
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී ඊයේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් සිවුදෙනකු හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු සිවුදෙනා අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක්, පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදියෙක්, නර්තන කණ්ඩායමක ශිල්පියෙක් සහ තවත් පුද්ගලයෙක් වෙති.
මෙම පරීක්ෂණ වටය ක්‍රියාත්මක කරනු ලැබූවේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පදනම් කරගෙනය.
මෙම උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්...! බෝ වෙයන් දෙයියනේ...! වඩාත්ම සුදුසු අයටම...!