
(ප්‍රසන්න පත්මසිරි)
යතුරු පැදිය අනතුරට ලක්ව බරපතල තුවාල ලබා සිහිසුන්ව හාලිඇල-බණ්ඩාරවෙළ මාර්ගයේ උඩුවර වෙළට වැටී සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක් අනතුර සිදුව පැය කීපයකට පසු පොලිසිය විසින් රෝහල්ගත කරනු ලැබීය.
හාලිඇල-බණ්ඩාරවෙළ මාර්ගයේ යතුරුපැදියෙන් ගගමන් කරද්දී උඩුවර වෙල්යාය ප්‍රදේශයේදී බල්ලකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පසු සිහිසුන්ව සිට යුද හමුදා කෝප්රල්වරයා මිය ගිය බවට සැක කළ ප්‍රදේශවාසීන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර නැත.
අනතුරින් පැය කිපයකට පසුව එම ස්ථානයට පැමිණි හාලිඇල පොලිස් නිළධාරීන් තුවාලකරු ගැන විපරම් කිරීමේදී සිහිය ඇති බවට අවබෝධවීමත් සමග තුවාලකරු බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.
දියතලාව යුද හමුදා කදවුරේ සේවය කරන මෙම කෝප්‍රල්වරයා අද පෙරවරු 6.00 පමණ මෙම අනතුරට ලක්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න කවුරුවත් කැමැති නැහැ දැන්...