මුදලිගේ වෙනුවෙන් වන්නියලා ඇත්තෝ කතා කරයි
“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වැරදක් කරලා තියෙනවා නම් දඩුවම් කරන. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රදවාගෙන දඩුවම් කළ යුතු නැතැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, පැවැසීය.