නිරෝධායන නීති කැඩු 245 ක් පැය 24 කදී අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 245 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 July 2021
නෙල්කාට ඔලිම්පික් විනිශ්චයට වරම් ජපානයේ තෝකියෝ නුවරදී ලබන ජුලි 23 වැනිදා පැවැත්වීමට නියමිත “2020 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ” බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ටී. නෙල්කා ශිරෝමාලා සුදුසුකම් ලබා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 19 July 2021
අද දවසේ කාලගුණය සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (19) විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2021
කැබැලිත්ත දේවාලයට මහා පිරිස් ඇදෙති කතරගම පෙරහර බලන්න අවසර නොමැති නිසා බැතිමතුන් කැබැලිත්ත දේවාලයට වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි. 19 July 2021
’’අද හෙට කොළඹ ඉන්න ඕන’’:ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත . 19 July 2021
වැරදි වැඩක් කළ චීන ජාතිකයෙක් මාට්ටු වරාය නගරය අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට කටයුතු සඳහා අනවසරයෙන් පුද්ගලයන් සිවුදෙනකු රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 July 2021
ෆයිසර් එන්නත් හැටදහසක් කටුනායකට ශ්‍රී ලංකාව මිළදී ගත්, ’’ ෆයිසර් ’’ එන්නත් 60,000 ක තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 19 July 2021
විවිධ වැරැදිවලට සම්බන්ධ 3009ක් පොලිස් දැලේ දිවයින ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 14000 යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3909 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 July 2021
කොල්ලුපිටියේ පාරවල් දෙකක ගමන අද එක දිසාවට කොල්ලුපිටිය, උත්තරානන්ද සහ රොටුන්ඩා මාවත්වල අද (19) පෙරවරු 6.00 සිට වාහන ධාවනය එක දෙසකට පමණක් සීමා කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 19 July 2021
උදයගේ විශ්වාසභංගය පරද්දන්න තීරණය කරයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය 19 July 2021
රට රටවල කොරෝනා වාර්තා ජුලි 18 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 18 July 2021
අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ටත් කොරෝනා එන්නත වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 18 July 2021
කොරෝනා අවදානමක් නිසා පාර්ලිමේන්තුවේ කුස්සිය වහයි පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. 18 July 2021
‘‘කෝවිඩි අවදානමෙන් අප තවමත් මිදි නෑ‘‘ ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ‘කොවිඩ්’ අවදානමෙන් ගැලවී නොමැති බවට හොඳම සාක්ෂිය යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 18 July 2021
කොරෝනා ආසාදිතයන් 1022ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1022 ක් අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 July 2021
අන්තර් ප්‍රවාහන සේවා නතර කිරීමට හේතුව ඇමැති කියයි පළාත් සංචරණ සීමා තිබියදී සීමිතව යොදවා තිබූ බස් රථ හා දුම්රිය ධාවනය අගෝස්තු මස 01 දක්වා අත්හිටවීමට සිදුවූයේ එම බස් රථවල වැඩිපුරම ගමන් කොට තිබුණේ අත්‍යවශ්‍ය සේවාවලට ඇතුලත් නොවන පිරිස් වීම හේතුවෙන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 18 July 2021
කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් 2250ක් ගර්භණි මව්වරුන් 2250 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 18 July 2021
අපේක්ෂකයන්ට ආචාර ධර්ම පද්ධතියක් මැතිවරණ ක්‍රමය පමණක් නොව මැතිවරණ සංස්කෘතියද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා රැසක් ඉදිරිපත්ව ඇතැයි එම විශේෂ කාරක සභාව පවසයි. 18 July 2021
ආබාධිත වූ අයට ළඟටම ගොස් එන්නත් දෙයි රට පුරා සිදුකරන කෝවිඩ්19 වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට සමගාමීව නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණය වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් අද ආරම්භ කර ඇත 18 July 2021
තරුණියක් මීටර් 97 උස ඩෙවෝන් ඇල්ලෙන් පහළට දිඹුල - පතන ඩෙවෝන්දිය ඇල්ලෙන් පහළට ඇඳ වැටී තරුණියක අතුරුදහන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි. 18 July 2021
‘ඉන්ධන හිඟයක් ඇතිවනවායැයි බොරු ප්‍රචාරයක් පතුරුවනවා‘ ආණ්ඩුවට තෙල් මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා ඉදිරියේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 18 July 2021
‘අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න සියලුදෙනාගේ සහය ඕනෑ‘‘ මුදල් අමාත්‍යවරයා ලෙස මූලික ඉලක්කය හාල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 18 July 2021
‘ඩෙල්ටා‘ පැතිරීමේ අවදානම වැඩියි ඉන්දීය ’’ඩෙල්ටා’’ සැර කොරෝනා ප්‍රභේදය ඉදිරියදී මෙරටේ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය . 18 July 2021
‘ප්රභාගේ‘චරිතය රුපියල් 50 ට වික්ක දෙකක් මාට්ටු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වෙළුපිල්ලේ ප්රභාකරන්ගේ ජීවන චරිතය අලලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් භාගත කර අළෙවි කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 July 2021
ගිරිබාව නගරයේ උද්ඝෝෂණයක් තෙල් මිල හා බඩු මිල වහා අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරිමට සංවිධානය කළ උද්ඝෝෂණයක් ගිරිබාව නගරයේ දී අද (18) පැවැත් විය . 18 July 2021
ගැබිනි මව්වරුන්ට ෆයිසර් ,මොඩර්නා දිය හැකිද බලන්නැයි ඉල්ලයි ගැබිනි මවුවරුන් සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත. 18 July 2021
අලියකුගේ පහරදිමකින් දෙදෙනකු මරුට කහටගස්දිගිලිය ,කොක්මඩුව ප්‍රදේශයේ කුඹුරු යායකට අද (18) උදැසන කඩාවැදුණු වල් අලියෙකු පළවා හැරීමට පැල් රකිමින් සිටි ගොවීන් පිරිසක් කටයුතු කළ අවස්ථාවේ ආපසු හැරී ගොවීන් පසුපස පන්නාගෙන ආ එම වල් අලියා සිදුකළ පහරදීමෙන් ගොවීන් දෙදෙනෙකු මරණයට පත්වී ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසයි. 18 July 2021
රන්ජන් රෝහලෙන් යළි බන්ධනාගාරයට දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්රතිකාරවලින් පසු අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 18 July 2021
කැබ්රිය පාළමකින් පෙරැළි 7 ක් රෝහලේ යාපනය මුතූර් ප්‍රදේශයේදී කැබ් රියක් පාළමකින් පෙරැලී යාම හේතුවෙන් එහි ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි. 18 July 2021
කොරෝනා වැළඳුණු යාපනයේ ව්‍යාපාරිකයන් හයක් අතුරුදහන් යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි ප්‍රදේශයේ කොවීඩ් 19 වයිරසය වැළඳුනු ව්‍යාපාරිකයන් 06 දෙනකු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි යාපනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 18 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026