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (11) පැවසීය . 11 June 2021
‘ස්පුට්නික් v‘ තවත් 65,000ක් ශ්‍රී ලංකාවට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 ක තොගයක් අද (11) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. 11 June 2021
සජිත් යුවළ සුවය ලබා නිවෙසට යති කොරෝනා අසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි පේමදාස මහත්මිය සුවය ලබා සිය නිවස වෙත අද(11) පැමිණියහ. 11 June 2021
කුකුළන් 1500ක් එක්ක ලොරිය වික්ටෝරියා ජලාශයට කුකුළන් 1500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගනය - මහනුරව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල පාලම කඩාගෙන වික්ටෝරිය ජලාශයට පෙරළීමෙන් එහි රියැදුරා සහ ප්‍රවාහනය කරමින් තිබූ කුකුළන් 1500ම මරණයට පත්ව ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි. 11 June 2021
රනිල්ට අනුරකුමාර ළඟම ආසනය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මැතිසබයේ වෙන් කෙරුණු ආසනයට යාබද ආසනය වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 11 June 2021
පී:එච්:අයි ට පහරදුන් තරුණයා අත්අඩංගුවට වව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැක කෙරෙන තරුණයා අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි. 11 June 2021
සැන්ඩෝ හැරිස් දිවි රඟ මඩලෙන් බැසයයි ප්‍රවීණ රංගන සහ ප්‍රහසන ශිල්පී සැන්ඩ්‍රෝ හැරිස් මහතා අද (11) හදීසියේ අභාවප්‍රාප්ත වී ඇත. 11 June 2021
මොරටුව නගරාධිපතිට ඇප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බණ තර්ජනය කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කළේය. 11 June 2021
කොරෝනා මරණ තවත් 101 ක් කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය. 11 June 2021
ඉන්දියාවෙන් ඇවිත් සැඟව සිටි අයකු අල්ලයි වසර දහයකට අධික කාලයක් පුරා ඉන්දියාවේ සැඟව සිට එහි කෝවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් මුහුදු මගින් මෙරටට පැමිණ මුල්ලියාවේලි ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 11 June 2021
සිව් හැවිරිදි දරුවාට බියර් පෙවූ අයකු මාට්ටු වයස අවුරුදු 4 ක කුඩා දරුවකුට බීර පෙවූ බව කියන 25 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි. 11 June 2021
කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600ක් මෙම වසරට ’කොවිඩ්’ මර්දන එන්නත් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 76 ක් හෙවත් රුපියල් කෝටි 7600 ක් අවශ්‍ය වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 11 June 2021
අරක්කු පන්නද්දි සතොස ආරක්ෂක කැමරා ලෙඩ කරලා අනුරාධපුර සතොස අලෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අලෙවි සැලට මුද්‍රා තබා තිබියදී නීති විරෝධී ලෙස විවෘත කර මත්පැන් අලෙවි කළ අවස්ථාවේදී එහි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අකීය කර ඇතැයි ලංකා සතොස ආයතනයේ ප්‍රධානියෙක් පවසයි. 11 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026