චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි . 11 September 2022
වෑන් රිය ප්‍රපාතයේ:කතක් මරුට:හයක් රෝහලට කැප්පෙටිපොල බැලුන්ගල ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි. 11 September 2022
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2022
කුඩු අල්ලන්න ගිය පොලිසියට කුඩ්ඩන්ගෙන් ප්‍රහාරයක් මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී පිරිසක් එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත. 11 September 2022
රාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයි රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 10 September 2022
කැබිනට් තව ඇමැතිවරු 12 පත් කරයි? කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 10 September 2022
පිනට ඇරපු හරක් රැළක් ගැන අනුර කුමාර කියයි රජයේ ඇමති මණ්ඩලය හන්දි වල සිටින පිනට ඇරපු වහු (වස්සන්) කණ්ඩායමක් වගේ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 10 September 2022
බඩඉරිඟු ගොවියාටත් යූරියා දෙන්න යයි බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 September 2022
විදුලිය - ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගතකරනය ගැන සාකච්ඡා විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීමට ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 10 September 2022
සමන්තා පවර් කුඹුරට බසී තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය. 10 September 2022
රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. 10 September 2022
මවු රැජිනියනි ස්තුතියි දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුතු තෙවැනි චාල්ස් රජු ජාතිය ශෝකයට පත් බ්‍රිතාන්‍ය වැසියන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද ආමන්ත්‍රණය කළේය. 10 September 2022
අයි.එම්.එෆ් වාර්තාව ගැන මැතිසබා විවාදයක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 10 September 2022
අලුත් දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 18 ක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ. 10 September 2022
පාර්ලිමේන්තු පොලිසියේ ’’මොරාල්’’ වැඩි කරන්න අලුත් වැඩක් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරින්ගේ මානසික ශක්තිය වර්ධනය කිරිම සඳහා විශේෂ වැඩ සටහන් මාලාවක් එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත. 10 September 2022
ඇඟලුම් රැක ගන්න ජනපති ලේකම් අත ගසයි රටට විශාල ආදායමක් ගෙන දෙන ඇඟලුම් ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 10 September 2022
මව සහ දියණිය කපා කොටා මරා දමයි බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පිල් වතු ගම්මානයේ නිවසක ජීවත්වු මවක හා දියණියක නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 10 September 2022
ගමේ මන්ත්‍රීවරියන් සියයකට පාර්ලිමේන්තුවෙන් අත්වැලක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න පිරිසක් වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ ඇත. 10 September 2022
වෑන් යතුරු පැදි ගැටී තුනක් මරුට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරු පැදි තුනක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 10 September 2022
පවර් දිවයිනට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ආධාර වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය තෙදින නිල සංචාරයක් සදහා අද උදෑසන , කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියාය. 10 September 2022
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2022
මන්ත්‍රී සැප ’’ තව වැඩි කරගන්න යයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. 10 September 2022
කොළඹ ආහාර අහේනිය නරකම අතට කොළඹ ආහාර උද්ධමනය( ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි. 10 September 2022
බෝම්බයක් අතේ අරන් පාරෙ ගිය අයෙක් අල්ලයි විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අතතැතිව බුලත්සිංහල කල්ලුමලේ මාර්ගයේ සැරිසැරු පුද්ගලයෙකු අද (9) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 09 September 2022
ළහිරු වීරසේකර අත්අඩංගුවට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 09 September 2022
රාජ්‍ය ඇමැතිවරුන්ට සැලකිය යුතු විදිය ගැන ජනපති ලේකම් ලිඛිත උපදෙස් දෙයි රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද (09) ලිඛිත උපදෙස් ලබා දී තිබේ. 09 September 2022
විසර්ජන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය. 09 September 2022
සංවර්ධනයට බාධා වන චක්‍රලේඛ සංශෝධනයට අණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 09 September 2022
පුද්ගලයෙක් ඝාතනය කර සැඟව සිටි දෙදෙනෙක් අත්අඩංගුවට පිටිගල නියාගම ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර අලුත්ගම ලැගුම්හලක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවියත් සමඟ අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි. 09 September 2022
කිලෝ 198ක කුඩු නඩුව අවසන් වන තෙක් විත්තිකරුවන් රිමාන්ඩ් ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය අවසන් වනතුරු සියළු විත්තිකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය. 09 September 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026