IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාංචුත් එක්ක පැන ගිය සැකකරුවෝ අත්අඩංගුවට

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

සුරාබදු ආරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදි මාංචු කුට්ටමද සමග පලාගියා සැකකරැවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ඔහුගේ නිවසේදි අද (02)දින අත්අඩංගුවට ගත් බවත් අනෙකා පැමිණ භාරවු බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පැවසිය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ නොච්චියාගම,බෝගස්වැව ප්ර.දේශයේ පදිංචි වයස අවුරැදු 18 තරැණයෙකි.ඔහු සන්තකයේ තිබු මාංචු කුට්ටමද සුරාබදු නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.එම ප්රඩදේශයේම පදිංචි අනෙක් 24 හැවිරිදි සැකකරැ සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පිහිටි විශේෂ මෙහෙයුම් කාර්යාලයට පැමිණ බාරවි තිබේ.

 සුරාබදු විශේෂ හෙහෙයුම් ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් මොවුන් මත්කුඩු පානය කරමින් සිටියදි නොච්චියාගම බෝග්සවැව ප්රනදේශයේදි අත්අඩංගුවට ගෙන ජිප් රථයකින් අනුරාධපුරයට රැගෙන යමින් සිටියදි  සිංහාරගම ආසන්නයේදි මාංජු පිටින් පෙරේදා (31) දින රාත්රින පලාගොස් තිබුණි.

සැකකරැවන් අද (02)දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව එක් අයෙකුට රැපියල් හත්දහසක දඩයක් නියමවු බවත් එම දඩ මුදල් ගෙවිමෙන් අනතුරැව ඔවුන් මුදාහැරිය බවද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරිහු පැවසුහ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතාගේ උපදෙස් මත සුරාබදු පරික්ෂක අමිල සේනානායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් විසින් සැකකරැවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලහ.



අදහස් (0)

මාංචුත් එක්ක පැන ගිය සැකකරුවෝ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site