(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම්  අද යළි සලකා බැලීම අද (19) යළි  සිදුකෙරිණි.

කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ  කොටස් ඇමරිකානු සමාගමට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජුලි මස 05 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණීය යන පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ අද (19) මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු, ධර්මායතනාධිපති  ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන පිරිය මෙම පෙත්සමක් ගොනු කරනු ලැබ සිටිති.

මෙහි වගඋත්තරකරුවන් ලෙස  අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්, බලශක්ති අමාත්‍යාංශ ලේකම්, මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපති, ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කළමණාර අධ්‍යක්ෂ, වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ නිතිපතිවරයා ඇතුළු 54 දෙනෙක් එහි වගතුත්තර කරුවෝ ලෙස නම්කරනු ලැබ සිටිති.