
(යොහාන් භාසුර)
විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව ද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් අද (19) පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාල සටහන් ඇඳ ඇඳ ඉන්නේ නැතිව මේ ප්රශ්නය විසඳගන්න බලන එකයි හොඳ. විදුලිබල මණ්ඩලය ඇතුලේ ඉන්න තක්කඩින්ටත් මේක හොඳ වාසියක්...
ඒක හොඳයි..., එතකොට අපිට පුළුවන්නේ විදුලිය නැති වෙලාවට වෙන පළාතකට ගිහින් ඉඳලා එන්න. ටිකිරි මොලේ තරම තමයි.
නහින දෙහින කාලේ යන තැනකට පිනක් දහමක් කරගන්නේ නැතිව පව් පුරවා ගන්නවා. තණ්හාව ඉහවහා ගිය හැකි හොල්මන්... මේ වගේ අමනයින් එක්කද රටක් දියුණු කරන්න යන්නේ...?
ඔය කාලසටහන රෝල්කරලා ගහගන්නවා. අපිටත් අද 3 ඉඳලා පැය 2කට ආසන්න කාලයක් කරන්ට් නෑ. ඒකවත් හරියට කියනවලා. කෙබර ඇදබාන්නේ නැතුව. ගෙදරට වෙලා ඉන්න ඕන පප්පලා දාගෙන කරන දේ දන්නෙත් නෑ. කියන දේ වෙන්නෙත් නෑ...
හොඳටම කරනවනේ. කවදා ඉඳන්ද ඉතුරු අවුරුදු තුන පටන් ගන්නේ?
ඇයි මෙයාමනේ කිව්වේ විදුලිය කපන්නේම නෑ කියලා. ඇයි දැන් කපන්නේ? කොයි තරම් වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ...
දැන්වත් අපිව අමාරුවේ නොදමා මූල්‍ය අරමුදලට ගොස් පොහොර සහ ඉන්ධන වලට අවශ්‍ය මුදල්වත් ලබාගන්න. නැතිනම් තව මාස 2,3 කින් විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා.
අනේ එහෙනම් කමක් නැහැ. මොන දේ වුණත් පිළිවෙලට විදුලිය කපන නිසා කිසිම අවුලක් නැහැ. පිළිවෙලයිනේ..!
මේ රජයෙන් කාලසටහනක් අනුව, ක්‍රමානුකූලව කරන්න යන්නේ විදුලි කප්පාදුව විතරයි. එයවත් හරියට කරයිද යන්න සැක සහිතයි.
හොර ගෙඩියා .කොච්චර දක්ෂයෙක්ද? අපි දන්නවා සර් ට වඩා හපන් ගෝලයෝ ටික කියලා. මතු උපදින බවයෙත් ඇමති කෙනෙක්ම වේවා