මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කළලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ කියයි. 25 August 2021
කොරෝනා රෝගියකුට සාර්ථක සැක්කමක් හෘදයා බාදයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියකු ස්ටෙන්ත් සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සමත් විය. 25 August 2021
පොලිස් ලොක්කන් කළ ප්‍රකාශය ආගමික නායකයෝ හෙළා දකිති උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ දී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 25 August 2021
“සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ’’ සීනි ලෝකවක් රුපියල් 210 කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100 ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 25 August 2021
රිෂාඩ් සම්බන්ධයෙන් බන්ධනාගාර පරීක්ෂණ අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව බන්ධනාගාරය මගින් සිදුකළ පරීක්ෂණයට අදාළ සියලු විමර්ශන අවසන් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි. 25 August 2021
ගම්පහ රෝගීන් වැඩියි:වාට්ටුවක් හදන්න ආධාර පතයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි තවත් අධි දැඩි සත්කාර ඒකකයක් සහ ඇදන් 50 කින් යුත් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් අලුතින් ස්ථාපිත කිරීම පිනිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතන බව රෝහල් පදනම පවසයි. 25 August 2021
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ තනතුරින් ඉරාජ් ඉල්ලා අස්වෙයි ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරයා ලෙස පත් කෙරුණු සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 25 August 2021
අතරමැදි ගබඩා 6කින් වී කිලෝ ලක්ෂ 40ක් අල්ලයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදියන්ගේ ගබඩා හයක් වටලා වී කිලෝ ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු ආධිකාරිය බාරයට ගෙන මුද්‍රා තැබූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2021
ත්‍රස්ත සැකකරුවන් ගැන උපදෙස් ගැනීමට උපදේශක මණ්ඩලයක් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම, නිදහස් කිරීම සහ ඇප ලබාදීම ඇතුළු තීරණ සම්බන්ධයෙන් තමාට නිර්දේශ සහ උපදෙස් ලබා දීම සඳහා උපදේශක මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 25 August 2021
ගුවන් හමුදාපතිවරයා ස්වයං නිරෝධායනයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය නිවසේ සිටිමින් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 25 August 2021
සියලුම ආර්ථික මධ්‍යස්ථාන 28, 29 දෙදින විවෘත කරයි සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින තොග වෙළෙදාම සඳහා පමණක් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි 25 August 2021
රිෂාඩ් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයකුට තර්ජනය කර අපහාසාත්මකව බැන වැඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ විභාග කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 25 August 2021
කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු දෙනාගේ වැටුප කොවිඩ් අරමුදලට කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් සිය මාසයක වැටුප රජයේ කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී. 25 August 2021
පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්න පක්ෂ නායක රැස්වීමක් 2 වැනිදා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන 2 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. 25 August 2021
කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට තම මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාගයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 25 August 2021
රිෂාඩ් වෙනම සිර මැදිරියකට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 August 2021
කොරෝනා බඩු මල්ලටත් සීමා කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇත. 25 August 2021
’කොරෝනා’ පරදන්න ඉන්දියාවෙන් තවත් එන්නතක් ’සිඩුස් කැඩිලා’ ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දුන් ’ඩී.එන්.ඒ.’ වර්ගයේ නව ප්‍රතිශක්තිකරණ එන්නතට අමතරව, ඉන්දියාවෙන් තවත් ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. 25 August 2021
ඉෂාක් රහුමාන් ගේ මාස දෙකක වැටුප් කොවිඩ් අරමුදලට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත . 25 August 2021
කොළඹ ලක්ෂ 3කට රු: 2000 දීමනාව රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලක්ෂ 3 ක් රුපියල් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 25 August 2021
“වෛද්‍ය උපදෙස් නොමැතිව දරුවන්ට විටමින් සී දෙන්න එපා’’ දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් සී ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය. 25 August 2021
‘‘ගුරු-විදුහල්පති ගැටළුවට සාධාරණ විසඳුමක් දිය යුතුයි‘‘ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසදුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටුව සිය වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත . 25 August 2021
චීන රතු හමුදාවෙන් ත්‍රිවිධ හමුදාවට එන්නත් ලක්ෂ 3ක් චීන යුද හමුදාව ‘සයිනෝෆාම්’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්රදානය කළ බව කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 August 2021
සෞඛ්‍ය සේවකයින්ට හුස්මක් ගන්න ඉඩදෙන්න රටේ දැන් පවතින ‘කොවිඩ්’ රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රටපුරා යකා නැටීමෙන් වැලකී සෞඛ්‍ය සේවකයින්ට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස සියලුම වෘත්තීය සමිති නායකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය. 25 August 2021
‘‘රට මේ ආකාරයට වසා තැබීම හොඳයි‘‘ රට තුළ නිරෝධායන ඇඳුරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත් කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 25 August 2021
විටින් විට වැස්ස ඇති වේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්,ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ දී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2021
තණමල්විල පොලොව හෙල්ලෙයි තණමල්විල ප්‍රදේශයෙන් අද (24) රාත්‍රී 9.20 ට පමණ සුඵ භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. 25 August 2021
අජිත් රෝහණට කොරෝනා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි . 25 August 2021
අනාරක්ෂිතව පාරේ ගිය 705ක් අල්ලයි නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 705 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 25 August 2021
පරිභෝජනයට සුදුසු නැති සීනි තොගයක් පිටකොටුවෙන් අල්ලයි පරිභෝජනයට නුසුදුසු සුදු සීනි කිලෝ 50 මිටි 200 ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදී ලොරි රථයේ රියැදුරු හා සහායක ද සමග පිටකොටුව යොවුන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 25 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026