
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්ථාවෙයි.
නරුවිල්කුලම් වෙරල ආසන්නයේ පෞද්ගලික් කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉදිකරමින් ඇති සුලං විදුලි බලාගාරයට අයත් කුළුණු 6 ක් ඉදිකරමින් තිබූ අතර එහි එක් කුළුණක කොටසක් දොඹකරයක් මාර්ගයෙන් පසුගියදා ඔසවා සවිකිරීමට යාමේදී එකවරම සුළං විදුලි කුළුනේ කොටසක් දොඹකරයක් මතට කඩා වැටී ඇත.
එලෙස කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නැතත් කුළුණේ කොටසක් දොඹකරය මතට වැටුන අවස්ථාවේදී දොඹකරය හසුරවපු පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් ඔහු සුලු තුවාල පමණක් ලබා බේරී ඇති අතර දොඹකරයට බරපතල හානි සිදුව තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට සුලං විදුලි කුළුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මේ මස අවසානයේදී නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද වාර්ථා වෙයි.


2025 නොවැම්බර් මස 04
15
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි