(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු කළාපයේ නාවික අභ්‍යාසයක නිරත වූ ජර්මාන් සහ ජපන් නාවික හමුදාවන්ට අයත් නෞකා නාවික අභ්‍යාසය අවසන් කර පිටත්ව ගියේය.

මෙම නෞකා නිල සංචාරයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්ට පසුගියදා සේදුන් වූ අතර මෙම නෞකා දිවයිනේ රැදී සිටි කාල තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් රැසකට සහභාගි විය.

ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමග බටහිර මුහුදු කළාපයේදීත්, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමග නැගෙනහිර මුහුදු කළාපයේදීත් ඒකාබද්ධ නාවික අභ්‍යාසවල නිරත විය.