IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි

(අංජුල මහික වීරරත්න)

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීම  සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතෙහි ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට පරිවර්තනය කර ඇත. ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු නියාමනය කිරීම, ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම හා ප්‍රමිතිකරණය කිරීම මෙම පනතෙහි ප්‍රධාන අරමුණ වේ.

ඉදිකිරීම් සංවර්ධන පණත බලාත්මක කිරීම තුළින් ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට නෛතික පිළිගැනීමක් ලැබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා පසුගිය (27) වෙනිදා මීට අදාළ චක්‍ර ලේඛයක් මෙරට සියලුම රජයේ අමාත්‍යාංශ සහ පළාත් සභා වෙත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යොමු කර ඇතැයි ද කීවේය.



අදහස් (1)

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි

sharm warn Thursday, 02 February 2023 02:18 PM

ප්‍රවර්ධනය, සහන සැලසීම, පනත් බලාත්මක කිරීම, නියාමනය, විධිමත් කිරීම, ප්‍රමිතිකරනය. . හැමදාම අහලා අහලා අප්‍රසන්න වෙච්ච කුනු වෙච්ච වචන සෙට් එක නම් ගිරව වගෙ කියන්න දන්නවා.. ඉදකිරීම් ක්ශේත්‍රයේ නියුතු අයට ඔන ගොඩනැගිලි ද්‍රරව්ය පහසු මිලට ලබා ගැනිමයි. ඉදි කිරීම් කර ගනන් බලාගෙන ඉන්න පාරිභෝගිකයන්ට ඔන නියාමනය කරපු ගාස්තුවක් යටතෙ තමන්ගෙ ගොඩනැගිලි ඉදි කරව ගන්නයි.. එ දෙක නොවී මෙ වෙන බයිලා මොනව කිව්වත් ඇති දෙයක් නෑ..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site