සුරාබදු ප්‍රධානියාගෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට පොලිස්පතිවරයාට ලිපියක් සුරාබදු නිලධාරීන් නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ රාජකාරි කිරීමට අවසර ලැබෙන ක්ෂේත්‍ර නිලධාරීන් යටතට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඇතුළත් නොකිරීම නිසා එම නිලධාරීන්ට පොලිස් මාර්ග බාධකවලදී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය. 23 August 2021
කොළඹ තොග කඩ විවෘත කරයි සෞඛ්‍ය මාර්ගෝප දේශ අනුව කොළඹ කොටුව තොග කඩ සියල්ල අද දින විවෘත කළේය. 23 August 2021
කොවිඩ් අරමුදලට සිදු වූ දේ හෙළි කරන්න කොිඩ් අරමුදල පිළිබද කිසිදු විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙන් එයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් හිතන්නට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (23) පැවසීය. 23 August 2021
‘කොවිඩ්’ සඳහා සේවය කරන්න ‘රට රකින ජන හඬ’ පෙරට නාරාහේන්පිට අභයාරාමය යන ලිපිනයේ ස්ථාපිත ‘රට රකින ජන හඬ’ සංවිධානය සෞඛ්‍ය කාර්ය සාධක බලකායක් හරහා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළු සමස්ත ජනතාවට සේවය සැපයීමට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය කියයි. 23 August 2021
ජල බිල්පත් ගැටලු විසඳන්න දුරකථන අංකයක් ජල බිල්පත පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම් එය සෘජුවම මනු සටහන්කරුගෙන් විමසීමෙන් තොරව 1939 ක්ෂණික දුරකථනයට ඇමතීමෙන් හෝ බිල්පතේ ගිණුම් අංකය 0719399999 අංකයට කෙටි පණිවිඩයක් ලෙස යොමු කිරීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකරු (සාමූහික සන්නිවේදන) සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා පවසයි. 23 August 2021
පොලිස් මාර්ග බාධාකයේ දි කුඩු පැකට් ගිල්ල හමුදා සැරයන් අල්ලයි මොරටුව එගොඩ උයන පොලිස් මාර්ග බාධකයේ දී පොලිසියට අසුවේ යැයි බියෙන් කුඩු පැකට් හතරක් ගිල දැමීමට උත්සහ කළ බව කියන යුද හමුදා සැරයන් වරයකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 August 2021
කැණීම් හා වෙළෙඳ බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය විසින් නිකුත් කර ඇති කැණීම් හා වෙළෙඳ බලපත්‍ර අතරින් අලුත් කිරීම සඳහා අයදුම් කර ඇති හා 2021.08.01 දින සිට 2021.09. 30 දින අතර කාලය තුළ අවලංගුවීමට වීමට නියමිත බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 23 August 2021
කොළඹ වරායේ බටහිර පර්යන්ත ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ ඉන්දීය රුපියල් කෝටි 5000 ක පමණ දැවැන්ත මුදලක් වැය කරමින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන දෙසැම්බර් මස ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. 23 August 2021
විදේශ ඇමති ඉන්දියාවට තුති පුදයි ශ්‍රී ලංකාව වෙත ඔක්සිජන් ටොන් 140ක ප්‍රමාණයක් කඩිනමින් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයට ස්තුතිවන්ත වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 23 August 2021
කොළඹට ජනයාගේ පැමිණීමේ පැහැදිලි අඩුවක් අත්‍යාවශ්‍ය සේවා සඳහාත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට අවම ප්‍රමාණයෙන් සේවකයන් කැඳවීමටත් රජය අවසර දී තිබුණද කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල නගරවලට ජනතාව පැමිණීමේ පැහැදිලි අඩුවක් අද (23) දක්නට ලැබුණු බව පොලිස් මූලස්ථානය පවසයි. 23 August 2021
යොහානිගේ ‘‘මැණිකේ මාගේ හිතේ‘‘ ගීතය යූ ටියුබ් ජාලය කළඹයි යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 5 කට අධික සංඛ්‍යාවක් අද (23) පස්වරුව වන විට නරඹා තිබේ. ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය 51,827,625 ක් නරඹා තිබීම කැපී පෙනුණි. 23 August 2021
“අත්අඩංගුවට ගත් වෙබ් අඩවි මාධ්‍යවේදියාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්න’’ පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදියා සම්බන්ධයෙන් නියමිත නීතිමය ප්‍රතිපාදන යටතේ පරීක්ෂණයක් කර ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධානය එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. 23 August 2021
