හමුදාපතිගෙන් ජනතාවට හොඳ සහතිකයක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේදී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට ස්තූතිවන්ත වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 24 August 2021
අත්‍යවශ්‍ය සේවා බෝඩ් හොරට ගහලා වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිල මුද්‍රාව හොරට යොදා ව්‍යාජ ලෙස අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කර මුදලට විකුණු තිදෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 24 August 2021
මංගලගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සොව පළ කරති හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් තාන්ත්‍රිකයන් රැසක් සිය කනගාටුව පළ කර ඇත. 24 August 2021
බගවන්තලාව කොරෝනා අතරමැදි මධ්‍යස්ථාන වසා දමයි බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පියවර ගෙන ඇත. 24 August 2021
මාතර වැසියෝ මංගලගේ අභාවයට සංවේගය පළ කරති හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයෙන් ශෝකයට පත් මාතර නගර වාසීහු මතර නගරයේ සුදු කොඩි ඔසවා සිය සංවේගය ප්‍රකාශ කළහ. 24 August 2021
රිෂාඩ්ගේ තර්ජනය ගැන 13 දෙනකුගෙන් ප්‍රකාශ ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය . 24 August 2021
මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරති. මෙරට දේශපාලන ක්ෂේත්රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත. 24 August 2021
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් සහනයක් සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් මුදා හැර ඇත. 24 August 2021
කොවිඩ් මරණ තවත් 190ක් කොවිඩ් ආසාදිතවූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 August 2021
කොවිඩ් වැළඳුණු දරුවන් බිලිගන්න ’’නිහඬ මාරයා’’ හිස ඔසවයි කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් දරුවන්ට ’’නිහඬ මාරයා’’ යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්වයක් ( Silent hypoxia) හටගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර විශේෂඥ වෛද්‍ය නලින් . සී. කිතුල්වත්ත මහතා පැවැසීය. 24 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 August 2021
ශ්‍රී.ල.නි.පයෙන් කොවිඩ් අරමුදලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් කොවිඩ් අරමුදලක් පිහිටුවීම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද(24) සිදුකෙරිණි. 24 August 2021
රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරටත් කොවිඩ් වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත. 24 August 2021
“රට වසා නොදැමීමට තීරණය කළ අවස්ථාවේ විමල්, ගම්මන්පිල, වාසු එහි සිටියේ නැහැ’’ රට වසාදැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් එහි නොසිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 24 August 2021
“සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ දරුවන්නට ලබානොදෙන්න’’ සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙසත් වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව දරුවන්නට ඖෂධ ලබානොදිය යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය. 24 August 2021
අධිවේගයේ ආදායම එක්කෝටි හතළිස් ලක්ෂයකින් බැහැලා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අධිවේගී මාර්ගවල ආදායම දළ වශයෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකින් පමණ පහත බැස ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 24 August 2021
පෑලියගොඩ-නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙදුන්ගෙන් පිරෙයි පෑලියගොඩ මැනිං සහ මාළු වෙළෙඳපොල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (24) පෙරවරුවේ විවෘත කළ අවස්ථාවේදී භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙදුන් විශාල පිරිසක් පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය. 24 August 2021
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් දිවයිනට කිලෝමීටර 800ක් පමණ දුරින් වූ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 5.1ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇතැයි වාර්තා වේ. 24 August 2021
“පොස්පේට් නිධියෙන් කාබනික පොහොර නිපදවීම කඩිනම් කරනවා’’ එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිෂ්පාදනයට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 24 August 2021
දුප්පතුන් හඳුනා ගැනීමට සෙන්දිල් තොණ්ඩමන්ගෙන් යෝජනාවක් කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා රජයට නව ක්‍රමවේදයක් යෝජනා කරයි. 24 August 2021
හදිසි හා අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයට කැදවයි කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන 31 වැනිදා තෙක් හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 August 2021
ගම්පහ කොවිඩ් එන්නත් ලබා නොගත් 60ට වැඩි 16,677ක් ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 16,677 දෙනෙකු මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන නොමැති බවත් ඔවුන් සොයා ගොස් එන්නත ලබා දෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. 24 August 2021
ලංකාදිප පාඨකයන් දැනුවත් කිරීමයි සේරුවාවිල විහාරස්ථානය පිළිබඳව ලංකාදී වෙබ් අඩවියේ 2016 මැයි මස 8 වැනි දා පළ වූ පුවතක් අද (අගෝස්තු 24 වැනි දා) පළ කළ පුවතක් ලෙස අන්තර්ජාලය හරහා කිසියම් පිරිසක් අප පාඨකයන් නොමග යවමින් ප්‍රචාරය කර ඇති බව අප පාඨකයෝ අප දැනුවත් කළහ. 24 August 2021
ඛනිජ තෙල් ආශ්රිත නිෂ්පාදන ණය පදනම මත ගන්න සාකච්ඡා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගියදා සාකච්ඡා කළේය. 24 August 2021
ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇරඹෙයි ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 24 August 2021
“සංචාරකයින්ට - ආයෝජකයින්ට සංචරණ ඇඳිරි නීතිය බලපන්නේ නැහැ’’ සංචාරකයින්ට සහ ආයෝජකයින්ට සංචරණය ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම ක්ෂේත්රවලට කටයුතු කිරීමට අවසර ලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය. 24 August 2021
ඇමති පියල්ගේ වැටුප ‘කොවිඩ්’ අරමුදලට දෙන්න බෑලු කඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සිය පාර්ලිමේන්තු වැටුප ඇපයට තබා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් ලබාගෙන තිබීම නිසා ඒ මහතාට ‘කොවිඩ්’ අරමුදලට වැටුප පරිත්‍යාග කළ නොහැකි වී තිබේ. 24 August 2021
දියර ඔක්සිජන් සපයන්නැයි චීන රජයට ඉල්ලීමක් වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන රජයේ සහාය ඉල්ලා ඇතයි විදේශ අමාත්‍යාංශය කියා සිටී. 24 August 2021
තවත් පාසල් සිසුවියක් කොවිඩ් මාරයාට බිලි නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගියාය. 24 August 2021
රජයේ වාහන 5,500ක් කොට උඩ රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. 24 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026