ගැඹුරු මුහුදේදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයකු බේරාගෙන නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් අද (18) හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.