උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 27 November 2025
අද හෙට උසස් පෙළ නොපැවැත්වේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි. 27 November 2025
පහළ කඩුගන්නාවෙන් පාර යළි වහයි නැවත දැනුම් දෙනතුරු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද(26) රාත්‍රී 10 සිට යළිත් වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 27 November 2025
ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගය තාවකාලිකව වහයි විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවදානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි. 26 November 2025
හල්දුම්මුල්ලේ පවුල් 111 ක් නිවෙස්වලින් ඉවතට පවතින අධික වැසි සමඟ නායයාමේ අවදානම නිසාවෙන් පස්සර ,හපුතලේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 111ක සාමාජිකයන් 301 ක් අද (26) පස්වරුවේ මීට සුලු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 26 November 2025
සිනමාවේ නොවිසඳුන ගැටලු වලට ජනපතිගෙන් විසැඳුම් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 26 November 2025
රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සීමාකරයි වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ආපදා තත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස ප්‍රධාන මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අද (26) සිට නැවත දැනුම්දෙනතුරු සීමාකිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පැවසීය. 26 November 2025
බදුල්ල - කොළඹ පාර හපුතලෙන් අවහිර වේ පවතින වර්ෂාව සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ නගරය ආසන්න ප්‍රදේශයේදී අද පස්වරුවේ පස් කන්දක් කඩා වැටී සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලිසිය පැවසීය. 26 November 2025
අම්පාරට ගංවතුර අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ඇතුලු ප්‍රධාන වැව් හතක් ජලයෙන් පිරෙන්නට පටන් ගෙන ඇති අතර කලුගල්ඔය වැව වාන් දමමින් පවති . 26 November 2025
සජබ තීරණය එජාපය පිළිගනියි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී. 26 November 2025
බඩ ඉරිඟුවලට සහතික මිලක් නිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩ ඉරිඟු සඳහා සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 26 November 2025
කුඩු සමග ඇල්ලූ සජබ අපෙක්ෂක ඇතුළු පිරිස රිමාන්ඩ් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයටත් ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් කිලෝ 300කට අධික මත්ද්‍රව්‍ය තොගය ආනයනය , සන්තකයේ තබා ගැනීම , ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කල සමගි ජන බලවේගය පක්ෂයේ පන්නල සඳලංකා හිටපු පළාත් පාලන අපේක්ෂක ඇතුළු සැකකාර ධීවරයන් හත් දෙනා ලබන 09 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 26 November 2025
හලාවත දුම්රිය අනතුරින් අයෙක් මරුට කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද දහවල් කාළයේදි කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 26 November 2025
මහනුවර - මහියංගන පාර භාවිතා කරන්න එපා ( මොහොමඩ් ආසික්) මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදු වන බැවින් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 26 November 2025
නුවරඑළියට ගංවතුර මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ පහත්බිම් රැසක් අද සවස ජලයෙන් යට විය. 26 November 2025
විදෙස් සංචිත ගැන නන්දලාල් කරුණු පහදයි මෙම වසර අවසානයේදී මෙරට දළ විදෙස් සංචිතවලට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක් එකතු වනු ඇති බවත් ඒ අනුව ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා කළ ඉහළම දළ විදෙස් සංචිත ප්‍රමාණයට මෙම වසර අවසානය වනවිට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 26 November 2025
දෙහිබාලේ මල්ලීගේ කෝටි 25ක දේපොළ තහනම් විදේශග තව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධ වල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපල තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 26 November 2025
බෝඹුරු ඇල්ල වහයි පවතින අධික වර්ෂාවත් සමඟ බෝඹුරුදිය ඇල්ල නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයන්ට තාවකාලිකව තහනම් කරමින් බෝබුරුදිය ඇල්ල මාර්ගය වසා දැමීමට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා අද (26) පොලිසියට නියම කලහ. 26 November 2025
බල්ලෙක් හැප්පු කාන්තාව දින 14ක් රිමාන්ඩ් කාන්තාවක් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවක දෙසැම්බර් මස 9 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය. 26 November 2025
පොල්ගසක් කඩා වැටී තරුණයෙක් මරුට ගොකරැල්ල ඉහළ වල්පොල මාර්ගයේ යතුරු පැදියක ගමන් කළ තරුණයකු මතට පොල් ගසක් කඩා වැටීමෙන් 33 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 26 November 2025
පළාත් තුනක හදවත් රෝගීන්ට සුබ ආරංචියක් මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්රයේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය පිහිටුවීම හෙට (27) සිදු කෙරෙයි. 26 November 2025
අලි වී ගබඩා කඩති දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ වී ගබඩාවක් කඩා ඇතුළු වූ වන අලින් තිදෙනකු එහි ගබඩා කර තිබූ වී ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 26 November 2025
අග්බෝ ඥාතීන් සොයා මහකනදරාවට කුරිරු මිනිසකුගේ වෙඩි පහරකට ලක්ව බරපතල ලෙස තුවාල ලබා වසර දෙකකට අධික කාලයක් කැලේ මැද අනේකවිද දුක් කම්කටොළු විඳ සුවපත් වූ අග්බෝ ඇතා තම රැහේ ඥාතීන් සොයා මහා කනදරා වැව් තාවුල්ලට පැමිණියේය. 26 November 2025
සල්ලි වෙන් කළාට මදි - වැඩ කරන්න ආණ්ඩුව මුදල් වෙන් කිරීම් ගැන උදම් ඇනුවත් ප්රශ්නය තිබෙන්නේ ඒ මුදල් වලින් වැඩ කරනවාද යන කාරණය ගැන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ)පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 November 2025
ආදාහනයට ගෙන ගිය තායි කතට පණ ඇවිත් තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක ආදාහනය කිරීමට නියමිතව සිටි, මියගොස් ඇතැයි සැලකෙන කාන්තාවක් ජීවතුන් අතර සිටියදී කාර්ය මණ්ඩලය විසින් සොයාගෙන තිබේ. 26 November 2025
බෝවතැන්න දොරටු හයක් ඇරේ කන්ද උඩරට ප්‍රදේශවලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවුල බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අද (26) දින පෙරවරුවේ විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය. 26 November 2025
ආණ්ඩුවේ ඩිජිටල් වැඩකාරයෝ එක්කෙනා දෙන්න යනවා ජනාධිපති සහ ඩිජිටල් අමාත්‍යාංශය ඩිජිටල්කරණ වැඩේට උනන්දුවෙන් අත ගසා තිබෙන බව පෙනුණත් ඒ සඳහා පත් කෙරුණු කණ්ඩායමේ එක්කෙනා දෙන්නා ඉවත් වන බව පෙනෙන්නේ යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 November 2025
’’ක්ලීන් ශ්‍රී ලංකා’’ සිරිපා අඩවියට සිරිපා වන්දනා සමයට සමගාමීව සිරිපා අඩවියේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ සැදැහැවතුන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අරමුණෙන් ’ක්ලීන් ශ්‍රී ලංකා’ සහ පරිසර අමාත්‍යාංශය එක්ව දියත් කරන ජාතික වැඩසටහන ආරම්භ විය. 26 November 2025
ජීවන් තොණ්ඩමන්-බිරිය කටුනායකට යුග දිවියට පිවිසී හිටපු අමාත්‍ය , ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ අද(26) උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ . 26 November 2025
ඉදල්ගස්හින්නේ පාරක් ගිලා බසී ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය අද (26) පෙරවරුවේ ගිලා බැස නායයාමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 26 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026