
(ප්‍රසන්න පද්මසිරි)
වසර 80,000 පෙර මෙරට ඇති වූ උල්කාපාත වාර්ෂාවකින් මියගිය බවට සැක කරන ශ්‍රී ලංකාවේ ජිවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිසි කබල් ඇතුළු අස්ථි කොටස් මඩොල්සිම හා රිලාඋළු කඳු පාමුල ලුණුගල වෙල්යායක අඩි 80ක් යට මැණික් පතලක මිහිදන්ව තිබෙන බව පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසයි.
1996 වසරේදී පතල්කරුවන්ට විශාල සත්ත්ව හිස් කබල් සහිතව හමුවූ පොසිල පිළිබඳ විද්‍යාඥයන් සිදු කළ පරික්ෂණයකින් පසු ඒවා ප්ලයසිටෝනසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස් බවට හඳුනාගෙන තිබේ.මෙවැනි පෞරාණික වටිනාකමක් ඇති සත්ත්ව කොට්ඨාසයක තොරතුරු හමුවී වසර 26ක් ගෙවි ගියත් ඒවා සියල්ල ගොඩට ගැනිමට අදාල ආයතන මෙතෙක් ඉදිරිපත් නොවූ බව ප්‍රාදේශවාසීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔයිට වැඩිය ප්‍රශ්න තියෙනවා. ගෙදරට අවශ්‍ය කිරි පිටි, හාල්, ගෑස් හොයාගන්න පෝලිම්වල ඉන්න තියෙනවා.
එහෙම්ම තිබුණාවේ... ගොඩගත්තොත් එව්වත් චීනෙට විකුණයි. දැනටත් රහසේම පුරාවස්තු වගයක් චීනෙට පටවලා තියෙන්නේ.. විශ්ලේෂණයට කියලා. මේවා ගොඩගත්තොත් මේවත් යන්නේ එහෙට තමයි.
අපේ රටේ මොනවා හොයාගත්තත් කිසිම වටිනාකමක් දන්නෙත් නෑ. ඒවායේ ඉන්න අය අගය කරන්නෙත් නෑ. දැක්කනේ කොරෝනා බෙහෙත් හොයාගෙන වෙච්චි දේ..? පිටරටවල් මොනවා හොයාගත්තත් අපේ අය ඉහළින්ම පිළිගන්නවා. හදන්න ඉස්සරවෙලා ඕඩරුත් කරනවා...
ඕක මේ වෙලාවේ මතක් කළේ කුමටද? බේබිලා විසින් ස්කොඩ් එකක එවලා ඕක අරගෙන ගිහින් පිටරට පටවයි..
මට කැලණියේ නාගරාජයා මතක් වුණා.