ඇමෙරිකා තානාපතිනිය නව විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 23 August 2021
රට වැසීමේ ප්‍රතිඵල එන්නේ තව සති දෙකකින් නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එකවර අඩු නොවීම ගැන කිසිවකු කලබල විය යුතු හෝ මානසික වශයෙන් ඇද වැටිය යුතු හෝ නැති බවත් රට වැසීමේ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට අඩු තරමින් තව සති දෙකක්වත් ගත වනූ ඇති බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. 23 August 2021
ශ්‍රී.ල.නි.පයේ පා.මන්ත්‍රී වැටුපත් පරිත්‍යාග කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මෙම මස මන්ත්‍රී වැටුප සෞඛ්‍ය අංශ හා කොවිඩ් වසංගත තත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 August 2021
ස.ජ.බ පා.මන්ත්‍රීවරුන්ගේ වැටුප පරිත්‍යාග කරයි කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව මුදා ගැනීමට රෝහල් උපකරණ ලබා ගැනීම සදහා සිය වැටුප පරිත්‍යාග කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23) තීරණය කරනු ලැබීය. 23 August 2021
“රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවෙලා’’ රුධිරය සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩු මට්ටමකට පත් වීමෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය. 23 August 2021
බදියුදීන් ගැන බන්ධනාගාරයෙන්ද විශේෂ පරීක්ෂණයක් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයෙකුට තර්ජනය කර අපහාසාත්මකව බැන බැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙ බන්ධනාගාරයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් ඡන්දයක නායක මහතා පවසයි. 23 August 2021
පොලිස් කොස්තාපල් කුඩු සමග අල්ලයි නොච්චියාගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්කුඩු මිලිග්රැම් දෙසීයක් සමග දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 23 August 2021
හුස්මට ශක්තියක් අරන් අපේ ‘‘ශක්තියත්‘‘ කොළඹ වරායට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ’ශක්ති’ නෞකාව කොළඹ වරායට අද උදෑසන පැමිණියේය. 23 August 2021
කසිප්පු මුදලාලි පොලිස් ත්‍රිරෝද රියේදි මැරුට නීති විරෝධී මත්පැන් සමග අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලිසියට රැගෙන එන අතරතුරදී ඇතිවූ රෝගී තත්වයක් මත මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි. 23 August 2021
විහාරාධිපති ජිප්රියෙන් අරක්කු පැන්නූ අයෙක් දැලේ මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ අධිසුඛෝපබෝගි ජිප් රථයෙන් අරක්කු බෝතල් 25 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් මැණික්හින්න පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබීය. 23 August 2021
කොරෝනා නීති කැඩූ 502ක් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 502 කු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 23 August 2021
ඩෙල්ටා වයිරසයෙන් තවත් විකෘතියක් සොයාගනී. ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය. 23 August 2021
කොරෝනා මරණ 183ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 August 2021
දඬුවම ගිහිල්කරන්නැයි ධනුෂ්ක සහ කුසල් ඉල්ලති එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දඩුවම ගිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. 22 August 2021
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට අවසර සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 22 August 2021
බදියුදීන් බන්ධනාගාර වෛද්‍යවරයාට පාට් එකක් දාලා පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 22 August 2021
2000 සුදුස්සන්ගේ නාම ලේඛනය හදා අවසන් නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 22 August 2021
වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. 22 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026